කුරුන්දවාසෝක විහාරය – දෙවෙනි කොටස
Posted on January 13th, 2023

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

තමන්ගේ මවුබිමේ ඉතිහාසය සමග වෙන්කළ නොහැකි සේ බැඳී ඇති පුරාණ ශිෂ්ටාචාරය, සංස්කෘතිය සහ සංස්කෘතික සිහිවටන පිළිබඳ යම් පමණක හෝ දැනීමක් ලබාගැනීම සහ සංරක්‍ෂණය කිරීම මානව හිමිකමක් පමණක් නොව මානව වගකීමකි. තමන්ගේ මුතුන්මිත්තන් සැමරීමකි. 

(පළමුවෙනි කොටසෙන්)
පොළොන්නරුවේ අංක 1 සහ 2 සිව කෝවිල් දෙක හැර ප‍්‍රදේශයේ වෙනත් සිව/හින්දු කෝවිල් නොවූ බව සහ ද්‍රවිඩය’යි විශේෂයෙන් සඳහන් කළ හැකි ගොඩනැගිලි කිසිවක් චෝල ආක‍්‍රමණ යට පෙර නොවූ බව සිංහලයේ ද්‍රවිඩ සිහිවටන පිළිබඳ විමසුමක නිරත වූු මහාචාර්ය නන්දසේන මුදියන්සේ ප‍්‍රකාශ කරයි. චෝල ආක‍්‍රමණිකයන් පළවාහැරීමෙන් පසු පළමුවෙනි විජයබාහු රජු කුරුන්දි විහාරය ඇතුළු කුරුන්දි, තිරියාය, පදීරට, යාපාපටුන ආදී ප‍්‍රදේශවල විනාශයට පත්කොට තිබූ බෞද්ධ පුදබිම් පිළිසකර කොට ඇත.

කුරුන්දිරට සහ කාලිංග මාඝ
ව්‍ය.ව. 13 වෙනි සියවසේ කාලිංග මාඝ ආක‍්‍රමණයට මේ පුදබිම් ගොදුරු විය. වසර දසක හතරක පමණ කාලයක් කුරුන්දි, පදී, කාකාලය, ගෝනරට, ගංතලා, මානාමත්ත, කොටුසරගම, ඌරාතොට ආදී ස්ථාන පහළොවක කේරළ කුලී හේවා කඳවුරු තබාගෙන සිටි මාඝට මේ ප‍්‍රදේශවල සිංහල බෞද්ධ ජනපද අහෝසි කිරීමට නොහැකි වූ බව, දෙවෙනි පරාක‍්‍රමබාහු රජු (ව්‍ය.ව. 1236-1270* ව්‍ය.ව. 1255 දී මාඝ පරාජය කිරීමෙන් වසර කීපයකට පසු, ව්‍ය.ව. 1260 දී පමණ ජාවාහි ශී‍්‍ර විජය රාජ්‍යයේ කුමාරයෙකු වූ චන්ද්‍රභානු කුරුන්දිරට, පදීරට ආදී ප‍්‍රදේශවල සිංහල බෞද්ධ ජනපදවාසීන්ගේ සහාය ලබාගෙන සිටීමෙන්25 තහවුරු වෙයි.
මාඝ භීෂණ සමයේ වනගත වූ රජරට ගම්වැසියන්ගේ ප‍්‍රධානීන්, වන්නි පාලකයන්, වන්නිවරු දෙවෙනි පරාක‍්‍රමබාහු රජුගෙන් ධජ, ඡුත‍්‍ර, අධිකාරී බලය ලබාගෙන වන්නි ප‍්‍රදේශ පාලනය විධිමත් කරගෙන ඇත. ව්‍ය.ව. 15 වෙනි සියවසේ 6 වෙනි පරාක‍්‍රමබාහු රජුගේ (ව්‍ය.ව. 1415-1470* කාලයේ සිට මේ ප‍්‍රදේශ පමණක් නොව යාපාපටුන ද සිංහල රජුගේ පාලනය යටතේ විය. කුරුඳුගමුරට= කුරුන්දි=කුරුන්දන්වූර්, මානාවතුරට=මානාමත්ත, ඡුාවාගච්ඡෙරිරට, මාරච්චිරට, මඩුවල්ලියාරට, බලතඩිරට, කනුකිනියාරට, පදී (පදවිය, ගිරිකණ්ඩ, කෝකාලයරට, පුල්මුට්ටේ, තිරියාය, පල්ලවවංක, මුලතිව් ආදී ප‍්‍රදේශ සෙන්කඩගල (නුවර රාජ්‍ය යුගයේ ද සිංහල බෞද්ධ ජනාවාස බව කඩඉම්පොත් එළිදරවු කරයි.
