ජනපති ගෝඨාභය යටතේ අගමැති වෙන්න අනුර සූදානම්.. ඉන්ධන, ගෑස් ගැටළුව දින කිහිපයකින් විසදන්න පොරොන්දු වේ…
Posted on July 2nd, 2022
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් පත් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ නම් කොටි කාලයකට ආණ්ඩුවක් පිහිටුවීමට තම තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කෙටි කාලයක් සඳහා පිහිටුවන එම පාලනය තුළදී ඉතා කෙටිකලක් තුළ මෙරට මූලික ගැටළු වූ ඉන්ධන, ගෑස්, කිරිපිටි, විදුලිය ආදී ගැටලු ඉතා කෙටි කාලයක් තුළ විසඳා දීමට සූදානම් බවද හෙතෙම පැවසීය.
නමුත් එම පාලනය යටතේ සියලු ප්‍රශ්න විසඳන බවට තමන් නොපවසන බවද හෙතෙම පැවසීය.
අම්බලන්තොට නගරයේ දී පැවති ජාතික ජන බලවේගය විරෝධතා පාගමනක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.