කොවිඩ් 19 අවසානය සහ ඩිජිටල් යටත්විජිතවාදය: උඩු යටිකුරු වූ ලොවක සයිබර් යුද ප්‍රතිමූර්තිය
Posted on May 30th, 2022
ආචාර්‍ය ධරණි රාජසිංහම් සේනානායක
මානව ඉතිහාසයේ වූ විශාලතම මුදල් හුවමාරුව සිදු වී ඇත්තේ කොවිඩ් 19 වසංගත කාලය අතරතුර මුහුණු ආවරණ සහ පෞද්ගලික ආරක්ෂණ උපාංග සමඟ මෙන් ම මෙම කාලවකවානුවේ දී සෙසු ලෝකය දරිද්‍රතාවට පත් ව ඇති බව ද පෙනී යයි. එබැවින්, ඔක්ස්ෆම් සංවිධානය (Oxfam) විසින් ‘Inequality Kills’ නමින් කොවිඩ් 19 වසංගතයේ ආර්ථික පිරිවැය සහ ගෝලීය බලපෑම් පිළිබඳ වාර්තාවක් පසුගිය මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වසන්ත සමුළුව (Spring meetings) පවත්වන කාලයේ දී නිකුත් කර ඇත.
කෙසේ වුවත්, එහි වොෂිංටන් සම්මුතියට (Washington Consensu) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පුරෝකථනය කරන ලද කේන්ද්‍රයට හේතු වී ඇති වර්තමාන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond (ISB)) ණය උගුලට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමට අදාළ ව කොවිඩ් 19 වසංගතයේ ආර්ථික පිරිවැය, වෙනත් ප්‍රතිපත්ති සහ ඒවායේ බලපෑම් පිළිබඳ සුළු විශ්ලේෂණයක් සිදු කර ඇත.
උග්‍ර වන ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය පිළිබඳ විශ්ලේෂණ මගින් ඉන්දියානු සාගරයේ මෙම උපායමාර්ගික දූපතෙහි වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා කොවිඩ් 19 වසංගතය සහ ඊට අදාළ ප්‍රතිපත්තිවලට වඩා, සුඛෝපභෝගී හෝටල් සහ සංචාරක කර්මාන්තය මත යැපෙන ආර්ථිකය ඉලක්ක කොට 2019 වසරේ දී එල්ල කළ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු භායානක අයි එස් අයි එස් සංවිධානයේ නැඟී සිටීම හේතුවෙන් වැරදි උපදෙස් මත ක්‍රියාත්මක කළ බදු කපාහැරීම් හේතුවෙන් අහිමි වූ රාජ්‍ය ආදායම පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත.
නැවතත් 2020 වසරේ දී, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය ජයන්ත භාත්චර්යා වැනි විචක්ෂණ වෛද්‍ය ආර්ථික විශේෂඥයන් මෙන්ම, පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාන් වැනි රාජ්‍ය නායකයන් පවසා ඇත්තේ දුප්පත් රටවල කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන සංඛ්‍යාවට වඩා වැඩි මිනිසුන් සංඛ්‍යාවක් කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා සිදු කරන රට වසා තැබීමෙන් මුහුණ පෑමට සිදුවන කුසගින්න, මන්දපෝෂණය සහ නිරාහාරය හේතුකොටගෙන මියයනු ඇති බවයි.
පාකිස්ථානය වසා දැමීම ඥානාන්විත අයුරින් ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය ඛාන් මෙම වසරේ මුල් භාගයේ දී දියත් වූ අරාබි වසන්ත විරෝධතා (Arab Spring protests) මධ්‍යයේ ‘පාලනතන්ත්‍රය වෙනස් කිරීමේ’ මෙහෙයුමක් හරහා ධුරයෙන් ඉවත් කරන ලදී. එසේ වුවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර සහ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියයනු ද්ක්නට ලැබීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව වටහා ගත හැකිය. මේ අනුව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශිත ජීවනෝපාය මත සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඇතුළුව කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රට වසා දැමීමේ ප්‍රතිපත්තිවල සම්පූර්ණ බලපෑම සහ ආර්ථික පිරිවැය පිළිබඳ අධ්‍යනයක් මෙන් ම ණය නිදහස් කිරීම නිදහස් කිරීම සහ හදිසි නීතිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මේ සතියේ සිදුකිරීමට නියමිත සාකච්ඡාවල දී ණය නිදහස් කරගැනීමට සහ අනාගතයේ දී ණය අවලංගු කරගැනීමට උත්සාහ කිරීම ඥානාන්විත ක්‍රියාමාර්ගයක් වනු ඇත.
ගෝලීය වශයෙන් ගත්කල, මෙහි වැදගත්ම කරුණ වන්නේ, වසර දෙකක කොවිඩ් 19 ‘භීතිකාව’ සහ යුක්‍රේන යුද්ධයෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විසින් ඉදිරිපත් කරන ලද ‘ස්ථිර හදිසි’ (Permanent Emergency) මාධ්‍ය ආඛ්‍යානය අපහට පෙන්වා දී ඇත්තේ ‘අධිරාජ්‍යයාට වුව කළ හැකි යමක් නොමැති බවයි’.
කොවිඩ් 19 වසංගතය විසින් වසන් කරන ලද ‘බටහිර’ සහ ‘සෙසු ලෝකය’ අතර මුහුණට මුහුණලා පැවැති සීතල යුද්ධයේ දී බටහිර පරදවා සෙසු ලෝකය ඉදිරියට පැමින ඇති සේයාවක් දක්නට ලැබේ. යුරෝපා-ඇමෙරිකා අධිරාජ්‍ය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ සුනුවිසුණු වී ඇත: ‘නැඟී එන ආර්ථිකයන්’ බිඳ වට්ටන සහ චීනයේ Belt and Road Initiative (BRI) ව්‍යාපෘතියේ සබඳතා වෙන්වන අතරතුර, The Gain of Function (GoF) පර්යේෂණය පාදක වූ, අර්ධ වශයෙන් වූහාන් පරීක්ෂණාගාර වෙත උපකොන්ත්‍රාත්තු ලබාදුන් කොවිඩ් වෛරසය සහ එන්නත් ජෛව-යුද ව්‍යාපෘතිය, CV මුහුණු ආවරණයකින් ඩිජිටල්කරණය, ලෝකය සහ එහි ධනය, ජනගහණය සහ සංක්‍රමණය පාලනය කිරීම ආදී සත්‍ය හෙළි වීමත් සමඟ එහි සුජාතභාවය බිඳී විසිරී ගොස් ඇත.
මේ වන විට, Moderna’s mRNA එන්නත යනු ‘විකෘති වේගයකින්’ ‘එන්නත්’ නිපදවීම සඳහා එක්සත් ජනපදයේ ආරක්ෂණ උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිත ආයතනය (United States (US) Defense Advanced Research Projects Agency (DARPA)) විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් බව මෙන් ම, මොඩර්නා පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම්කොට ඇතැම් SARS-COV2 වර්ග සඳහා පේටන්ට් හිමිකම ලබාගෙන පසුව, කොවිඩ්-19 ලෙස නම් කළ බව ද රහසක් නොවේ.
පළමු ලෝක වෛරසය?
සියලු දත්ත මගින් පෙන්වා දී ඇත්තේ, දරිද්‍රතාව සහ දුර්වල සෞඛ්‍ය සේවා පද්ධති නොතකා එන්නත් නොමැතිව වෛරසය පරාජයට පත්කළ ආසියාව සහ අප්‍රිකාව වැනි ගෝලීය දකුණු ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය භයානක ලෙස දරුණු නොවූ බවය.
එහෙත්, දියුණු ජෛව-තාක්ෂණය, විශාල දත්ත-පාදක සෞඛ්‍ය පද්ධති, mRNA එන්නත සහ ගෝලීය මානව ජාන සිතියම් තිබියදීත් කොවිඩ් 19 ‘පළමු ලෝකය’ විනාශ කර බෙදා වෙන්කර ඇති බවක් පෙනෙන්නට තිබේ. අධි පරිභෝජනය, සම රෝගී සහ දැඩි සත්කාර, අධි ඩිජිටල් ජීවන රටා පිළිබඳ සඳහන් කිරීමට ද අවශ්‍ය නොවේ.
ඩිජිටල් යටත්විජිතවාදය සහ ආපදා ධනේශ්වරවාදය
නයෝමි ක්ලෙන් (Naomi Klein) ඇගේ ‘Shock Doctrine’ කෘතියේ දක්වා ඇති ‘ආපදා ධනේශ්වරවාදය’ සක්‍රීය කිරීමට සහ ඩිජිටල් යටත්විජිතවාදය හරහා ගෝලීය පාලනය තහවුරු කිරීමට බටහිර රාජ්‍ය තවමත් කොවිඩ් 19 සහ CoP 26 දේශගුණික ව්‍යසන පසුපස හඹා යමින් සිටියි. එක්සත් ජනපද රජයේ කොවිඩ් 19 ‘සහනවලින්’ ට්‍රිලියන 9ක විශාල කොටස් ලබාගත් යුරෝපා-ඇමරිකානු ආයතනික නායකයන් සහ BlackRock වැනි හෙජ් අරමුදල් ගෝලීය දකුණු ප්‍රදේශයේ වත්කම් ‘උදුරා ගැනීම’ අඛණ්ඩව සිදු කරයි.
