මධ්‍යම සංස්කෘතික අරමුදලේ හෙට දවස වෙනුවෙන්
Posted on August 11th, 2022

මාධ්‍ය නිවේදනය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක සංගමය

දිනය – 2022අගෝස්තු11

1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පණත මගින් සංස්කෘතික ත‍්‍රිකෝණ යෝජනා ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලාංකේය අතීත ශ‍්‍රී විභූතිය අනාගත පරපුරට සුරක්ෂා කරනු පිණිස අනූපමේය සේවයක් ඉටුකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වර්තමානය ඉතා ඛේදජනක තත්ත්වයකට පත්ව ඇත. ශ‍්‍රී ලාංකික ජනතාවට දැවැන්ත ප‍්‍රතිලාභ රැුසක් ලබාදෙමින් අතීතයේ ආදි කර්තෘන් සිදුකළ මෙහෙය අලූයම ලූ කෙළ පිඩක් සේ බැහැර කර තම සුරතලූන්ගේ සුඛවිහරණය උදෙසා අත්තනෝමතික තීන්දු තීරණ ගනිමින් පාලක මණ්ඩලය ද නොමග යවමින් සිටී.
දශක එක හමාරක පමණ කාලයක සිට ප‍්‍රතිපත්තිමය රාමුවකට නතුවෙමින් දෛනික පැවැත්ම තකා අවස්ථාවාදී දේශපාලන උවමනාවන් මුදුන්පත් කර ගැනීමට උත්සුක වීමෙන් ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක් ව ඇත. එකී මූල්‍ය අර්බුදය සමස්ත සේවක ප‍්‍රජාව වෙත පීඩනය මුදා හරිමින් දැනුදු ඉහළ කලමනාකරණයට අත දිගහැර බෙදමින් සිටී. මෙම ව්‍යසනකාරීත්වයට එරෙහි ව සේවක ප‍්‍රජාව විරෝධතා දැක්වුව ද මුනිවත රැුකීමට පාලනාධිකාරිය වගබලාගෙන ඇත.
ලංකාවේ ඇති සංස්කෘතික උරුමස්ථාන දේශීය විදේශීය සංචාරකයාට ප‍්‍රදර්ශනය කරමින් ලබාගන්නා ආදායම රටේ සමස්ත සංස්කෘතික උරුම සංරක්ෂණය හා කලමනාකරණය කරගැනීමට යොදාගන්නවා වෙනුවට තවදුරටත් දේශපාලන හෙන්චයියන් සතුටු කරමින් වරදාන වරප‍්‍රසාද ලබාදෙමින් සිටී. සංවර්ධන කාර්යයන් සදහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබානොදෙමින් ද සේවක ප‍්‍රජාවගේ සමස්ත අයිතිවාසිකම් කප්පාදු කරමින් ද සිටී. දිගු කාලයක සිට සේවක ප‍්‍රජාව නිසි උසස්වීම් ක‍්‍රමයකට හෝ ශ්‍රේණිගත කිරීමකට ලක් කිරීමට හෝ අපොහොසත් වූ ආයතනය බදවාගැනීම් පරිපාටි සැකසීමකට කලින් කලට විවිධ කමිටු පත්කරමින් සිටී. ඒ සදහා වැය වන මුදල් පිළිබද වගකිවයුත්තෙක් ද නැත. අනුමත බදවාගැනීමේ පරිපාටියට පරිබාහිර ව බදවාගත්, ආයතනයට කිසි`දු වටිනාකමක් හෝ ධනාත්මක සේවයක් නො සපයන අධ්‍යක්ෂ මණ්ඩලයක් නඩත්තු කරමින් මහල්ලන් පෝෂණය කිරීමේ අරමුදලක් බවට පත්කරගෙන තිබේ. 1982 වසරේ සිට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් වූ සංස්කෘතිකමය වශයෙන් දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් ස්ථානගත වූ බෞද්ධාලෝක මාවතේ 212 ප‍්‍රධාන කාර්යාලය සංවර්ධනය පසෙක ලා කුලී පදනමින් විවිධ ස්ථානවල කාර්යාල පහසුකම් පවත්වාගෙන යමින් තිබේ. කොන්ත‍්‍රාත් පදනමින් ඉහළ කලමනාකරණයේ තනතුරු පුරවා ඇති සමයක ආයතනයක් අගාධයට යෑම වැලැක්විය නොහැකි තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මෙකී අනීතික හා අත්තනෝමතික තීරණයකට එරෙහිවන්නන් දඩයම් කරමින් ඔවුන්ගේ සුපුරුදු උද්දච්ච තීන්දු ක‍්‍රියාත්මක කරමින් සිටී. මේ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress