වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කළ සෙන්දිල් තොණ්ඩමන් හා ගෝපාල් බග්ලේ අතර සබඳතාව එළියට – ධුරයේ දිවුරුම් දුන් වහාම ඉන්දීය මහ කොමසාරිස් හමුවෙලා
Posted on May 19th, 2023

 Lanka Lead News

උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීම යනු ගෝපාල් බග්ලේ ආණ්ඩුකාර ධූරයට පත් කිරීම වැනි ක්‍රියාවක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලංකා ලීඩ් වෙත කළ ප්‍රකාශය සත්‍ය බව මේ වන විට සනාථ වී තිබේ.

සෙන්දිල් තොන්ඩමන් මහතා ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගත් වහාම, ප්‍රථමයෙන්ම හමුවී ඇත්තේ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ය. ඔවුන් දෙදෙනා අතර පවතින සමීප සබඳතාව හෙළිකරන ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබේ.

සෙන්දිල් තොන්ඩමන් මහතා එම ඡායාරූපයත් සමග සටහනක් තබමින් පවසා ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ප්‍රථමයෙන්ම ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ නිවසේ දී ඔහුව මුණගැසීම ඉමහත් සතුටකි. අප අතර ඇති ශක්තිමත් ද්වීපාර්ශ්වීය සබඳතාව ඉදිරියට ගෙනයාමට මෙය අවස්ථාවක් කර ගන්නවා  යන්නය.

අදාළ ඡායාරූප සටහන හා ප්‍රවෘත්තිය පහළින්…

ආණ්ඩුකාරවරුන් ඉවත් කළේ බෙදුම්වාදීන්ගේ බලපෑමට… නැගෙනහිරට සෙන්දිල් තොණ්ඩමන් පත්කිරීම සහ ගෝපාල් බග්ලේ පත්කිරීම අතර වෙනසක් නැහැ – ජාතික සංවිධාන කියයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress