3, කාල කන්නි හා පාලකයෝ
Posted on July 24th, 2022

ජයන්ත හේරත්

3 ප්රයිම් සංඛ්යාවක්ය.

3 බෙදිය හැක්කේ

3 හා 1න් පමණක්ය.

3 ඉතිරි නැතිව

බෙදන්නට බැරිය.

මරුය.

අති විශිෂ්ඨය.

2 3 5 7 11 …

ප්රයිම් අංකයන්ය.

කාලෙක සිට

කැරකෙන්නෙ

JVPයටය

එය ආරක්ෂා කර ගන්නටද

ඔවුනට ඇති ශක්තිය

පුදුමාකාරය.

බටර් ලන්තයේදීත්

ආරක්ශාය.

අනිත් පක්ෂ

ලැබූ සංඛ්යා

එහෙ මෙහෙ වුනත්

JVP  3

ගලේ කෙටුවාක් වාගේ

නොසැලි තිබෙන්නේය.

’53

ඩඩ්ලි

ඉල්ලා අස් උනේ

හාල් ඇට වල මිල වැඩි කල නිසාය.

’65 ඩඩ්ලි

නිකං හාල් ඇට දුන්නට

’70 දි

ජන්දදායකයෝ ඩඩ්ලිට

චන්දය දුන්නේ නැත.

’77දි

ජේ ආර්

බලයට ආවේ

ඇට අටක් දෙන 

පොරොන්දුව උඩය,

ඒත්

දුන්නු ඇටක් නැත.

සිරිමාවෝගේ

හඳෙන් හෝ ගෙනවිත්

දෙන්නට

පොරොන්දු වූ හාල්

වාගේමය.

’77න් පසු 

ඡන්ද අපේක්ෂකයෙක්

කෑම පෙන්නුවේ නැත.

ඡන්දදායකයා

අර තරම් මෝඩ වූයේද නැත.

’87

ජේ ආර්

යන්න ගියේ

ෆේල් වූ

පාලකයෙක් ලෙසය.

ෆෝන්සේකා කියන්නේ

’89

බටර්-ලන්තයෙන්

ජීවිත දානය

ලැබූ

පෙරටුගාමියෝ

අද බලවත් වී ඇති බවය.

මුළු ලංකාවම

ආර්ථික වශයෙන්

අංශබාග රෝගියෙක් බවට පත් කර

තරුණ පරම්පරා ගණනාවක්

විනාශ  කලේ

බංකොලොත් කලේ

JVP  NPP  හා පෙරටුගාමියෝය.

රට

ගොඩ දැමීමට නම්

ඉහත පක්ෂ

සහමුලින්

සුද්ධ පවිත්ර

කර ගත යුතුය.

මුන්

හැමදාම කරන්නේ

වර්ජන ගර්ජන

හා

උද්ඝෝෂණය.

වර්ජන

නීති විරෝධී කල යුතුය

විශේෂයෙන්

අන්තරේ

පන්ති වර්ජන

වහාම නීති විරෝධී කර

වර්ජන කරන උන්

විශ්ව විද්යාල වලින්

නෙරපා  දැමිය යුතුය.

දරුවන්

වර්ජන කිරීමට, 

උසි ගන්වන

විශ්ව විද්යාල ආචාර්යවරු සිටිත් නම්

ඔවුන්ටද නිසි දඬුවම්

දිය යුතුය.

රටෙන් කටට

නොව

තමන්ගෙන්

රටට

සදාචාරාත්මකව විය යුතු යුතුකම්

ඉටුකිරීමට

සමත් පිරිසක්

විශ්ව විද්යාල වලින් බිහි කර ගත යුතුය.

රනිල්ට ඇත්තේ

අභියෝගයකි

ඒ නම්

රටේ නීතිය ප්රතිෂ්ඨාපනය කර

නිදහසේ

දැනුම

ලබා ගැනීමට

දරුවනට

ඉඩ ප්රස්ථා

ලබා දීම ය.

ඒ කාලයේ වාගේ

නැවත 

ධවල පත් ගෙන ඒමෙන් නම්

රටට වන සෙතක් නැත.

කිරි පිටි

ඉන්ධන

විදුලිය

ස්මාර්ට් ෆෝන්

වායු සමීකරණ

නොමැති-ජීවත් වීම

තුලින්

පරිසරයට වන

ශාන්තිය 

වටිනාකම පෙන්වා දිය යුතුය.

පාලකයෝ

එය පළමුව ආදර්ශයෙන්

පෙන්වා දෙන්නේ නම්

කිරි

ඉන්ධන

විදුලිය

අඩු පරිභෝජනයෙන්

ජීවත් වීම

අපහසු කාරියක් වන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress