රෝ සංවිධානයේ බළලා මිලින්ද මොරගොඩගේ කටින් එළියට පනී
Posted on September 10th, 2022
Lanka Lead News
ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමඟ ඒකාබද්ධ කල යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් කළ බව ද daily mirror පුවත්පත වාර්තා කරයි.
ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ඉංදියාවේ උපායමාර්ගික උවමනාව මිලින්ද මොරගොඩ කටින් එලියට දැමීම ඉන්දියානු ඔත්තු සේවා සමත් වී ඇති බව ය.
ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදය යොදා යොදාගනිමින් මූල්‍ය ඒකාබද්ධ කරණය හෙවත් ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතා කිරීම, රේගු, සහ බදු ඒකාබද්ධ කරන මෙන් ම බලශක්ති, නාවික, ගුවන් සේවා ඒකාබද්ධ කරණය කිරීම මගින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමේ උපාය මාර්ගයක් ඉන්දියාව විසින් දියත් කර ඇත.