ජනතාව දරිද්‍රතාවයට පත් වීම හේතුවෙන් සෑම තැනකම සිදුවන වත්කම් සූරා කෑම සහ විශාල ධන හුවමාරු දක්වන දර්ශකයක් ලෙස වේගයෙන් වර්ධනය වන කොටස් වෙළෙඳපොළ හඳුනාගත හැකිය. කොළඹ කොටස් හුවමාරු විශ්ලේෂකයකු පවසන අන්දමට දරුණු දරිද්‍රතාව මධ්‍යයේ කොටස් වෙළෙඳපොළේ වර්තමාන ඉහළ යාම සහ සර්පිලීය අසමානතාව මධ්‍යයේ ‘කුසගිනි වෛරසය’ (Hunger Virus) යනුවෙන් ඔක්ෆර්ම් සංවිධානය විසින් හඳුන්වනු ලබන සංකල්පය ‘මායා වෙළෙඳපොළක්’ ද නැද්ද යන රිප්ලිගේ විශ්වාසය මෙන් පෙනෙන්නට තිබේ.
වඩාත් පැහැදිලි කරුණ නම්, 1961 වර්ෂයේ දී ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හොවර් (Dwight D.Eisenhower) විසින් තම සමුගැනීමේ උත්සවයේ දී එක්සත් ජනපද වැසියන්ට ප්‍රසිද්ධියේ අනතුරු හැඟවූ මිලිටරි ව්‍යාපාර බුද්ධිය, පර්යේෂණ සහ මාධ්‍ය කර්මාන්ත සංකීර්ණ සහිත යුරෝපා-ඇමරිකානු ග්ලෝබල් රිසෙට් (Euro-American Global Reset project) ව්‍යාපෘතියේ මූලස්ථානය (DAVOS/WE කණ්ඩායම් සහ කොවිඩ් 19 හේතුවෙන් රට වසා දැමීම ප්‍රවර්ධනය කළ වෙළෙඳ සංගම් වෙත අරමුදල් ලබාදෙන සහ පාලනය කරනු ලබන WHO සහ ILO වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන පිහිටා ඇති) ජිනීවා සහ වොෂිංටන් නගර අතර පිහිටා ඇත.
මෙම සයිබර් ප්‍රතිමූර්තිය තුළ සඟවා ඇත්තේ සත්‍ය පිළිබඳ විශාල චිත්‍රයකි. ස්ථිර කොවිඩ් සහ දේශගුණික ‘හදිසි තත්ත්ව’ මගින් දූෂණ වසංගතයක්, ඩිජිටල් යටත්විජිතවාදය, ජාතික දත්ත සොරාගැනීම, ආයතන, ප්‍රතිපත්ති සම්පාදක ක්‍රියාවලි සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA)) දත්ත ශ්‍රී ලංකා රජයේ Government Cloud මතින් ඉවත් කිරීම සහ සමාජයේ සහ ප්‍රජාවගේ පූර්වයෙන් තීරණය නොකළ අංශ සක්‍රීය කර ඇත. ඩිජිටල්කරණය මධ්‍යයේ බෙදා වෙන් කර පාලනය කිරීම සිදුකල යුතුය.
අවසන, එක්සත් ජනපදය විසින් පසුගිය වසර දෙකක් තුළ ඩොලර් ට්‍රිලියන 9ක් මුදල් ‘කොවිඩ් සහන’ ලෙස මුද්‍රණය කොට ඇති අතර, පෘථුවියේ වඩාත්ම ණයගැති රට බැවින් යුවාන් ට්‍රිලයනයේ ගැටලුව වන්නේ, බාධක සියල්ල බිඳහෙළා මුහුණු ආවරණ ඉවත්කොට නිදහසේ ජීවත් වීමට එක්සත් ජනපද ඩොලර් සඳහා කොපමණ කාලයක් ගත වේ ද යන්නයි.
Daily Fit පුවත්පතට ආචාර්‍ය ධරණි රාජසිංහම් සේනානායක විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් ඇසුරිනි.