වෙල් එක්ස්පිරියන්ස්ඩ් මෑන් ගෙන් සල්ලි
Posted on May 27th, 2022

ජයන්ත හේරත්

රනිල් ‘මුදල් අගමැතිය’.

ගිය පාර දුන්නේ පොඩි ගානක්ය.

මෙදා පාර

එක කුටුම්භයකට

රුපියල් ලක්ෂය බැගින්

දෙනවානම්  

මරුය.

මිලියන් 20 ට ම

ලක්ෂය ගානේ දුන්නත්

ඕනා

ට්රිලියන 2 ය.

අච්චු ගසා බෙදුවාම හරිය.

ක්‍රෙඩිට් උනත් ප්‍රශ්නයක් නැත.

ජනතාව ප්රීති ප්රමෝධයට පත් වී

තව දෙතුන් පාරක් 

මුදල් අගමැති ලෙස

රඳවා ගන්නවාට

සැකයක් නැත.

ලෝකය පාලනය කරන්නට

බිය නැතිවාක් මෙන් ම 

කෑදරකම ද තිබිය යුතුමය.

ජපානය

හැම රට වැස්සෙකුටම

යෙන් ලක්ෂය ගානේ දුන්නේ

මෑතකදීය

රටවැස්සෝ ප්රීතියෙන් තියා ගෙන ඉඳීම

නම්බර් වන් ප්රයෝරිටිය වන්නේය.

ඇමෙරිකාව කරන්නේද එයය.

අච්චු ගසන්නේය

බෙදන්නේය

රටවැස්සෝ මීක් කියන්නේ නැත.

ජපානෙට ඇමෙරිකාවට

පුළුවන් නම්

අපට අපේ සල්ලි අච්චු ගහන්න

බැරි හේතුවක් නැත.

අපට තියෙන්නේ

ඇමරිකාව දිහා බලාගෙන

ඇමරිකන් කාරයා

කරන දේ කරන්නය

interest rate එක

අඩු කරන විට

අඩු කරන්නය

වැඩි කරන විට

වැඩි කරන්නය.

බෙදනවිට බෙදන්නය

අච්චු ගහනවිට ගහන්නය.

උඩ පැන පැන  ගහන්නය

ලංකා රුප්යල්

සල්ලි

ලබන ආත්මෙදී

පාවිච්චි කරන්නට බැරිය

ගිනියන්නත් බැරිය

දැන් කරන්නට ඇති දේ

දැන් නොකිරීම

තව තව ප්රශ්න ඇති කරන්නේය.

නැත්තේ සල්ලි නම්

කඩදහි තිබේ නම්

තීන්ත තිබේ නම්

අච්චු ගසා බෙදීම කල යුතුය.

සල්ලි අච්චු ගසා බෙදීමට විරුද්ධ

සියලුම ආර්ථික විශේෂ-ගවයිනට 

කස පහරවල් දී

රටින්

පලවා හැරිය යුතුය.

ලෙඩ ඇතිවීමට

පෙර

ලෙඩ වලක්වාලිම

ඉතාමත් හොඳ සෞඛ්යය ප්රතිපත්තියක්ය,

ලෙඩේ හැදුනට පසු

ප්රතිකාර කර

ගලවා ගැනීමද නරක නැත,

ලෙඩේ අසාධ්ය

වන තෙක් ඉන්නට ගියොත්

ඔපරේෂන් කරන්නට වෙන්නේය 

සාර්ථක වුනොත්

වෙදා ගේ කීර්තිය

දසත පැතිරෙන්නේය.

ලෙඩා මලාට

පසු

කිසි වෙදකමක්

අවශ්ය නැත.

රටක ගැටළු

කල් ඇතුව අවබෝධ කර ගෙන

කලට වෙලාවට

නිවැරදි

ප්රතිචාර දැක්වීම

නායකත්වයේ

නිපුණතාවයි.

මුදල් ඇමතිගේ ඇඳුම වැදගත්ය.

ටයි

කෝට්

මැදපු ෂර්ට්

කලිසම්

බඳ පටිය

හදිස්සියකට මුණ බලන්නට තරමට

පොලිෂ් කල සපත්තුද දා ගත යුතුය.

ඔලුවේ කෙස්

ජෙල් ගා

සුළි සුළඟකටවත් නොහෙල්ලෙන පරිදි

පීරා තිබිය යුතුය.

තට්ට ඔළු වල

කෙස් ගස් ඉන්දවා ගන්නට

කල්පනා කල යුතුය.

ට්‍රම්ප් ගේ කොණ්ඩය මරුය.

බඩ ගෙඩිය

ඉදිරියට නෙරා

නොතිබිය යුතුය.

හමේ පාටද

සුදට බර විය යුතුය.

ක්වින් ඉංගිරිසි කථා කරන්නට

පුළුවන් විම

වඩාත් වැදගත්ය.

ක්වින්ගේ රටෙන් උපාධියක් ගැනීමත්

පිළිගැනීමට කාරණයක්ය.

තියෙනවද කියා දන්නේ නම් නැත.

වෙල් එඩියුකේටඩ් ජෙන්ටල්-මෑන්

වෙන්නට එය ප්රමාණවත්ය

රනිල්

වෙල් එක්ස්පිරියන්ස්ඩ් මෑන්ය.

මුකුත් වැඩක්

නොකර

හය පාරක් කළේය.

පාන් ගෙඩිය ගන්නට

සල්ලි

වීල් බැරෝ එකක

ලොරියක

පටවා ගෙන යන්න වෙනවෝ

කියූ විශේෂ-ගවයෝ

රනිල් ආගමනයෙන් පසු

ආසාවකට දකින්නට නැත.

මාධ්ය වේදීන්ට

NGO කාරයින්ට

විවේචනය කරන්නට

මාතෘකා කොතෙකුත් තිබේය.

විවේචන මිසක

වැඩ නැත,

අඩු කථා,

වැඩි වැඩ

තිබ්බා නම්

රටකට මෙහෙම වෙන්නේද නැත.

මේ වෙන විට

හරක් කිරි පිටි තිබහ

අඩු වී ගොස්ය.

පහු ගිය කාලයේ

හරක් කිරි පිටි ලේබලය

ගසා

බලු කිරි පිටි

දුන්නත්

බී ගෙන බී ගෙන යන තරමේ

පිපාසාවක් තිබුන

කුඩ්ඩෝ රංචුව

තම තමන්ගේ ගෙවල් දොරවල් මතක් වී

ඇති හැඩය,

ගෝල්පීසය පාළුවට

ගොහින් ඇත්තේ ඒනිසා වෙන්නට ඇත.

අපි නරඹන්නේ

අත් දකින්නේ

වෙල් එක්ස්පිරියන්ස්ඩ් මෑන් ගේ

ආණ්ඩු ක්‍රම සංදර්ශනයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress