රටක් විදියට අපේ බලාපොරොත්තුව විදෙස් රැකියා සදහා වෘත්තිකයන් යොමු කිරීම මිස තවදුරටත් ගෘහ සේවය ප්‍රවර්ධනය කිරීම නෙවෙයි-ඇමැති මනුෂ සෞදියේ දී
Posted on November 12th, 2022
Manusha Media
රටක් විදියට අපේ බලාපොරොත්තුව විදෙස් රැකියා සදහා වෘත්තිකයන් යොමු කිරීම මිස තවදුරටත් ගෘහ සේවය ප්‍රවර්ධනය කිරීම නෙවෙයි
බිංදුවට වැටුණු රටකත් පටු දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවා නම්, අපට කවදාවත් අපේ රට ගොඩගන්න වෙන්නේ නෑ.
මේ තත්ත්වයට රට වැටීමේ වගකීම 100%ක් ම දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් භාර ගත යුතුයි.
ඔබේ යුතුකමේ පිහිටෙන් දැන් රටේ මිනිස්සු දෙයියනේ කියලා හුස්ම ටිකක් ගන්නවා.
ඇමැති මනුෂ සෞදියේ දී කියයි.
වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැසීය. ඒ සිය නිල සංචාරය අතරතුර සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති වෘත්තිකයන්ගේ හමුව අමතමිනි.
එහි දී රැස්ව සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
ඉතිහාසය තුළ සෞදිය කිව්වා ම අපේ හිත්වල තිබුණේ අපේ කාන්තාවන්ට සේවය කරන්න තියෙන තැනක් විදියට. විදේශ සේවා නියුක්ති කාර්යංශය ගත්තත් අරාබිකරයට රස්සාවකට එනවා කිව්වොත්, අපේ රට කාන්තාවන්ගේ ශ්‍රමය අඩු මුදලකට විකුණන රටක් විදියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. ඒත් සෞදියේ දී අපට හමුවුණු බොහෝ ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් කිව්වේ අපේ අම්මා ලංකාවේ කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් කිව්වා. ඒ කියන්නේ අපේ කාන්තාවන් තමන්ගේ සේවාව ඉතා ම හොදින් ඉටුකරලා තියෙනවා. අපි ඒක අඩුකොට සලකන්නේ නෑ. රටක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වන්නේ විදෙස් රැකියා සදහා හැකි තරම් වෘත්තිකයන් යොමු කිරීමෙන් මිස ගෘහ සේවයට යොමු කිරීමෙන් නෙවෙයි.
වෘත්තිකයන් විදියට ඔබ ලංකාවේ අධ්‍යාපනය ලබලා, සෞදියට ඇවිල්ලා ලංකාව වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. තවත් බොහෝ පිරිසක් ආයෙමත් ලංකාවට නොඑන්න ම දුර රටවලට යනවා. තමන්ගේ ගේ දොරත් විකුණලා ඒ ඩොලර් ටිකත් ඒ රටවලට ම අරගෙන යනවා. හැබැයි ඔබ, ඔබේ වේතනය ලංකාවට යවලා, නැවත කවදා හරි ලංකාවටත් යනවා. යුරෝපෙට, එංගලන්තයට, ඇමෙරිකාවට යන බොහෝ අය ආයේ නොඑන්නමයි යන්නේ. හැබැයි ඔබ ඔබේ යුතුකම ඉහළින් ම ඉටුකරනවා.
සෞදි රාජ්‍යයට වෘත්තිකයන් කාණ්ඩ තුනක් යටතේ හැකියාවන් තහවුරු කිරීමේ පරීක්ෂාවකින් අනතුරු ව යොමු කෙරෙනවා. ලංකාවෙන් සෞදියට එන විදුලි කාර්මිකයන් දැන් ඉන්නේ සහායකයන්, අත්උදව්කරුවන් විදියට. මේ හරහා ඉදිරියේ දී ඔවුන්ට විදුලි කාර්මිකයන් ලෙසින් ම රැකියාවට එන්න අවස්ථාව සැලසෙනවා.
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ලබා දෙන උපාධි හා ඩිප්ලෝමා සියල්ල සෞදි රජය පිළිගන්නා මට්ටමට සකස් කිරීම සදහා හදුනා ගැනීමේ වැඩපිළිවෙල ඉක්මනින් ම ක්‍රියාත්මක කරනවා.
එවගේ ම නියෝම් ව්‍යාපෘතිය ඇස් දෙකෙන් ම බලා ගන්න වුවමනාව තිබුණේ කොහොමද ඒක ගොඩ නැගෙන්නේ කියන එක බලාගන්න. මේ ව්‍යාපෘතිය තුළින් යුරෝපය සතු බලය ක්‍රමානුකූල ව මේ කලාපයට අත්පත් කරගැනීමේ සහ මෙය එහි මූලස්ථානය වීමේ ලකුණු පහළ වී තියෙනවා. මේකට තමයි අපි වැඩියෙන් ම අවධානයක් යොමු කළ යුත්තේ. ශ්‍රමිකයන් යොමු කරවීම, ව්‍යාපාර අවස්ථා හරහා කොහොමද මෙයින් අපේ රටට වැඩි වාසි ලබා ගන්න පුළුවන් කියලා අවධානය යොමු කළ යුතුයි. යුරෝපානුවන් අපේ ශ්‍රමය සහ සම්පත් හූරා කෑවා පමණයි. හැබැයි මෙය දෙපැත්තට ම සමබර කර ගනිමින් කොහොමද අපේ උන්නතියට භාවිත කරන්නේ කියන එක අපි සැලසුම් කර ගත යුතුයි.
කම්කරු හා විදෙස් රැකියා ඇමැතිවරයා වශයෙන් මෙහේ ඉන්න ප්‍රජාව සම්බන්ධයෙන් මට වගකීමක් තියෙනවා. මම විෂය භාර ඇමැතිවරයා මිස දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නෑ. මේ රටේ ශ්‍රමිකයා, විදේශගත ශ්‍රමිකයා භාර මට. මම මගේ රාජකාරිය කරනවා හැර ඉන් එහාට මට කිසි ම දේශපාලනයක් හෝ පක්ෂ දේශපාලනයක් නෑ. හැබැයි මට දේශපාලන මතවාදයක් තියෙනවා. මට තියෙන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකරන්න, ඒ යුතුකම ඉෂ්ට කරන්න.
ඉකුත් මැයි මාසේ අපි තීන්දුවක් ගත්තේ පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා. ආයේ දේශපාලනය කරන්න වුවමනාව තියෙනවා නම් ඒ තීරණය ගන්නේ නේ. එතනින් එහාට රට වෙනුවෙන් මිස ඊළග ඡන්දය බලාගෙන තීන්දු තීරණ ගන්නේ නෑ. රටේ කම්කරු නීති සුදුසු පරිදි සංශෝධනය කරනවා. හැබැයි වෘත්තීය සමිතිවත් එයාලගේ ඡන්දය වත් බලාගෙන නෙවෙයි. ලෝකයේ අනිත් රටවල කම්කරු නීති වගේ, කම්කරුවා ආරක්ෂා කරන ගමන් ව්‍යවසායකත්වයට ඉඩ දෙන, ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරය හදන්න හැකි වෙන පරිදි වෙනස් කරනවා.
විදේශ රැකියාවන්ට යොමු කරවද්දී, ශ්‍රමිකයා ආරක්ෂා කර ගැනීමට වගේ ම, නොතිබුණු නීති සම්පාදනය කරන්න, යල්පැනගිය නීති ඉවත් කරන්න, අපි කටයුතු කරන්නේ චෝදනා විවේචන, සමාජ මාධ්‍ය චෝදනා ගැන හිතන්නේ නැතිවයි. අපිට අවශ්‍ය හරි දේ. රට දියුණු කර ගන්න විතරයි.
ඒ නිසා ආරම්භයේ ඉදල ම අභියෝගාත්මක දේවල් ටිකක් කළා. විදෙස් ගත ශ්‍රමිකයන්ට විතරක් විදුලි වාහන ගෙන්නන්න අවසර දුන්නා. ළගදිම ඒ සදහා වන සුඛෝපභෝගී බද්ද ඉවත් කරනවා. රටට යවන මුදලින් හරි අඩක වටිනාකමට ඕනේ ම වාහනයක් ගෙන්න ගන්න පුළුවන්.
