ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය
Posted on August 9th, 2022

ආචාර්ය දසරත් ජයසූරිය සභාපති, ස්පර්oවිධානය ( ඕස්ට්‍රේලියාව )

ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට දශක දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ  සිට අඛණ්ඩව කටයුතු කරනු ලබන, දේශහිතේශී ශ්‍රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත්  ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය, ඕස්ට්‍රේලියාව තුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනය සිදු කෙරන ආකාරය පිළිබඳව සිය කණගාටුව සහ කනස්සල්ල ප්‍රකාශ කරයි.

  • බොහෝ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් විසින් නැවත නැවත ඉල්ලීම් කළද, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය දැනට වසර දෙකහමාරකට වැඩි කාලයක් පුරප්පාඩුව පවතී. එබැවින් ශ්‍රී ලංකාවට, ඉන්දියන් සාගර කලාපයට පොදු වූ අවශ්‍යතාවන් මෙන්ම දිගුකාලීන සබඳතාවක් ඇති ඔස්ට්‍රේලියාව තුළ, තම විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සීමාවී ඇත.
  •  2022 අප්‍රේල් මාසයේදී සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ වෙළඳ කොමිසම වසාදමා එම ආයතනවල සේවාවන්, කිලෝමීටර් 300ක් දුරින් පිහිටි කැන්බරා මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කිරීම මගින් ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ට (විශේෂයෙන්ම, වැඩිහිටි සහ විදේශගත ලාoකික සිසුන්ට) මහත් අපහසුතාවයක් ඇතිව තිබේ. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවලින් සේවාවන් අවශ්‍ය වන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තම මාතෘ භූමියට ආධාර උපකාර මගින් කිසියම් දායකත්වයක් ලබාදීම දීමට අවශ්‍ය වේ.
  • ව්‍යාජ සරණාගතයින්, එල්.ටී.ටී.ඊ හිතවාදී බෙදුම්වාදී සංවිධාන සහ තමන් විසින්ම අටවා ගත් ඊනියා මානව හිමිකම් ලොබියන් ඇතැම් මාධ්‍ය කොටස් සමඟ සමීපවී සිදුකරන ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාරවලට විධිමත් ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඕස්ට්‍රේලියාව තුළින් සිදු කරනු ලබන්නේ ඉතාමත් අල්ප වශයෙනි. ශ්‍රී ලංකාවේ පශ්චාත්-ගැටුම් ප්‍රගතිය, oහිඳියාව, වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් එහි ආරක්‍ෂිත ස්ථාවරය ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව මෙයට ඇතුළත් වේ.
  • රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ගවේෂණය නොකළ තවත් ක්ෂේත්‍රයක් වන්නේ නිපුණතා හිඟයකට මුහුණ දී සිටින  ඕස්ට්‍රේලියානු ගොවිතැන්, අත්කම්, වෙළෙඳ, සෞඛ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල තාවකාලිකව රැකියාවන්, විවිධ දක්ෂතාවන් ඇති ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීම වේ..
  • අවම වශයෙන් කිවහොත්, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික අවශ්‍යතා ලබාදීම (සංචාරක කර්මාන්තයට පෙළඹවීම  ඇතුළුව) ඉතා දුර්වල තත්වයක පවතී. විදේශ විනිමය ඉපැයීමේ ව්‍යාපාර සමඟ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා තම ව්‍යාපාරික ඥානය උපයෝගී කරගැනීමට කැමති ශ්‍රී ලාංකික පුරවැසියන් බොහෝ දෙනෙක් සිටිති.

මෙම වත්මන් තත්ත්වය හිටපු මහ කොමසාරිස්වරුන්, කොන්සල් ජනරාල්වරුන් සහ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද යහපත් වැඩවලට වඩා වෙනස් ය. ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම පිහිටුවීම, මාධ්‍ය වෙත ලබා දෙන නිරන්තර සම්මුඛ සාකච්ඡා සහ ප්‍රකාශ මෙන්ම ශ්‍රී ලාංකික විදේශගත සංවිධාන සමඟ ස්ථාවර සබඳතා පවත්වා ගැනීම ද ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකා රජයේ ලිහිල් ආකල්ප තිබියදීත්, ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන ගණනක් වටිනා ආහාර සහ ඖෂධ සඳහා මූල්‍ය  ආධාර අඛණ්ඩව ලබා දීම,   මුර යාත්‍රා  දෙකක් පිරිනැමීම, ගුවන් ඩ්‍රෝන නිරීක්ෂණ හැකියාවක් ස්ථාපිත කිරීමට නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියට සහාය වීම ඇතුළු තවත් බොහෝ ආකාරවලින් ශ්‍රී ලංකාවට සහාය වීම අපි විශේෂයෙන් අගය කරමු.

එබැවින් ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා කාර්යක්ෂම දේශප්‍රේමී මහ කොමසාරිස්වරයෙකු කැන්බරා වෙත පත්කර සිඩ්නි නුවරට කොන්සියුලර් සේවාවන් සපයන ලෙස අපි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගරු අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන සහ ගරු විදේශ කටයුතු අමාත්‍යය අලි සබ්රි යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.

ඔබට ස්තුතියි

ආචාර්ය දසරත් ජයසූරිය

සභාපති, ස්පර්oවිධානය ( ඕස්ට්‍රේලියාව )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress