උදය-වය දකින ආකාරය – 3 කොටස – සබ්බාසව සූත්‍රය -පුබ්බේ නිවාසානුස්සති හා චුති-උප්පාද ඤාණයට හසුවන ‘වය’
Posted on March 30th, 2023
තිස්ස ගුණතිලක
මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඉවසීමෙන් කියවන ලෙසට ආරාධනා කරමි.
භාහිර රූප හැඩතලයෙන් නිකුත්වන යම්කිසි වේගයක් සහිත රූප තරංගය (වර්ණ තරංග, ශබ්ද තරංග ආදිය) පංචේන්ද්‍රියන් මත ස්පර්ශවීමෙන් ප්‍රසාද ක්‍රියාවලිය ආරම්භවෙයි. ප්‍රසාදය යනු ස්වභාව ධර්මය (ආත්මීය නොවන භාහිර ලෝකය) හා පරමාර්ථ ලෝකය (චෛතසිකය) අතර දොරටුවයි (interface).
ප්‍රසාදයේ විපරිනාම වේගය උප්පාද. තිථි, චුති (භංග) ලෙස අවස්ථා තුනකින් සිදුවෙයි (ප්‍රථම ආනන්ද සූත්‍රය1). භාහිර රූප තරංගය ප්‍රසාදයෙහි වදින/ස්පර්ශවන අවස්ථාවේ එයට ඉහත සඳහන් එක්තරා විපරිනාම වේග අවස්ථාවක් හමුවෙයි. හමුවන විපරිනාම වේග අවස්ථාවට අනුකූලව ප්‍රසාද ධාරා (phases) තුනක් ජනනය වෙයි. ප්‍රසාද ධාරාවක් යනු චිත්තක්ෂණයකි.
- රූප තරංගය ‘උප්පාද’ අවස්ථාවේ ප්‍රසාදයේ ගැටෙනවිට ‘වය’ ප්‍රසාද ධාරාවත් – වය චිත්තක්ෂණයත් (වය phase),
- රූප තරංගය ‘තිථි’ අවස්ථාවේ ප්‍රසාදය හා ගැටෙනවිට ‘උදය’ ප්‍රසාද ධාරාවත් – උදය චිත්තක්ෂණයත් (උදය phase),
- රූප තරංගය ‘චුති (භංග)’ අවස්ථාවේ ප්‍රසාදයේ ගැටෙනවිට හිස්/බොල් ප්‍රසාද ධාරාවක ස්වභාවයත් හටගනී.
ඉහත සඳහන් ප්‍රසාද ධාරාවන් (phases) එකක් පසුපස එකක් චක්‍රීයව සිදුවේ (වය-උදය-හිස්-වය-උදය ආදි වශයෙන්).
ඉහත සඳහන් ප්‍රසාද ධාරා phases තුනෙන් ප්‍රකටවන්නේ උදය හා වය ප්‍රසාද ධාරාවන් බව දැන් ඔබට පසක් විය යුතුය.
උදය ප්‍රසාද ධාරාවන් පසුපස එලැබෙන ස්කන්ධ ක්‍රියාවලිය සිහියට හසුවෙයි. රෑප වේදනා සංඥා වලින් ඇරඹී සංකාර හා විඤ්ඤාණ යන නාම ධර්ම ඇතිවන්නේ මෙම අවස්ථාව තුලයි. එය සම්පූර්ණ පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ඇරඹුමයි, එනම් උදය ප්‍රසාද කලාව/ධාරාව තුල කාමාශ්‍රව, භවාස්‍රව ඇතිකරන උපාදාන ඇති වී භවය සකස්කර සත්වයා දුකට පත්කරයි. (කෙලෙස් සහිත සිත).
වය ප්‍රසාද ධාරාව පසුපස එලැබෙන ස්කන්ධ ක්‍රියාවලිය සම්පූර්ණවීමට තුඩුදෙන හේතු සකස්වීමට පෙර ප්‍රසාදයේ විපරිනාමය උත්පාදයෙන් තිථියට අවස්ථා සීරුමාරු වෙයි. මෙහිදි ස්කන්ධයේ ‘රූප වේදනා සංඥා’ යන තැනින් ස්කන්ධ ක්‍රියාවලිය අවසන් වන අතර ළදරුවෙකුගේ මෙන් ප්‍රභාශ්වර සිත ඉතිරි කර ‘ක්‍රියා සිතක්’ පමනක් උපදවයි. බුදුන් වහන්සේ භාහියට ‘දැක්කොත් දැක්කාම පමනයි …..’ වශයෙන් දේශනා කලේ මෙම වය ධාරාවේ phase පවත්නා සිහියට හසුකර ගත යුතු ක්‍රියා සිතයි. (කෙලෙස් රහිත සිත). මේ නිසා වය ධාරාවේ කාමාශ්‍රව භවාශ්‍රව ඇතිවීමට අවකාශයක් ඇති නොවෙයි.
සබ්බාස්‍රව සුත්‍ර දේශනාව තුල (බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ) 9 වන ඡේදයේ සඳහන්වන පරිදි:
අතීතයේ (මොහොතකට පෙර) ඇතිවු ප්‍රසාද ධාරාව හා ඊට අනුකූල ස්කන්ධය සිහියට හසුකර ගන්නා (දැකීමේ) ඤාණය ‘පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි‘ (පෙර ඇතිවු ස්කන්ධ/කඳ පිලිවෙත). අතීතයේ (මොහොතකට පෙර) ඇතිවූ ස්කන්ධ පිලිවෙතට අනුව ඊලඟට (අනාගතයේ) ඇතිවන ප්‍රසාද ධාරාව කුමක් දැයි තීරණය (determine) කිරීම මෙම වෑයමේ මුඛ්‍ය පරමාර්ථයයි.
අතීතයේ එනම් මොහොතකට පෙර සිතක් ඇතිවූයේද? (උදය හෝ වය phases) , සිතක් ඇති නොවූයේද (හිස්/බොල් phase)? (අහෝසිං නු බො අහං අතීතමද්ධානං?, න නු බො අහෝසිං අතීතමද්ධානං?)
නැතිවූ සිත කුමන සිතක් දැයි, කෙබදු සටහනක් සහිත සිතක් දැයි (කිං නු බො අහෝසිං අතීතමද්ධානං? කථං නු බො අහොසිං අතීතමද්ධානං?) දැක්කේනම් එය පසුපසින් ඊලඟට අනාගතයේ ඇතිවන සිත තීරණයකර (determine) අල්ලාගැනීම (භවිස්සාමි නු බො අහං අනාගතමද්ධානං ……… ?) කල හැකිය.
මෙම ක්‍රියාවලිය තුල ඉලක්කය වන්නේ ‘වය’ හෙවත් ආස්‍රව ඇතිනොවන, භාහිය දුටු, ප්‍රභාශ්වරය පවත්නා ක්‍රියා සිත දැකීමයි. අතීත චුති – හිස් ප්‍රසාද ධාරාවට පසුව එලැබෙන්නේ උප්පාද වේගය තුල ඇතිවන වය ප්‍රසාද ධාරාවයි. එය සිහියට හසුකර ගන්නා/දකින නුවන ‘චුති-උප්පාද ඤාණයයි‘.
නැවතත් සාරාංශයක් ලෙස දක්වන්නේ නම්:
හිස් ප්‍රසාද ධාරාව (චුතිය) පසුපස පැමිනෙන්නේ උප්පාද නැතහොත් වය ප්‍රසාද ධාරාවට අනුකූල රූප වේදනා සංඥා වලින් අවසන්වන සංකාර නොවන ප්‍රභාශ්වරයක් සහිත ස්කන්ධ ක්‍රියාවලියයි. ඉන්පසු එලැබෙන්නේ තිථි ප්‍රසාද ධාරාවට අනුකූල සම්පූර්ණ ස්කන්ධ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාව චක්‍රීයව සිදුවෙයි.
වය ප්‍රසාද ධාරාව සිහියෙන් අල්ලා ගැනීමට වය ඇතිවන අවස්ථාවට සූදානමක් ලෙස ඊට පෙර ඇතිවූ ප්‍රසාද ධාරාව දැකිය යුතුය.
පුබ්බේ නිවාසමෘති ඤාණය (පෙර ඇතිවූ ස්කන්ධ ක්‍රියාවලිය දැකින ඤාණය) අවශ්‍යවන්නේ මෙම පෙර ඇතිවූ ප්‍රසාද ධාරාව හඳුනා ගැනීමටයි. එවිට වය ඇතිවන තැන සිහියට අල්ලා ගැනීම පහසු කරයි.
උප්පාද අවස්ථාවට (වය) ප්‍රසාදය මාරුවන්නේ චුති ප්‍රසාද අවස්ථාවෙනි. චුති ප්‍රසාදයෙන් පසුව වය (උප්පාද) ප්‍රසාදය වෙයි. මෙම ප්‍රසාද අවස්ථා මාරුව සිහියට හසුකරගත හොත් ‘වය’ ප්‍රසාද ධාරාව පහසුවෙන් සිහියට හසුකර ගතහැකි වෙයි.
මේ සඳහා අවශ්‍යවන්නේ ‘චුති උප්පාද ඤාණය’ යි (විපරිනාමයේ චුතියෙන් පසුව ඇතිවන උප්පාද වේගයේ ප්‍රසාදය (වය) දකින ඤාණය).
අප මෙතෙක් ජීවත් වූයේ ආස්‍රව ඇතිකරනා ඒනිසාම දුක ඇතිවන සමුදය හෙවත් ‘උදය ප්‍රසාද ධාරාව’ phase තුලයි. එනම් අප නිතිපතා ‘උදය’ දකී. ඉහත සඳහන් ආකාරයට වය ප්‍රසාද ධාරාව ඔබට සිහියට හසුකර ගැනීමට හැකිනම් ඔබ ‘ස්කන්ධයේ උදය-වබ දැක්කේ/සිහියට හසුකරගත්තේ’ වෙයි.
උදය වය දැකීම යනු සද්ධර්මය තුල එන ‘දර්ශනය’යි. උදය වය දැකීමෙන් ප්‍රහානයවන සංයෝජන තුනකි – ආත්ම දෘශ්ඨිය, විචිකිච්චාව හා සීලබ්බතයයි. මේ දර්ශනයෙන් ප්‍රහානය (දස්සනේන ප්‍රහාතබ්බා) වී සෝතාපන්නයට පත්වන ආකාරයයි.
1. ප්‍රථම ආනන්ද සූත්‍රය – සංයුක්ත නිකාය- බන්ධක වග්ගය-බන්ධක සංයුක්තය- නතුම්හාක වග්ගය – 5 ආනන්ද සූත්‍රය
“ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස (ඨිතානං (ස්‍යා. කං. පී. ක.)) අඤ්ඤථත්තං පඤ්ඤායතී’ති? එවං පුට්ඨො ත්වං, ආනන්ද, කින්ති බ්‍යාකරෙය්‍යාසී’’
තිස්ස ගුණතිලක
2023 මාර්තු මස 31 වනදා