විදෙස් ගත ශ්‍රමිකයන් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය දැන් ක්‍රියාත්මකයි. ඒ වගේ ම රටට එවලා තියෙන මුදල් ප්‍රමාණය අනුව ඩියුටි ෆ්‍රී සීමාව ඩොලර් 7500 දක්වා වැඩි කරලා තියෙනවා. එවන මුදල් ප්‍රමාණය තහවුරු කරගැනීමට අවශ්‍ය ඩිජිටල් ක්‍රමවේදයන් සකසමින් ඉන්නවා. ඒ වගෙ ම ඕවර් සීස් ශ්‍රී ලංකන් යුනිට් එක හදලා තියෙනවා. ඔබට තියෙන සියලු ප්‍රශ්න, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට වන සියලු ප්‍රශ්නවලට ඒ ඒකකය හරහා විසදලා දෙන්න කටයුතු කරනවා.
ඩුබායි රැකියාවක දී NVQ සහතිකය තියෙනවා නම් ඉහළට යන්න පුළුවන්. කෝකිවරයෙක් විදියට එන කෙනෙක් එයාගේ රස්සාව කළාට, එයාට සහතිකය ගන්න විදියක් නෑ. ඒ වගේ අයට අපි සහතිකය ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා, නයිටා එකත් එක්ක එකතු වෙලා. මෙහේ දී ම ඒ අදාළ පරීක්ෂණ කරලා සහතිකය දීලා යන්න. ඩුබායිවලින් අපි ඒක පටන් අරන් තියෙනවා.
ජෙඩාවලදී ලැබුණු ඉල්ලීමක් තමයි ලංකාවේ අධ්‍යාපන ආයතනවල ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියන එක. ලංකාවට ගිය ගමන් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නවා. හැම ආයතනයකින් ම ඒ දේ ඉක්මනින් කරගන්න බැරි වෙයි. නමුත් කළ හැකි ආයතනවල ඉදන් ක්‍රමයෙන් ඒ දේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
විදේශගත ශ්‍රමිකයාට තිබුණු ගරුත්වය පිළිබද ප්‍රශ්නයට, ගුවන් තොටුපලේ දී මුහුණ පාන ගැටලුවලට හෝප් ගේට් එක හරහා විසදුම් දෙන්න පටන් ගත්තා. හැබැයි එතනත් තාම ඉන්නේ අපේ රටේ සාම්ප්‍රදායික නිලධාරීන් ම තමයි. ඒ නිසා අලුත් පරම්පරාව එහෙම නැතිව ඇති කියලා හිතලා එතැන රාජකාරීවලටත් ඉතා ඉක්මනින් තරුණ පිරිසක් යොදවන්න කටයුතු කරනවා.
රට වෙනස් කළ යුතු වේලාව මේක කියලයි අපි විශ්වාස කරන්නේ. අපිට ආයි වැටෙන්න තැනක් නෑ. බිංදුවට වැටිලා ඉවරයි. තෙල් පෝලිම්වල, බෙහෙත් නැතිව මැරුණා කියන්නේ ආයි වැටෙන්න තැනක් නෑ. එහෙම රටක තවදුරටත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කරනවා නම්, අපට කවදාවත් අපේ රට ගොඩගන්න වෙන්නේ නෑ. ඒ නිසයි රට වෙනුවෙන් තීන්දු ගන්න එකතු වෙලා ඉන්නේ.
බොහෝ දෙනෙක් ඔබට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න ඇති. හිතා ගන්නත් අමාරු වුණත් සරත් ෆොන්සේකා මහතත් කියලා තිබුණා ලංකාවට එක ඩොලර් එකක් වත් එවන්න එපා කියලා. හැබැයි ඔබ ඒ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියලා, ලංකාවේ පෝලිම්වල ඉන්න මිනිස්සු වෙනුවෙන් ඔබේ මුදල් බැංකුව හරහා යොමු කරන්න. අපේ අය එහෙ කළා. රුපියල් පහළොවේ විස්සේ වාසිය ගැන නොබලා මුදල් යොමු කළා. දැන් මාසික විදෙස් ප්‍රේශන මාසික ව ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගිහින් තියෙනවා.
මම යෝජනාවක් කළා විදෙස්ගත ශ්‍රමිකයන්ට ලංකාවට එද්දී අවශ්‍ය සම්පූර්ණ තෙල් ප්‍රමාණ ලබා ගන්න එයාපෝට් එකේ දී ම කාඩ් එකක් දෙන්න කියලා. ප්‍රමුඛතාව අනුව දැන් ඒක සංචාරකයන්ට දෙන්න පටන් අරන් තියෙනවා. විදේශගත ශ්‍රමිකයන්ටත් ඒක ඉක්මනින් ම ලබා දෙන්න කටයුතු කරනවා.
ගෘහ සේවිකාවකට එවන්න පුළුවන් ඩොලර් දෙසීයයි. විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියනයකින් වැඩි වෙනවා කිව්වාම, ඒ වගේ කොච්චර දෙනෙක් මේකට දායක වෙලා තියෙනවද? රට ගැන, රටේ මිනිස්සු ගැන හිතලා, කොච්චර නම් විදෙස්ගත ශ්‍රමිකයන් ප්‍රමාණයක්, ඩොලර් මිලියන දෙසීයේ ඉදලා තුන්සිය පනස් නවය වෙනකල්, ඩොලර් මිලියන එකසිය හැටකින් වැඩි වෙන්න කී දෙනෙක් දායක වෙන්න ඇති ද? සාමාන්‍යය ඩොලර් පන්සීයයි කියලා හිතුවත් කී දෙනෙක් මේ වෙනුවෙන් දායක වෙන්න ඇද්ද? ඒ නිසයි අපි හිතන්නේ අපි ඔබෙන් කළ ඉල්ලීමට, ඒ වෙනුවෙන් දැරූ වෙහෙසට ඔබ සාධාරණය ඉටුකරමින් ඉන්නවා කියලා. ඒ නිසා දැන් අපේ රටේ මිනිස්සු දෙයියනේ කියලා ටිකක් හුස්ම ගනිමින් ඉන්නවා.
දෙසැම්බර් වෙද්දී අයිඑම්එෆ් අරමුදල් සහාය ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. ඉන් අනතුරු ව ජාත්‍යන්තරයේ සහයෝගයත් සහනයත් ලැබේවි. ඒ සල්ලිත් අපි කන්නයි, බොන්නයි, හොරකම් කරන්නයි, අනවශ්‍ය ව්‍යෘපෘතිවලට යට කරන්නයි, කොමිස් ගහන්නයි ගන්නේ නැතිව විධිමත් සංවර්ධනයක් සදහා වන අපේ වැඩපිළිවෙල තුළ පමණක් යොදවන්න කටයුතු කෙරෙනවා. 1998 අයිඑම්එෆ් සහාය ලැබුණට පස්සේ තමයි කොරියාව ගොඩනැගුණේ. හිරොෂිමා – නගසාකි බෝම්බවලින් බිංදුවට ම වැටුණට පස්සේ තමයි ජපානය ගොඩ නැගුණේ. වියට්නාමය සීග්‍රයෙන් දියුණු වෙනවා, බංගලිදේශය වේගයෙන් ඉදිරියට එමින් ඉන්නවා, රටක් විදියට අපි තාමත් ඉතා ම පහළ.
ඒ වගකීම දේශපාලනඥයන් විදියට 100%ක් ම අපි භාර ගන්න ගමන්, රාජ්‍ය නිලධාරීනුත් ඒ වගකීම 100%ක් භාර ගත යුතු වෙනවා. ඒ වගේ ම රටේ මිනිස්සු විදියට අපිටත් ඒ වගකීම තියෙනවා. සිංගප්පූරුව, මැලේෂියාව, කොරියාව මේ තත්තවෙට ගොඩ නැගුනේ එක රැයකින් නෙවෙයි. මිනිස්සු හැමෝට ම එකට එකතු වෙන්න වුවමනා වුණා. මිනිස්සු එකතු වුණා. දැඩි නීති රීති දැම්මා. මිනිස්සු විදියට අපිටත් එතැනට එන්න පුළුවන්. අපි හැමෝම ඒ ගමන යන්න එකතු වෙමු.
—
Manusha Media