ජාතික සන්හිඳියාවට අමාත්‍ය මන්ඩල කමිටුවක්?-13.4 2023 අමාත්‍ය අලි සබ්‍රි. ප්‍රවුර්තියක්
Posted on May 3rd, 2023

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලන්.පසේ)_අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්

අමාත්‍ය මන්ඩලයේ පමණක් නොව සමස්ථ රාජ්‍ය යානන්ත්‍රණයේම පූර්ණ අවධානය යොමුවිය යුතු ජාත්‍යන්තර ණය කන්දරාව, දැරිය නොහැකි ජීවන වියදම, කුසගින්න, බේත් හිඟය රටතුල නීතියේ හා සාමයේ බිඳවැටීම,  මත් ද්‍රව්‍ය වසන්ගතය,  දේශපාලන අස්ථාවරභාවය, රාජ්‍ය සේවයේ බිඳවැටීම සහ අකාර්යක්ශමතාව, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්  විභාග උත්තර පත්‍ර පරීක්ෂානොකිරීම, සමාජ අසහනය. රාජ්‍ය විරෝධතා සහ ඉමක් කොණක් නැති වැඩවර්ජන වැනි අහස උසට රජයේ දැඩි අවධානය යොමුවිය යුතු අනන්ත දැවෙන ජනතා ප්‍රශ්න තිබියදී ජාතික සන්හිඳියාව නමැති මේ රටේ දේශපාලනඥයින් සහ අන්තවාදි ජාතිවාදීන් විසින්ම නිර්මාණය කරණළද දේශපාලන කුණුසරුපයක් පිළිබඳ අමාත්‍යමන්ඩල  අනුකමිටුවක් පත්කිරීම ලෝක විහිලුවක් වෂයෙන් මම දකිමි.

ජාතික සන්හිඳියාව යන්නෙන් රජය අදහස් කරණුයේ රට තුල සින්හල,දෙමළ සහ මුස්ලිම් වැනි ජනවර්ග අතර ආරවුල් වියවුල්, අවිස්වාශය සමනයකොට සියළු දෙනාම එක්සත්ව සහයෝගයෙන් ජීවත් වීම යයි මම සිතමි. මා දකින අන්දමටමේ ජනවර්ග තුනේම සාමාන්‍ය මිනිසුන් අතර එවැනි අවුල් වියවුල් ආ දී කීසිවක් දක්නට නැත සියලුදෙනාම සාමයෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙත්.නමුත් මෙම ආරවුල් වියවුල් ගොඩනැගීමට ප්‍රධාන හේතුව දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින්ගේ අන්තවාදී සහ වර්ගවාදි ආකල්ප සහ ක්‍රියාවන්ය. දෙවණුව මේ රට් සින්හලයින් විසින් වසර දහස් ගානක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගාගත් බෞද්ධ සිශ්ඨාචාරාය ආත්මකොටයගත් ඔවුන්ගේ මව් බිම බව පිලි නොගැනීම. තවද ලෝකයේ වෙනත් කිසිම රටක කිසිම සුළුජන කොටසකට නොමැතිතරම්  වරප්‍රසාධ  තමන් භුක්තිවිඳින බව  පවා නොදැනීම, මේ රට සහ සින්හල ජාතිය විනාශකිරීමට අර අඳින බටහිර අදිරාජ්‍යවාදීන්ගේ  සහයෝගය, මුදල් ආධාර සහ උසි ගැන්වීම් වගේම.තමන්ට කියා රටක් හෝ ජාතියක් ලොකයේ වෙනත් කිසිම රටක නැතිවීම,සින්හල බෞද්ධයින්ගේ ඉවසීම, සින්හල බෞද්ධ දේශපාලකයින් තුල තම  රට, ජාතිය සහ ජාතික වස්තුව වූ ආගම ගැන ආදරයක් හෝ කිසිදු හැඟීමක් නොමැතිවීම ආදි දහසකුත් හේතු නිසා  යන්ට එන්ට රටක් නැති නිසා මේ රටෙන් කොටස් කඩාගැනිමට ඇති ආශාව මෙන්ම  ඔවුනෙග් සියලු විරෝධතා සින්හලයින් ඉවසාසිටීම සහ රට පාලනය කරන්නාවුන් මොවුන්ගේ ඡන්දය ලබාගැනිමට ඇති ආශාව වැනි  හේතු නිසා රට තුල පවතින මෙම අභාග්‍යසම්පන්න  තත්වය උදාවි ඇති බව මගේ හැඟීමයි.

මෙවැනි තත්වයක් යටතේ අමාත්‍ය මන්ඩලයේ කාලය මෙන්ම රජයේ මුදල් මෙවැනි කිසිදු  වැදගැන්මක් නැති ප්‍රශ්නයක්  වෙනුවෙන් වැයකිරීම මේ අවස්ථාවේදී කිසිසේත්ම නොකළ යුතුය. මන්ද සීමිත මුදල් සහ වටිනා කාලය වැය කළයුත්තේ රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවේ ඇති ප්‍රමුඛථාව අනුව මිස, චන්දය ලබාගැනීමේ පටු දේශපාලන අවශ්‍යතාවන් මත නොවන නිසාය. මා දකින අන්දමට මෙය, 1948 සිටම මේ රටේ දේශපාලකයින් විසින් බලය ලබාගැනීම සඳහා   දෙමළ සහ මුස්ලිම් චන්ද ලබා ගැනීමට කරණලද නිර්ලජ්ජිත ඡන්ද වන්දනාවේ තවත් එක් පියවරක් පමණි.අනෙක් අතින් මේ රටේ තියෙනවායයි කියන ඊණියා ජාතික සන්හිඳියා” ප්‍රශ්නය 1948 සිට මේ රට පාලනය කලායයි කියන දේශපාලකයින් විසින්ම නිර්මාණය කරගත් දෙයක්ම නිසා එය විසඳිමට ඔවුන්ටම භාරදීම, කිරිමුට්ටිය බලාගැනීමට බළලුන්ට භාරදීමක් වැනියයි මට සිතේ. 1815 දි පැවති පරිදි 1948 දි මේ රටේ ජාතිය සින්හල කියා නම් කලේ නම් අද මේ ප්‍රශ්නය නොතිබෙණු ඇත.ඉන්ග්‍රීසීන් විසින් Cඑය්ලොනෙසෙ  වශයෙන් සඳහන් කලේ සින්හලයින් කීමමය. ඒ කියන්නේ සින්හල්යින්ගේ රටේ මිනිසුන් යන අරුතය.1948 දී සුද්දන්ගෙන් රටේ පාලනය භාරගත් පුද්ගලයින් මේ අනුව එදා මේ රටේ ජාතිය සින්හල කියා යොදාගත්තේනම් කිසිදිනක මේ ප්‍රශ්නය ඇතිනොවණු ඇත.

එසේ තිබියදී මේ රටේ ජාතිය කියන්නේ මොකක්ද කියාවත්  නොදන්නා ඇමති මණ්ඩලයේ දේශපාලනඥයින් පිරිසකටම එය විසඳීමට යලිත් භාර දීම රජ විහිළුවක් නොවේද?

ජාතික සන්හිඳියාව යන්නෙන් දෙශපාලකයින් අදහස් කරන්නේ සින්හල, දෙමල සහ මුස්ලිම් යන ජනවර්ග තුන අතර ජාතීන්” වශයෙන් එකමුතුබව ඇති කිරීම යයි මම සිතමි.මේ රටේ ජාතිය සින්හල බවවත් අපේ දේශපාලකයෝ නොදනිති. මෙයින් තහවුරු වන්නේ අපේ රටේ දේශපාලකයින්  විශේෂ්යෙන්ම සින්හල දේශපාලක්යින් තමන්ගේ ජාතියවත් නොදන්නා ජාතියක් බව නොවේද.දෙමළ සහ මුස්ලිම් මිනිසුන් මේ රටේ ජාතින් නොවන බවවත් මේ අය නොදනී. අනෙක මුස්ලිම් කියා ජාතියක් ලෝකයේ කිසිම රටක ද නැත. ඒ බවද මොවුන් නොදනී.

