ජාත්යන්තරය නොදුටු පිටි-කිරි
Posted on April 28th, 2022
ජයන්ත හේරත්
ගෝල් පීසේ
දීකිරි පුස්සන්ගේ
කිරි ඉල්ලීම
ජාත්යන්තරය
දැකපු වගක් නැත
දැක,
නොදැක සේ ඉන්නවත් වෙන්න පුළුවන.
තේ, කොෆී වල
කළු
සුදු කරන්නට
අවශ්ය
හරක් කිරි පිටි
මිල වැඩි වීම
ජාත්යන්තරයේ
හොද්ද බොර වීමක් වුනාද දන්නෙත් නැත.
චිත්තරපටියක් වාගේ වුනා නං
ඉල්ලුම වැඩි වෙන්න තිබුණාය,
ආකර්ෂණය කර ගන්නට තිබුණාය
ප්රේක්ෂක හද ඇද බැද ගන්නට
ත්රාස ජනක සීන් තිබිය යුතුය
ගුටි කෙල ගැනීම්
වෙඩි තියා ගැනීම්
බෝම්බ විසි කිරීම්
ලේ වැගිරීම් හා මරණ
ප්රේක්ෂක ආකර්ශනයට
හේතු වේය.
නිකන් බෝම්බ
න්යෂ්ටික බෝම්බ
වීමට අර අදින තරමට
ත්රාසය උපදවන්නේය
මේ වෙලාවේ ජාත්යන්තරයට
ඊට වඩා
ලොකු ප්රශ්න තිබේය
ප්රශ්නය බරපතල වෙන්නේ
ෆයිට් එකේ තරම මතය.
වැගිරෙන ලේ ප්රමාණය,
මැරෙන සංඛ්යාව,
ඉන් ජාත්යන්තරයට ලැබෙන වාසි
ඒ තරම තීරණය කරන්නේය
ප්රශ්න විසඳනවාට වඩා
තව තවත් ප්රශ්න මවා
වවා ගෙන කෑමට
සුදුසු නම්
ඊටත් වඩා හොඳය.
පුටිං -Zeලෙන්ස්කි
වේදිකා නාට්යය
ජාත්යන්තර ප්රේක්ෂක
හද බැද ගත්තේ ඒකය.
ඇමරිකාව
පුටින් -Zeලෙන්ස්කි
දැක්කට
Afghanistan Refugees
Yemen
දැක්කේ නැත.
ගෝල්පීසේ
සංදර්ශනය
පටන් ගන්න තිබ්බේ
පුටිං -Zeලෙන්ස්කි
වේදිකා නාට්යය
රඟ දක්වන්නට කලින්ය.
ජන-මදයෙන් වුනත්
ලොකු support
ලැබුනේ නැත.
ජන-මදයා
හැමදාම කරන්නේ
තමන් කැමති දේ
උලුප්පා
විකිණීමය,
අකමැති දේ
හංගා දමා
හැංගිමුත්තන් සෙල්ලං කිරීමය.
කීප පාරක් පාවිච්චි කල තෙල් වලින් හැදු
බ්රොයිලර් චිකන් කෑල්ලක් එක්ක
පිළුණු බුරියානි
කෑව මේ හොඳටම ඇතිය
අකුලා ගෙන
ගෙවල් වලට යන්නට කාලය ඇවිත් ඇත.
රටේ ප්රශ්න වලට
රජය විතරක් නොව
UNP
SJB
JVPNPP
ප්‍රගතිගාමී
ගුරු, සිසු, ටියුශන් පන්ති,
වෙද, හෙද, ගොවි, කම්කරුවෝද
පූජක තැන්ද
වග කිව යුතුය.
ජන-මදයා
හොර නින්දේ
වුනාට
Island කතෘ ගේ
Sinners stoning sinners
2022 අප්‍රේල් 26 මරේ මරුය.