චීන කාබනික පොහොර නැව ගෙන්වූ ආයතනයේ ලොක්කා මාලිමාවෙන් වත්තල ප‍්‍රාදේශීය සභාවට…
Posted on March 4th, 2023
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
පසුගිය සමයේ චීනයෙන් කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට සම්බන්ධ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ජාතික ජන බලවේගය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී ඇති බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු ජාතික ජන බලවේගයෙන් වත්තල ප‍්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා නාම යෝජනා භාරදී ඇති බව ද හෙතෙම පැවසීය.
කාබනික පොහොර නැව සමග තමන්ගේ කිසිම සබඳතාවක් නැති බවද පැවසූ ඒ මහතා එම නැව ගෙන්වීමට අදාළ සියලු කටයුතු තමන් අමාත්‍ය ධූරය භාර ගැනීමට පෙර සිදුව තිබූ බවද කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.