අපට ඕන වෙලාවක ඇවිත් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගන්නවා..- අරගල නායක වසන්ත මුදලිගේ
Posted on August 10th, 2022
lanka C news
ගාලුමෝදර අරගලකරුවන් ඉවත් වන්නේ ගාලු මුවදොර පිටියෙන් පමණක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු සහ ගාළු මුවදොර අරගලයේ ප‍්‍රධානියෙකුද වන වසන්ත මුදලිගේ සඳහන් කරයි.
ගාලු මුවදොරින් ඉවත් වුණාට ඕන වෙලාවක ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට පැමිණෙන බවද හෙතෙම පවසයි.
ඒ සඳහා ජනතාව සමග ඕනෑම මොහොතක පැමිණීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.
ගාලු මුවදොර පිටියෙන් අරගලකරුවන් ඉවත් වීම පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.