අරක්කු ටිකක් සිගරට් එකක් බීම මහ ලොකු දෙයක් නොව්..- භික්‍ෂු සභාපති හිමි
Posted on December 25th, 2022
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අරක්කු ටිකක් බිව්වට දුම්වැටියක් බිව්වට මහා ලොකු දෙයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමයේ සභාපති පූජ්‍ය උදේනිගම ගුණරතන හිමියෝ සඳහන් කරති.

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ කියා සිටියහ.
භික්ෂු විශ්ව විද්‍යාලයේ හමු වූ මත්පැන් බෝතල් අලුත්ම බෝතල් බවත් ඒවා හමුවූයේ සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටවී ගියාට පසුව වීම පුදුම සහගත වුවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
දෙරට රූපවාහිනී නාලිකාවට එරෙහිව විරෝධතාවයක් පවත්වමින් සිටි අතරතුර මාධ්‍ය වෙත උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.