 මුස්ලිම් යනු ඉස්ලාම් ආගම අදහන පුද්ගලයා යන අරුත දක්වන පදයක් මිස ජාතියක් හඳුන්වන පදයක් නොවේ.බෞද්ධ ,හින්දු කීවාක් මෙනි. අනෙක් අතින් දෙමළ ජාතියේ නිජබිම දකුණු ඉන්දියාවේය. එසේ උවද අද දෙමළ කියා ජාතියක් ඉන්දියාවේද නැත.ඉන්දියා වේදී ඔවුන් හඳුන්වනුයේ ඉන්දීයයින් වශයෙන් මිස දෙමළුන් වශයෙන් නොවේ. එසේනම් ඉන්දියාවෙන් මෙහි සන්ක්‍රමණය වූ ඔවුන් මේ සින්හල රටේදී ජාතියක් වන්නේ කෙසේද?

එසේ තිබියදී මෙහිදී මා අසන පළමු ප්‍රශ්නය දෙමළ සහ මුස්ලිම් වරුන් මේ රටේ ජාතීන් වන්නේ කෙසේද කියාය. මේ රටේ දෙමළ සහ මුස්ලිම් මින්සුන් ජාතීන් වෂයෙන් සලකා ඔවුන්ටද සින්හලයින් සමඟ සමතැන දීමට දඟලන්නේ මේ කිසිවක් නොදන්නා නිසාය.මෙහි වඩාත් වැදගත් කාරනය වනුයේ මේ රට පාලනය කිරිමට අපි භාරදී ඇත්තේ තමන්ගේ රට හෝ ජාතිය කුමක්දැයි කියාවත් නොදන්නා පිරිසකට නොවේද?  එමනිසා අද අපේ රට මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයකට වැටී තිබීම්ද පුදුමයක් නොවේ.

රටක ජාතියක් යනු එම රටේ ශිෂ්ඨාචාරය බිහිකොට එය තුල සන්ස්කෘතියක් නිර්මාණයකොට ඔවුන්ගේ මව්බිම වශයෙන් දියුණු කළ ජනතාවය. එසේ නැතිනම් කිසියම් රටක් ආක්‍රමණය කොට ස්වදේශීන් සියල්ල සමූළඝාතනයකොට අලුතෙන් එම රටේ පදින්චිවී එම රට ඔවුන්ගේ රට වශයෙන් සලකන පිරිසය. 

 ලන්කාව වැනි රටවල් මින් පළමු ගණයට වැටෙන අතර ඇමෙරිකාව,ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් දෙවැනි ගනයට වැටේ.මෙම නියාමය අනුව ලන්කාවේ ජාතිය ක්‍රි පූ 543දී  ලන්කාවට උත්තර භාරතයෙන් පැමිණියායයි කියන සින්හ වන්ශික විජයගේ වන්ශ නාමයෙන් හෝ ඊට පෙර මේ හෙලදිවේ සිටියායයි කියන යක්ශ,රාක්ෂ, දේව සහ නාග යන සිව්හෙළයින්ගේ නමින්  සින්හලයින් වශයෙන් හැඳිවුණු බව අයිතිහාසිකව පිළිගෙන ඇත.එසේ වූවිට මේ රටේ ජාතිය කුමක්ද කියන කාරණය ගැන කිසිම ප්‍රශ්නයක් නැත. රට සින්හලේය ජාතිය සින්හලය.එම නිසාම එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක්ද නැත.

අනතුරුව ඉතිහාසයේ වරින් වර වෙළෙන්දන් වශයෙන් මෙහි පැමිණි අයගෙන් හා මේ රට අල්ලා ගැනීමට ඉතිහාසය පුරා සිදුවූ අසාර්ථක දකුණු ඉන්දියානු ආක්‍රමනිකයින් අතුරින් යටත්වී මෙහි රැඳී අන්තර්ග්‍රහනය වූවන්ගෙන් පැවත එන්නන්   හෝ ඕලන්දකාරයින් ඔවුන්ගේ යාපන්යේ දුම්කොල වතුවල හා ඉන්ග්‍රීසින් විසින් 1840 න් පසු ඔවුන්ගේ තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් 1948 දි ඔවුන් ආපසු ඔවුන්ගේ රටට යනවිට අතරමන්කොට මෙහි දමාගිය, අනතුරුව ඉන්දියාවේ ව්‍යාප්තවාදය  අනුව  ලන්කා රජයට බලපෑම්කොට පුරවැසිබව ලබා ගත්තවුන් කිසිවෙකු මේ රට තුල ජාතීන් වශයෙන් අර්ථකථනය කළ නොහැක.මේ නිසා මෙම තුන්කොටසම මේ රටතුල ජාතීන් නොවේ. ජනවර්ග පමණි.

මොවුන් මේ රටේ ජාතීන් වෂයෙන් පළමුව සුළුජාතීන් වශයෙන් නම් කරණු ලැබුවේ සූද්දන් විසිනි.ඒ 1948 ලන්කාවේ හිස මත පටවා ගිය සෝල්බරි ව්‍යවස්ථාව නම් වු දෙශපාලන මළ පුඩුව මඟිනි. 1815 සිට ඒ වනතුරුම ලන්කාවේ ජාතිය හැඳින්වූයේ සිලනීස් වශයෙන් වුවද ඇත්ත වශයෙන්ම එම කාල සීමාවතුල මේරටේ සියලු දෙනාම බ්‍රතාන්‍ය ජාතිකයින්ම විය. සිලනීස් කිවේද සින්හලේ වැසියන් -සින්හලයින්ම- කීම නිසා, මේරටේ සියලුදෙනාම සින්හලයින් වශයෙන් සුද්දන් විසින්ද හැඳින්වූ බව මින් පැහැදිලිය 1815 මාර්තු 2 උඩරට ගිවිසුමද අත්සන්කොට ඇත්තේ එක්සත් රාජධානිය සහ සින්හලේ යන රටවල් දෙක අතරය. ඒ අනුවද මේ රට සින්හලේ බවද එහි වැසියන් සින්හලයින් වශයෙන් හැඳිවූ බවද මැනවින් ඔප්පු වෙයි.

මෙම තත්වය දෙමළ  මුස්ලිම් වරුන් පමණක් නොව සමස්ත ලෝකයම  පිලිගත යුතුය. ඒ සියල්ල්ලටම පෙර මේ රටේ දේශපාලනයේ යෙදී සිටින සියලු දෙනාද එය අවභෝධකොට ගතයුතුය. ඒ අනුව මේ රටේ ජාතිය සින්හලයින් බවද දෙමළ සහ මුස්ලිම් ඇතුලු සෙසු සියල්ල සුළු ජනකොටස් පමන්ණක් බවද වටහා ගත යුතුය.

සැබෑ ජාතික සන්හිඳියාව ඇතිවන්නේ එසේ වූ විට පමණි. එබැවින් මේ බොරු සෝභන දේශපාලන කමිටු ආදිය පත්කරමින් කාලය නොමරා මේ රට කුමක්ද ,එහි සැබෑ ඉතිහාස්ය කුමක්ද, එහි ජාතිය කුමක්ද, අනන්න්‍ය ශිෂ්ඨාචාරය කුමක්ද ආදී වශයෙන් නියම අයිතිහාසික තොරතුරු ගැන විසාරද දැණුමක් ඇති පඬිවරුන් ගෙන් විමසා  නීති රීති සම්පාදනය කිරිමට පියවර ගන්නා මෙන්  පාර්ලිමේන් තුවේ සිටින මහජන නියෝජිතයින්ගෙන් මම ඉල්ලමි.

