ලෑන්ඩ් ඔෆ් තව දියව්.
Posted on July 30th, 2022
ජයන්ත හේරත්
’60
’70
’80
ගණන් වල
අපි නෑවේ
සීතල වතුරය.
කන්දෙන්
ලන්දෙන්
වැස්සෙන්
ලිඳෙන්,
ඇලෙන්
ගලා ආ වතුරය.
මුලින් දැනුන තද හීතල
ටික වෙලාවක් ගියාම දැනෙන්නේ නැත,
සුන්දර වතුර ටිකය
මරුය.
ජර්මනිය
ළඟදී
සීතල වතුරෙන් නාන්නට පටන් ගෙනය,
ආලෝකමත් කර තිබු
විශේෂ ස්ථාන කළුවරට, හඳපානට බාර දීලාය
මේවා “තිරසාර දියුණුවේ”
ලක්ෂණ වෙන්නට පටන් ගෙනය,
සීමිත සම්පත් අපහරණය
දියුණුව නොවන බව
වැටහීමම
ලොකු ජයග්‍රහණයකි.
රුසියාව හා යුක්රේනය
කියා දෙන පාඩම්ය.
සිස්ටම් එක චේන්ජ් ය.
දෙයියන්නාන්සේ
ඉර එලිය දෙන්නේ
දවසේ
පැය 12 ය.
24 ම ඉර එලිය දෙන්නේ නැත.
ඉර එලියට
බහින විට
අවදි වන්නට අපට පුරුද්දක් තිබුනේය,
ඉරු බැස යන කොට දවසේ වැඩ කටයුතු
නිමා කරන්නටද පුරුද්දක් හදා ගෙන තිබුනේය.
අපතේ යවන්නට තියා
පරෙස්සමෙන්වත් පාවිච්චියට වත්
විදුලිය තිබුනේ නැත.
කොම්පියුටර් තිබුනේ නැත.
දැන්
මිලියන 22 ටම
කොම්පියුටර් ය.
කිරි එන්නේ
අන්තර් ජාලයෙන්ය.
විදුලිය නැත්නම්
ජාලය වැඩ කරන්නේ නැත.
ජාලය නැත්නම්
අරගල නැත.
සිස්ටම් එක චේන්ජ් වන්නට පෙර
ය-වර්ධන
ජිම් එක
ගෙදර මුළුතැන්ගෙය ය.
මෝල් ගහෙන් වංගෙඩියේ වී කෙටුවෙත් අපිය,
කුල්ලෙන් වී පෙලුවෙත් අපිය,
හාල් ගරන ස්කිල් එකද තිබුනි,
මිරිස් ගල, අපේ අතින් ඉස්සරහට පස්සට ගොස්
ඇඹරුවේ මිරිස් තුනපහ ගුලිය.
ගස් නැගීම
බැසීම
exercise ය.
දැන්
system 1 change ය.
චේන්ජ් එක konstant ය.
living standard ඇමරිකන් ය.
වේගයෙන් යන්න
අති ධාවනකාරී මහා මාර්ග තිබේ,
සුකොපභොගී වාහන තිබේ.
ඉන්න තට්ටු ගෙවල් තිබේ.
කිරි එන්නේ
අන්තර් ජාලයෙන්ය.
විදුලිය නැත්නම්
ජාලය වැඩ කරන්නේ නැත.
ජාලය වැඩ කරන්නේ නැත්නම්
කරන්නේ අරගලය.
ඇමරිකන් තානාපති
ජනාදිපතිය.
නව
අරගල කාරයෝ
යන්නේ ජිම්ය.
කරන්නේ කය වර්දනය.
කන්නේ රෙස්ටෝරන්ට් බුරියානිය
බොන්නේ බීරය කොකාය
තරබාරුය,
හැතැම්ම කාලක් ඇවිද ගන්නට බැරිය
හැදෙන්නෙ NCD මය
අයි ෆෝන් එක
අලුත් දෙයියන්වහන්සේය
අතේ මය.
කරන්න දඟලන්නේ සිස්ටම් චේන්ජ් ය.
චේන්ජ් විය යුත්තේ තමන් ය.
සිතන ක්‍රමය ය.
තමන්ගේ
ජීවත් වන ක්‍රමය
චේන්ජ්වීම
ක්‍රමයෙන්
සිස්ටම් චේන්ජ් බවට
හැරෙන බව තේරුම් කර ගන්නට
පැහැදිලි දැකීමක් නැත.
අනුන්ගේ
ෆොසිල ඉන්ධන
වර්ෂ ගණනාවක්
හූරා ගෙන
අධි පහසුකම්
ලබන්නට බැරිය.
ෆොසිල ඉන්ධන ඇති මිනිස්සු
ඒවා නැති මිනිස්සුන්ට
තව තව අඩු මිලට දෙන්න යන්නේද නැත.
හැම රටක්ම කරන්නේ
මුලින් තමන් රැක ගැනීමය,
අනෙකා ගැන හිතන්නේ
ඉන් අනතුරුවය.
විදේශවලින් කරන ගනුදෙනු
රම්‍ය සුරම්‍ය සුභ නැත.
කාගේ හෝ සම්පතක් හූරා ගෙන කා
තම සුබසිද්ධිය රකින්නට බැරිය.
පැය 24රේම දල්වන්නට
විදුලිය හෙවිමත්
පැය 24රේම
highway එකේ දුවන්නට
ඉන්ධන හෙවිමත්
තකතීරුය.
පෙට්‍රල් ඩීසල්
නැතිනම්
විසඳුම
ඉලෙකට්‍රික් කාර් ය
ඉලෙකට්‍රික් බයිසිකල්ය.
ඩොලර්
නැත්නම්
ඩොලර් හෙවිය යුතුය.
රටින්
කටට නොව
තමන්ගෙන් රටටය.