– ඉන්ෆ්ලේෂන් = + අන්එම්ප්ලෝයිමන්ට්
Posted on June 14th, 2022
ජයන්ත හේරත්
ඉන්ෆ්ලේෂන් අඩු කරන්නට
අන්එම්ප්ලෝයිමෙන්ට්
වැඩි කල යුතුය.
භාණ්ඩ මිල අධිකව
ඉහල ගොසින්ය
ඉන්ෆ්ලේෂන් ය.
එවිට
භාණ්ඩ මිලදී ගැනුමට
වැඩි වැටුප් ලබන
හොඳ ඉල්ලුමක් ඇති
රැකියා තිබිය යුතුය.
හොඳ ඉල්ලුමක් ඇති
රැකියා තියෙන්නේ
වැටුප ඉහල නිසාය
පුහුණු ශ්රමය නැති නිසාය
පළපුරුද්ද ඇති ශ්රමිකයන් අඩු නිසාය
දැනුම, පුහුණුව හා පළපුරුද්ද
නැත්තේ
JVP NPP තක්කඩි
විශ්ව විද්යාල අන්තරය හසුරවන නිසාය
උද්ඝෝෂණ කිරීම
උන්ගේ රැකියාව කල නිසාය
JVP NPP තක්කඩි
තරුණ සිසු සිසුවියන් බිලි බා ගෙන
හැමදාම කලේ
ඉරිසියාව ක්රෝධය වැපිරීමය.
ඇමරිකාවෙත්
ඉන්ධන හා භාණ්ඩ මිළ
ඉහල ගොසින්ය.
මුදල් ඇත්නම්
මිළ අධික වුනත්
තිබෙන-භාණ්ඩ මිලට ගැනීමේ ප්රශ්නයක් නැත
භාණ්ඩ හිඟ වීමට
හේතුව
zelensky ගේ යුද්ධය ය.
අධික වැටුපක් ලබන
විදුලි ඉන්ජෝ
මාසේ
වැටුප ගෙන යන්නේ වීල් බැරෝ එකේය
ඒ තරම් සල්ලිය.
ගුරුවරුත් එහෙමය
වැඩ වර්ජන කරන්න යන්නේ
කාර් එකේ නැගලාය!
විශ්ව විද්යාල ළමයි
කරන්නේ වැඩ වර්ජන විතරය.
උන්ට නිකන් දෙන
නිදහස් අධ්යාපනයට,
ශිෂ්යත්ව
රුපියල් කෝටි ගණන්ය.
ඉංජිනේරු ළමයෙක්ට
රුපියල් කෝටි දහයක ශිෂ්‍යත්වයක්ය.
විශ්ව විද්යාලෙන් ගිය පසු
රස්සාව නළලේ කොටා ඇත,
හම්බ කරන්න ගත් කල
මිලියන් ගණන් වලින්
උපයා ගන්නේය.
නොමිලේ
අද්‍යාපනය නම්
නොමිලේ වැඩ තිබිය යුතුය.
ඉන්ෆ්ලේෂන් අඩු කරන්නට
භාණ්ඩ වලට ඇති
ඉල්ලුම අඩු කල යුතුය
රැකියා ද අඩු කල යුතුය.
ප්රේමේගේ ගම්උදාව
ගම කෑවේය
නගරය කෑවේය
රට ද කෑවේය.
ගෝල්පීස් ආරගලිස්ට්ලා
ප්රේමේ ගේ
ගම සංකල්පය
හොරා ගත්තෝය,
උන්ගේ ගමත් දිය වී
කෙළ වී ගියේ
උන්ගේ ප්රශ්න වලට
උත්තර
විසඳුම්
සංරචක ව්යුහයන් ගෙන්
ගම සෑදී
තිබුනේ නැති නිසාය.
ආරගලිස්ට්ලාට කරන්න තිබුනේ
ඇති ප්රශ්න වලට
නියම හේතු දක්වා
ඒවාට පැලැස්තර නැති
තිරසාර විසඳුම්
දැක්වූ
ආදර්ශ ගමක්
පළමුව හදා
පසුව රට පුරා
Replicate
කිරීමය.
එහි,
හරක් පට්ටියක්
තිබුනාට කමක් නැත
ඒ හරක් කිරි බීමෙන්
සැනසීම
හොයන්නෝ වෙනුවෙන්ය.
විදුලිය නැති
ඉන්ටනෙට් නැති
අයි ෆෝන් නැති
වායු සමීකරණ නැති
නිස්කලංක
ගෙවල් තිබිය යුතුය.
පිදුරු හෙවිලි කල
මැටි බිත්ති
මැටි පොලොව සහිත
සරල වුනත්
දැකුම්කළු
පිළිවෙලට තැනු
Low cost ගෙවල්
තිබිය යුතුය.
ඉන්ධන දහනය කරන
භූතයෝ, ත්සුනාමියෝ
වගා භූමියෙන් පන්නා දැමිය යුතුය
ඒ වෙනුවට
මීහරක්
නැවත කැන්දා ගත යුතුය.
පරිසරයට හිතකාමි
ජීවන රටාවක ජීවත් විය යුතුය
සම්පත් අසීමිතව නැත.
මිනිස් අවශ්යතාවන් සීමා කල හැක.