විජේදාසලා ව්‍යවස්ථා මගෝඩියකින් 13 බලාත්මක කරයි ද? – ජාතික සංවිධාන තම සැකයට හේතු 14ක් කියයි
Posted on October 18th, 2022
උපුටා ගැන්ම Lanka Lead News
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ පත්‍රිකාවක් මගින් විජේදාස රාජපක්ෂලා ව්‍යවස්ථා මගෝඩියකින් 13 වැනි සංශෝධනය බලාත්මක කරනු ඇති බවට ඔවුන් විසින් එල්ල කරනු ලබන චෝදනාවලට හේතු දක්වා ඇත.
තම සංවිධානය එසේ සැක කරන්නේ කුමක් නිසාදැයි ඔවුන් හේතු 14ක් ඉදිරිපත් කර තිබේ.
මහා සංඝනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඊනියා අරගලකරුවන් විසින් පනවන ලද මානසික බාධක වලින් උන්වහන්සේලාට ගැලවීමට නොහැකි වීම ද එම හේතු අතර දක්වා ඇති එක් හේතුවකි.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ පත්‍රිකාව පහතින්…