තෙල් ඉල්ලන්න කටාර් ගිය කංචන තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබූ කටාර් චැරිටි තහනම ඉවත් කිරීමට පොරොන්දු වෙලා 
Posted on July 1st, 2022
Lanka Lead News
මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ඊයේ(30) දිනයේ දී කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසී කළ සාකච්ඡාවක් අතර තුර අදාල සංවිධානයට එරෙහිව ලංකාව පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව එම නියෝජිතයන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.
මත භේදයට තුඩු දුන් කටාර් චැරිටි සංවිධානය 2019 වසරේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ්තාගේ සෘජු මැදිහත්වීම යටතේ රජය විසින් තනහම් කරන ලදී.
එවකට පොලිසිය භාර අමාත්‍යවරයා වූ ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, කටාර් චැරිටි, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවයි.
කටාර් චැරිටි සංවිධානයට එරෙහිව රජය එල්ල කළ එම චෝදනාව උපයෝගී කරගනිමින් නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට ද රජය කටයුතු කළේය.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ හිජාස් හිස්බුල්ලාගේ සභාපතීත්වයෙන් යුතු සේව් ද පර්ල් නම් සංවිධානයට, කටාර් චැරිටි වෙතින් රුපියල් මිලියන 13 ක් ලැබී ඇති බවයි.එහිදි අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කටාර් චැරිටි ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයෙන් මුදල් ලබා තිබෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවයි.
මේ අතර එවකට රජය කටාර් චැරිටි සංවිධානය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග මෙන්ම නීතීඥ හිජාස් හිස්බුල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් දැඩි විරෝධයක් රජයට එරෙහිව එල්ල කිරීමටද කටයුතු කර තිබුණි.