No free meal
Posted on August 25th, 2022
ජයන්ත හේරත්
බයිඩ්න්
ඊයේ
මරු වැඩක් දුන්නේය.
මිලියන් 40 ගේ
ශිෂ්ය ණය
එක පෑන්
පහරකින්
කපා දැමීය,
ඇමෙරිකන් ඩොලර්
ට්රිලියන් භාගයකි,
බිලියන් 500 කි
අපට ගෙවන්නට ඇති
විදේශීය නය මෙන්
10 ගුණයකි.
සිම්පල් ය
දියයුත්තේ
executive ඕර්ඩර්
එකය.
ඕඩරය
ඒ අයුරෙන්ම ක්රියාත්මක විය යුතුය.
14% ට
නොමිලේ
උසස් අධ්යාපනය
සලසනු වෙනුවට
කල යුත්තේ
සියලුම
ශිෂ්යයන්ට
ණය ලබා ගැනීමට පහසුකම් සලසා
උසස් අධ්යාපනය දීමය.
පුහුණු ශ්‍රමිකයින්
බිහි කිරීමය.
අවසානයේ
කරන්නා වූ රැකියාව
හා
ලබන ආදායම මත
සහනාදායි ක්රමයකට
පොලිය ඇතුව හෝ නැතුව
නැවත ගෙවීමේ ක්රමයකට
උසස් අධ්යාපනය
ලබා ගැනීමට සැලසීමය.
එවිට
නොමිලේ කමින් බොමින්
ජොලි කරමින්
උද්ඝෝෂණ කරන
මානසික තත්වය නැති වී ගොස්
ඉගෙනීම වෙනුවෙන්,
දැනුම ලබා ගැනීම වෙනුවෙන්
තරුණ කාලය යෙදවීමට
වගකීමක් ඇතුව වැඩ කරන්නට
තරුණ පිරිස පෙළඹෙනු ඇත.
අපේ අසල්වැසි
ඉන්දියාව
කරන්නේ
තරුණ තරුණියන්
අර්ධ පුහුණු ශ්රමිකයන් කර
ණය ලබා දී
ඇමරිකාවට
අපනයනය
කර ආදායම තර කර ගැනීමය.
අපට වුවද එය පහසුවෙන් කරන්නට පුළුවන.
පුද්ගලීකරණයෙන්
හෝ
මිලිටරීකරණයෙන්
හෝ
අපේ තරුණ පිරිස
කාර්යක්ෂම
පුහුණු ශ්රමිකයන් බවට පත් කල යුතුය,
නව නිර්මාන
කරන පිරිසක් බවට හැරවිය යුතුය
මේවාට
අකුල් හෙලන
අන්තරේ
jvp npp පෙරටුගාමීන්
අඳුනා ගෙන,
අවවාද නොපිලි ගන්නේ නම්
වහාම
ඔවුන්ගේ ශිෂ්යභාවය
අහෝසි කර
විශ්ව විද්යාල පද්ධතිය තුලින් නෙරපා දැමිය යුතුය.
මොවුනට
උඩගෙඩි දෙන්නෝ වෙත් නම්
ඔවුන්ටද දැඩි දඬුවම් ලබා දිය යුතුය.
අන්තරයේ බලය
කුඩු පට්ටම් කර
මකා දමා
විශ්ව විද්යාල පද්ධතිය රැක ගන්නට
පියවර නොගන්න තාක් කල්
රටට සෙතක් වන්නේ නැත.