එසේ නැතිව රට , ජාතිය  කුමක්දකියාවත් නොදන්නා එසේම රටට හෝ ජාතියට  ආදරයක් නැති, ඒ සියල්ලටම වඩා තම දේශපාලන බලය  රැකගැනීම ගැන පමණක් සිතන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත  මෙවැනි කොමිටි වලින් ගණුලබන තීරරන පිළිගැනීමට මේ රටේ සින්හලයින් සූදානම්නැති බවද සියළු දෙනාම මතක තබා ගත යුතුය.

මෙහැම සුළු ජනයෙකුටම සින්හල අපි අපේ රටේ ඕනෑම තැනක පදින්චි වීමට මහපොලව ලබාදී ඇත. පුරවැසිකම දී ඇත. නිද්හස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අද්‍යපනය ලබාගනීමට පහසුකම් ලභාද්හී ඇත.ඔණෑම රැකියාවක් කිරිමට අවස්තාව් අලබා දී ඇත Sඉන්හල කාන්තාවන් විවාහ කර ගැනීමට් ඉඩ ඩී ඇත මුස්ලිම් වරුන්ට අපේ කාන්තාවන් ඔවුන්ගේ ආගමට හරවාගැනීමටද ඉඩදී ඇත. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානය.අනව්සරයෙන් රටෙ කොටස් ඔවුන්ගේ ගම් වශය්හෙන් සකස්කරගෙන පඩින්චි වීමටද ඉඩදී ඇත ඔව්ගෙ පල්ලි සාදාගැනීමට පන්සල් ඉඩම් ලබාදී ඇත මිය ගිය පසු ජනවර්ග ,ආඅගම් අනුව මළැ මිනිය පවා වදැමීමටද අව්සර ද්හී ඇත.ඔවුන්ගේ ආගම ඇදහීමේ සම්පූර්ණ් නිදහසද ලබාදී ඇත.

මා ද්දාන්නා තරමින් සුලුජන කොටස්වලට මෙපමණ වර ප්‍රසාද ලබාදි ඇතිරටක් ලොකයේ වෙන කිසිම තැනක නැත. සැබෑ තත්වය එසේ තිබියදී මේ සින්හල රටේ මොවුන් තවත් ඉල්ලන්නේ කුමක්ද.? ඇයි මේ සින්හල රටේ සින්හලයින් සමඟ සාමදානයෙන් ඉන්ට බැරි. මීටත් වඩා සන්හිඳියාව වශයෙන් මොවුන් බලාපොරුත්තුවන්නේ කුමක්ද? මා හිතන අන්දමට රෝමයට ගියානම් රෝමන් කාරයකු මෙන්හැසිරිය යුතුය. එසේ නොහැකි නම් ඊට වඩා ඔවුන් පතන ඊනියා සන්හිඳියාව ඇති රටකට ඔවුන් යා යුතුය. එම නිසා පසුගියදාක පත්කලායයි කියන ඔය කෙහෙම්මල් සන්හිඳියා කැබිනට් අණු කමිටුව, ලෝකය වටා  ගොස් හිඟාකාගෙන එනතුට්ටුව මෙවැනි විකාර වැඩ වෙනුවෙන් නාස්ති නොකර වහාම අකුලාගන්නාමෙන් මම රජයට කියමි.

සන්හිඳියාව යනු  ද? සාමකාමි සහජීවන්යද එසේ නැත්නම්   මේ දෙකමද.

එකනම් එය ඇතිකිරීමේ මූලික ආවශ්‍යතාව පාර්ශවයන් අතර නිවැරැදි අන්න්‍යෝන්‍ය  අවබෝධයක් තිබීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress