තමිල්නාඩු සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයද්දී, නරේන්ද්‍ර මෝදි යුද්ධය ගැන කියයි (වීඩියෝ)
Posted on October 25th, 2022
Lanka Lead News
ඉන්දියාව පුරා ඊයේ(24) දීපවාලී උත්සව සැමරෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරු බව වාර්තා වේ.
එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු සුරංගනීට මාළු ගෙනාවා” සිංහල ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණි.
මෙම උත්සවයේ දී ඉන්දීය අගමැතිවරයා සදහන් කර ඇත්තේ, ඉන්දියාව යුද්ධය පළමු තෝරාගැනීම ලෙස නොසලකන බවත් අතීතයේ ශ්‍රී ලංකාව සමග යුද්ධයේ දී හෝ මහාභාරතයේ සදහන් කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී අවසන් මොහොත දක්වාම ඉන්දියානුවන් යුද නොකරන්නට උත්සාහ කළ බවයි.
ඉන්දියාව යුද්ධයට විරුද්ධ වුවද ශක්තිය නොපෙන්වා සාමය ළඟාකර නොහැකි බවද මෙහිදී ඔහු සදහන්කර තිබේ.