මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි.- මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක
Posted on May 25th, 2023
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් බවත් එ් බව විශ්වයේ විශ්ව ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
ඇතැමකුට මේය සිනහසීමට කාරණයක් වුවත් එය පරම සත්‍ය බවත් ඔහු කියා සිටී.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමාගේ ඇඳුමට සමාන ඇඳුම් අඳින බවත් නරේන්ද්‍ර මෝදිට පෙර තමන් එම ඇඳුම් ඇඳි බවත් රත්නායක මහතා සඳහන් කලේය.
ඔහු මේ බව සදහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
තමන් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට කිසිදු දිනක ‘සර්’ කියා අමතා නොමැති බව ද ජනක රත්නායක මහතා එහිදී කියා සිටී.
අද වන විට තමන් සතුව බිලියන 4ක වත්කම් ඇති බව ද ජනක රත්නායක තව දුරටත් එහිදී සදහන් කර ඇත.