ව්‍ය.ව. 17 වෙනි සියවසේ පුර්තුගීසි ජාතික කපිතාන් ජෝ.ආ. ඕ. රිබෙයිරෝ සහ රොබට් නොක්ස්, 18 වෙනි සියවසේ ප‍්‍රංශ රජය නිකුත් කළ 1722 ලංකා සිතියම සහ 19 වෙනි සියවසේ ජේ.පී. ලූවිස් යුරෝපීය ආක‍්‍රමණිකයන් කාලයේ ද කුරුඳුගමුරට ඇතුළත් වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කයට අයත් ප‍්‍රදේශය වන්නි ජනයා වාසය කළ භූමියක් බව සහ කිසිම ඉන්දියානු භෂාවක් කථා නොකළ ඔවුන් යුරෝපීයයන් වැනි පැහැපත් අය බව34 කියා ඇත.

ඉංගිරිසි කොලනිවාදීන් කුරුඳුගමුරට වනසයි.
කුරුඳුගමුරට දිසාවනියේ වැසියන්ට තමන්ගේ සම්පත වූ ගවයන්ගෙන් අටෙන් එකක් (1/8* ඊශානදිග මුහුදුබඩ ප‍්‍රදේශයේ සිටි ඉංගිරිසි හමුදාවේ ආහාරය සඳහා දීමට සිදු විය. බොහෝ විට, ගවයන්ගෙන් භාගයක් සොරා ගනුු ලැබීය. ස්වාභාවික විපත් වලට වඩා ඉංගිරිිසි ආක‍්‍රමණිකයන් විසින් මේ ප‍්‍රදේශය විනාශ කරනු ලැබීය. වැව් විනාශයට පත්කරනු ලැබීය. කුරුඳුගමුරට හරහා යාපනේ සහ තිරිකුණාමලය අතර ගමන් කළ ඉංගිරිසි හමුදා භටයන් කළ නොපනත්කම් නිසා ප‍්‍රදේශයේ ගම්වල පදිංචිව සිටි වැසියෝ ප‍්‍රදේශය හැර ගියහ. මේ ප‍්‍රදේශයේ ගම්මාන පාලූවිය. ඉංගිරිසීන් අල්ලාගත් පසු මේ ප‍්‍රදේශයේ ජනගහණය සහ සශී‍්‍රකත්වය දැඩි ලෙස විනාශ වූ බව සඳහන් කිරීමට ඉංගිරිසි පරිපාලන නිලධාරියෙකු වූ ජේ.පී. ලූවිස් පෙළඹවීමට තරම් විනාශය දැඩි විය.
කොලනිවාදී ඉංගිරිසි ආක‍්‍රමණිකයන් මේ ප‍්‍රදේශයේ සිංහල බෞද්ධ ජනපදවලට කරන ලද විනාශය සහ හානිය පිළිසකර කිරීමට මෙතෙක් නොහැකි වී ඇත. වසර දහස් ගණනක් මේ ප‍්‍රදේශයේ උරුමකරුවන් වූ, සිංහල ඉඩම් භුක්ති නීතිය අනුව උරුම හිමිකම් ලබා තිබූ ගම්වැසියෝ ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්, කෙත්වතුවලින් කොලනිවාදී ඉංගිරිසින් විසින් පළවාහරිනු ලැබූහ. ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්* ඕඩිනන්ස් ඔෆ් 1840 (ක්‍රදඅබ ඛ්බා :ෑබජරද්ජයපැබඑ* ධරාසබ්බජැ දෙ 1840, සිලෝන් වේස්ට් ලෑන්ඞ් ඕඩිනන්ස් ඔෆ් 1897 (ක්‍ැහකදබ උ්ිඑැ ඛ්බා ධරාසබ්බජැ භදග 1 දෙ 1897 ආදී ආඥා යොදාගනු ලැබීය. ගම් පාලූ විය. ස්ථිර පදිංචිය අහිමි කොට කැලෑ මැද හේනෙන් හේනට මාරු වෙමින් සංචාරක ජීවිත ගත කරන අසරණයන් බවට සිංහල බෞද්ධ ගම් වැසියන් පත් කරන ලද බව ඉංගිරිසි නිලධාරීන්ගේ නිලවාර්තා පැහැදිලිව කියයි.

