ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ..
Posted on February 21st, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ජාත්‍යන්තර මව්භාෂා දිනය (International Mother Language Day) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් 2023.02.21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.

  සෑම වසරකම පෙබරවාරි 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මව්භාෂා දිනය සාමය ස්ථාපනය කිරීම, බහු භාෂා භාවිතාව ප්‍රවර්ධනය සහ ලොව පුරා ඇති මව්භාෂා ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය එක්ව මෙවර ජාත්‍යන්තර මව් භාෂා දිනය සංවිධානය කර තිබිණි.

  ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ටරේක් අරිෆුල් ස්ලාම් ( Tareq  Ariful Islam) ඇතුළු රටවල් රැසක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සරත් දාස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්. තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ, යන අය මෙම අවස්ථාවට එක්වූහ. 

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress