“කුලරූ සඳහම් මංගල්‍යය”
Posted on May 21st, 2023

ලෙසන්ත චතුරංග (කුලරූ ආදි ශිෂ්‍ය)


පාසැල් පරිශ්‍රයක් තුල ඉදිවූ දිවයිනේ විශාලතම හිටිපිළිම වහන්සේ වන අවුකන ප්‍රතිමා අනුරූ පිළිම මහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්ලය හා මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කිරීම.

අටමහා කුසල් වලින් එක් කුසලයක් සම්පූර්ණ කරමින් අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා ප්‍රධාන ගුරුභවතුන්, ආදි හා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවගේ මැදිහත්වීමෙන් පාසැල් පරිශ්‍රය තුල ගොඩනැංවූ අවුකන පිළිම වහන්සේගේ අනූරූ පිළිම මහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්ලය හා එම පිළිමය මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කිරීම මෙම මස 24 වැනි දිනෙන් ආරම්භවන පිංකම් මාලාව තුලදී සිදු කිරීමට නියමිතය.

මැයි මස 24 වැනි දිනෙන් ආරම්භ වන උත්සව මාලාව මැයි මස 28 වැනි දින දක්වා පුරා දින පහක් තුල පැවැත්වෙන අතර පාසැලේ සියළුම ආදි/ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට අමතරව අවට පාසැල් වල ආදි/ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට, ප්‍රදේශ වාසීන්ට, පිං කැමති ඔබ සියළු දෙනාටම මෙම අවස්ථාව සඳහා සම්බන්ධවීමටත්, නන් අයුරින් මෙම පිංකම් මාලාව හා සම්බන්ධ වී කුසල් රැස් කර ගැනීමටත් අවස්ථාව සලසා ඇත.

මේ යටතේ,
1. ප්‍රථම වතාවට පැවැත්වෙන තිස්තුන් පැය පිරිත් දේශණයක්
2. බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් පැවැත්වෙන සංඝගත දක්ෂිණාවක්
3. දිවයිනේ සුප්‍රසිද්ධ ධර්ම දේශක හිමිවරුන් විසින් සිදුකරන ධර්ම දේශණා මාලාවක්
4. දන්සැල් මාලාවක්
5. විදුලි ආලෝක පූජාවක් ඇතුළු බෞද්ධාගමික වත් පිළිවෙත් රාශියක් සිදු කිරීමට නියමිතය. පිං කැමති ඔබ සියළු දෙනා⁣ මෙම අවස්ථාවට සහභාගී වී සංවේගය උපදවාගන්නා ලෙස ඉල්ලා සිටින අතරම මේ සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දීමට අවශ්‍ය ඔබගේ සහයෝගය ලබා දෙන ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි
මාධ්‍ය සම්බන්ධීකාරක
ලෙසන්ත චතුරංග (කුලරූ ආදි ශිෂ්‍ය)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress