AK-47 හා කාන්තා අයිතිය
Posted on June 30th, 2022
ජයන්ත හේරත්
ඇමරිකාණු
තුවක්කු අයිතිය
ලිඛිත ව්‍යවස්ථාවෙන්
protected ය.
කාන්තා අයිතීන්
එහෙම රකින්නට
ව්‍යවස්ථාවේ ලියවී නැත.
එබැවින්
පහුගියදා
ඇමෙරිකානු මහ උසාවිය
කාන්තාවන්ගේ
ගබ්සා කර ගැනීමේ අයිතිය
උදුරා දමන්නට
තීන්දු කළේය.
ජේන් ෆෝන්ඩා
කාන්තා සිරුර
AK-47 හැටියට
නිර්වචනය කරන
කාලය ඇවිත්
බව
මතක් කරන්නේ
එවිට
ව්‍යවස්ථානුකුලව
රැකවරණය ලබන්නට
හැකි බව පෙන්වා දෙමින්ය.
ඒ අදහසත් එක අතකට වැරදි නැත.
තවත් අතකින් නම් වැරදිය
ඒ නම්,
කාන්තා නිදහස,
තුවක්කු නිදහස
හා කිසි ලෙස සමපාතව
සැලකිය යුතු නැති නිසාය.
කෙසේ නමුත්
ආණ්ඩුවකට
කැමති කැමති විදියට
කාන්තා අයිතීන්
උදුරා දමන්නට
ඉඩ දිය යුතු නැත.
රටක සතු ඉඩම් වගේ ය
උදේ
පාන්දර නැගිට
හෝ
මධ්‍යම රාත්‍රියේ
අගමැටි ට
කැමති විදියට
unitary state එක
රටේ ඉඩම්
කඩා
බෙදා දී
විනාස කිරීමට
ඉඩ නොතැබිය යුතුය.
උතුරේ සිට දකුණට
හෝ
නැගෙනහිර සිට බටහිරට හෝ
රත්තරනින් සැරසුණ
රූමත් කාන්තාවකට
නිරුපද්‍රිතව යෑමට ඊමට
හැකි කාලයක්
ලංකාවේ එකල
තිබුණු
බවක් අසා ඇත,
ඇමෙරිකාවේ
එදා තිබ්බෙ නැත්තේද එයය,
සම අයිතිවාසිකම්
හා
කාන්තා විමුක්තිය
කෙසේ වෙතත්,
මෙදා එවැන්නක් ඇති වෙතැයි
හිතන්නට බැරිය.