දෙමළ කොලනි පිහිටුවීම 1832 වසරෙන් පසු
කෝබෲක් යෝජනා වලට පසු 19 වෙනි සියවසේ මැද පමණ සිට තිරිකුණාමලය සහ කුරුඳුගමුරට (මුලතිව්* ඇතුළු වන්නි ප‍්‍රදේශයේ දෙමළ කොලනි පිහිටුවීම සඳහා ප‍්‍රදේශයේ ඉංගිරිසි ආණ්ඩුවේ ඒජන්තලා (ඨ්ල ්ඨ්* උනන්දු වී ඇත. ඔවුන්ගේ නිල වාර්තා අනුව ගම්බිම් අහිමි කිරීමෙන් උන්හිටිතැන් අහිමි කරන ලද සිංහල බෞද්ධයන් නැවත පදිංචි කිරීම (රිසෙට්ල්මන්ට්* සිදු නොකොට දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් ”දෙමළ කොලනි” පිහිටුවීම කළේ උතුර සහ නැගෙනහිර පළාත්වල ස්ථිර දෙමළ පදිංචියක් නොවූ නිසාය. පදිංචියට එන දෙමළ ජනයාට ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප‍්‍රදානය කිරීම ඒ බව තහවුරු කරයි. ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් ද දෙමළ පදිංචියක් තිබූ බවට ”නිශ්චිත ශාක්‍ෂි ලැබී නැති” බව ප‍්‍රකාශ කරයි.
කුරුන්දවාසෝක පුදබිමේ පැවැත්ම සඳහා සඟසතු කොට පූජා කරනු ලැබූ කෙත්වතු සහ සිංහල බෞද්ධ ගම්මානවලට අයත් අක්කර ලක්‍ෂ ගණනක් අක්කරය රුපියල් 3 සහ රුපියල් 5 අතර මිළට අසිංහල, අබෞද්ධයන්ට ව්‍ය.ව. 1832 වසරේ මැයි මස සිට පවරනු ලැබීය. වගා කටයුතු සඳහා අවශ්‍ය කුලීකරුවන් සොයා ගැනීම ඉඩම් කැබලි මිළට සහ බද්දට ගත් අයගේ වගකීම විය. යාපනේ ආණ්ඩුවේ ඒජන්ත, පර්සිවල් ඩයික්ගේ අනුග‍්‍රහය ඇතිව අසිංහල, අබෞද්ධයන් දුම්කොළ වගාව ඇතුළු කෝපි, තේ වගාවට කුලීකරුවන් ලෙස ගෙනවිත් පදිංචි කරවන ලද පල්ලා සහ නලවා ආදී ‘හීනජන්මී’ කුලවල අය සහ ඔවුන්ගේ කංකානිලා වූ වෙල්ලාලයන් දෙමළ කොලනි වැසියන් වී ඇත. (විසිවෙනි සියවසේ පවා දෙමළ ජනයා විසින් ”උතුරේ රාජා”, ”කිං ඩයික්” යනුවෙන් සමරන ලද පර්සිවල් ඇක්ලන්ඞ් ඩයික් දෙමළ කුලීකරුවන් සපයන ”රැුකියා ඒජන්සිය” බවට පත් වී ඇත.39 මේ ප‍්‍රදේශයේ දෙමළ පදිංචිය ආරම්භ වී ඇත්තේ ව්‍ය.ව. 19 වෙනි සියවසේ, එනම් 1832 වසරෙන් පසුව වෙයි.
මුලතිවු දිස්ති‍්‍රක්කය ඇතුළු වන්නියේ, දෙමළ භාෂාවෙන් කිසිම අර්ථයක් දැක්විය නොහැකි දෙමළ නම් සහිත සිය ගණනක් වූ කොට්ඨාශ සහ ස්ථාන සියල්ලම නිසැකයෙන්ම පැරණි සිංහල වාසභූමි බව හෝස්බර්ග්, ජේ.පී. ලූවිස් වැනි ඉංගිරිසි පරිපාලන නිලධාරීන් සහ රාසනායගම් මුදලි, ඥාණප‍්‍රකාසර් පියතුමා ඇතුළු දෙමළ උගතුන් පිළිගෙන ඇත. කුරුඳුගමුරට දිසාවනියේ විශාල ප‍්‍රදේශයක් එක් කොට 1876 දී නිර්මාණය කරන ලද මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුතුක්කුඩියිරුප්පු, කරික්කට්ටුමුලෙයි, මුල්ලියාවලෙයි, කරුනාවල්පත්තු, මේල්පාත්තු, තුනුක්කායි ආදී කොට්ඨාශ (පත්තු* නාම ඉතාමත් නූතන (19 වෙනි සියවසේ* ඒවා බව ජේ. පී. ලූවිස් නිශ්චිතව නිගමනය කරයි. මුලතිවු දිස්ති‍්‍රක්කය (1876* නිර්මාණය කිරීමට පෙර නැගෙනහිර පළාතේ පැවති කුරුඳුගමුරට තුළ දෙමළ කොලනි පිහිටුවීම 1832 වසරෙන් පසු සිදු වී ඇත.
විසිවෙනි සියවසේ දෙවෙනි දසකය වෙන විටත් වන්නි ප‍්‍රදේශයේ දෙමළ කොලනි පිහිටුවීම එතරම් සාර්ථක වූ බවක් නොපෙනේ. ව්‍ය.ව. 1910 දී ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම්ගේ යාපනේ දෙවෙනි සංචාරයේ දී පැවැත් වූ ”යාපනේ දෙමළ ප‍්‍රධානීන්ගේ රජදැක්මේදී” (ද ¥ර්බාර් ඔෆ් ටැමිල් චීෆ්ස් ඔයැ ෘමරඉ්ර දෙ ඔ්පසක ක්‍යසැෙි* සාකච්ඡුා කළ කරුණු අතර ”වන්නියේ කොලනි” පිහිටු වීම ප‍්‍රධාන සහ වැදගත්ම කරුණ විය. (පොන්නම්බලම් රාමනාදන්, හෙන්රි ප‍්‍රැන්සිස් මුත්තුකිස්ට්නා, කි‍්‍රස්ටෝපර් බි‍්‍රටෝ ආදීන් ද සහභාගී වෙන්නට ඇත.* ව්‍ය.ව. 1910 වසරෙන් පසු වන්නියේ දෙමළ කොලනි පිහිටුවීම ඉහළ සිට පහළට වේගවත් විය.
ඉංගිරිසි ඉඩම් නීති ආඥා මගින් පැහැරගත් ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් රජයේ දීමනා ලෙස (ක‍්‍රවුන් ග‍්‍රාන්ට්* නොමිළේ ලබාගත් අසිංහල, අබෞද්ධයන් අතර ඉංගිරිසි ආණ්ඩුකාරයන්, හමුදා සහ රජයේ ඉහළ නිලධාරීන් දුම්කොළ, කෝපි, තේ ආදී වාණිජ ද්‍රව්‍ය වගා කරුවන් වී ඇත. වගාවට ගෙන එන ලද ඉන්දියානු කුලීකරුවන් පදිංචි කරවා ව්‍ය.ව. 19 වෙනි සියවසේ සිට නැගෙනහිර මුහුදුබඩ ප‍්‍රදේශවල දෙමළ කොලනි පිහිටුවීමේ කටයුතුවල එඞ්වඞ් බාන්ස්, හෙන්රි වෝඞ් ආදී ආණ්ඩුකාරයන් සහ ජේ. ඩබ්ලියු. බර්ච් ආදී ආණ්ඩුවේ ඒජන්තලා නිරත වී ඇත.
ඉංගිරිසීන් 19 වෙනි සියවසේ සිට ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්* ඕඩිනන්ස් සහ සිලෝන් වේස්ට් ලෑන්ඞ් ඕඩිනන්ස් ආදී නීති ආඥා යෙදාගෙන සිංහල බෞද්ධයන් වසර දහස් ගණනක් භුක්ති විඳිමින් සිටි බිම්වලින් පළවාහැර සහ බෞද්ධ පුදබිම් පැවැත්ම සඳහා පුදා තිබූ සඟසතු ඉඩම් පැහැරගෙන ඉන්දියාවෙන් කූලීන් ලෙස ගෙනා ජනයා පදිංචි කරවා දෙමළ කොලනි පිහිටුවන ලද බව ඉතිහාසගත කරුණකි. (තෙවෙනි කොටස)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress