තාක්ෂණික විප්ලව සිදුවෙන සමයේත් පිස්සු කෙලින නිරාගමිකයෝ
Posted on May 30th, 2023
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
ආගමික දර්ශනයන් මිනිස් මනසට ගලා ඒමට පෙර මෙලොව විසු සියලුම මිනිස්සු නිරාගමිකයෝය. ඒ යුගය මීට වසර මිලියන ගණනකට පෙර ලොව පැවතී තත්වයයි.
සියලුම සතුන් හා මිනිසා පරිනාමය වීම ආරම්භ වී නොදියුණු වානරයාගේ සිට මිනිසාට පෙර මානවකයා දක්වා පරිනාම ක්‍රියාවලියට වසර මිලියන 80ක පමණ කාලයක් ඉක්මවා මෙලොවට බිහිවූ පලමු මිනිස් පරපුරද අනිවාර්යෙන්ම නිරාගමිකයින් වන අතර මිනිසත් භාවයේ, වසර මිලියන ගණනක් ගතකල, මිනිසා ආගමික දර්ශනයන්, දේශපාලනික දර්ශනයන්, ජෝතිෂ්‍ය, යන විෂයන් තම පරිනත මනසින් අවබෝධ කරගත් අතර, ඔවුන් ආගමිකයින්, හෝ දාර්ශනිකයින් වශයෙන් හදුන්වයි.
ගලාගෙන යන ගඟක් සේ නිර්මාණයවී ගලා යන සත්ව පරිනාමය අඛණ්ඩව සිදුවෙන අතර මේ ගඟේ මිනිස් අවධිය, කොටස් දෙකකින් සමන්විතය. ඒ වානර පරම්පරාවට ආසන්න මිනිස්සු හා මේ මිනිස් ගඟ මුහුදට වැටීමට ආසන්න කොටසේ සිටින මිනිස්සු යන දෙකොට්ඨාශයන්ය. මේ කණ්ඩායම් දෙක කතා කරන්නේ, ඔවුන් පරිනාමියව මිනිස් පරපුරේ සිටින ස්ථානය අනුව බැවින්, මුහුදට ආසන්න කොටසේ සිටින මිනිසුන් කියන දෙය පරිපුර්ණ බව දැනගත යුතුය. නිරාගමිකයා ආසන්නව සිටින්නේ නොදියණු මානවකයාගේ අවධියට බැවින් නිරාගමිකයින් කියන දෙය දෙස බලා සිටීම හැර ඔවුන්ට තේරුම් කිරීම හෝ පහදා දීමට වෙර දැරීම නොකළ යුතුය.
මේ නදියේ, මානවකයාට ආසන්නව සිටින මිනිසුන්ට ආගමික දර්ශනයන්, දේශපාලන දර්ශයන් හෝ විද්‍යාත්මක දර්ශනයන්ද තවම අවබෝධ කරගත හැකි මානසික මට්ටමකට ඔවුන් ලඟාවි නැත. එබැවින් ඔවුන් තවමත් නිරාගමිකයින් ලෙස කටයුතු කරන අතර, ඔවුන්ට පුහුණු කලහැක්කේ යාන්ත්‍රිකව කටයුතු කිරීමය. ඒ අනුව ඔවුන් කිස්දාක නිර්මාණශීලි පුද්ගලයින් නොවන අතර, ඔවුන්ට කල හැක්කේ,, අන්යන් අනුකරණය කරන්නන් ලෙස හා අනුගමනය කරන්නන් ලෙසත්, කටයුතු කිරීම පමණි.
රිලවා ලෝකයට බිහිවී අවුරුදු මිලියන 15කට පසු වඳුරෙක් ලොවට බිහිවූවා සේම මේ මිනිස් අවධියටත් කෙළවරක් තිබිය යුතුය. අපි සත්‍ය ලෙසම මිනිසා මේ පොලවට බිහිවී කොතෙක් කල් දැයි නොදන්නෙමු. නමුත් මිනිසා බිහිවී අවුරුදු මිලියන 16කට ආසන්න වනවිට මේ මිනිසාට අනුබද්ධව නව සතෙක් බිහිවිය යුතුය. ඔහු මිනිසාට වඩා ඉතා උසස් බුද්ධියකින් යුතු සතෙක් විය යුතුය. එදාටත් අද මෙන්ම නිරාගමිකයන් ලෙස හදුන්වාගත් කණ්ඩායමක් සිටිනු ඇත. ලෝක ධර්මතාවය එයයි.