රනිල් වික්‍රමසිංහ යනු ප්‍රශ්නයද, නැත්නම් උත්තරයද?
Posted on June 9th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රනිල් වික්‍රමසිංහ යනු බරපතල ප්‍රශ්නයකි. ඒ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට හා මෙරට බහුතරයක් ජනතාවට පමණක් නොව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවටද ඔහු බරපතල ප්‍රශ්නයකි.

මේ රට ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයකි. මෙහි ඉහලින්ම බලපවත්වන සාධකය වන්නේ ජනතා පරමාධිපත්‍යයි. මේ රටතුල  ප්‍රජාතන්ත්රවාදයවත්, සමාජවාදයවත්, ජනතා පරමාධිපත්‍යවත් නැති, හිස් පුස් නාමික බලතල පමණක් ඇති,රාජ්‍යක් බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට ජනතාවට උගන්වමින් සිටි.

රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේ, සිටින අත්දැකීම් බහුලම පුද්ගලයාය. ඔහු දන්නා දේවල් මෙරට සිටින කිසිදු දේශපාලඥයෙකු සතු නොවේ.

ඔහු තමාට 2005 ජනාධිපති මැතිවරණයෙන් පසු කිසිදු ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත්වීමට ඉඩ නොදුන්නේ කවුදැයි හොදාකාරවම දනී. ඔහුව කොතරම් අසරණ තත්වයකට බිම දමා තිබුනේද යත්, ශ්‍රී ලංකාවේ, ප්‍රබලම දේශපාන පක්ෂයක් නායකයාට, දේශපාලන පොර පිටියේ නොසිටි සරත් ෆොන්සේකාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේඛම්ව සිටි මෛත්‍රිපාල සිරිසේනව දිනවීම සඳහා කටයුතු කරන්නෙකුගේ තත්වය නිර්මාණය කලේ කවුදැයි දන්නේ ඔහුය. ඒ කවුදැයි වීමල්  විරවංශයන්ගේ කෘතියේ සඳහන් බටහිර කාර්යාලයම වන අතර ඒ බව ඔහු දනී.

ඒ තානාපති කාර්යාලය විසින් පසුගිය මහා මැතිවරණයට පසුව ඔහු ලද අන්තපරාජය හේතුවෙන්, ඔහුව, බලය අහිමිව කොටුවේ අසරණව සිටි දොන් ජුවන් ධර්මපාල මහා රජතුමාට සලකපු ආකාරයේම සැලකිලි දැක්වූ බව අමතක නැත.

1. මේ ජනාධිපති පුටුවේ සිටින රනිල් යනු,මුළු රටෙන්ම ලක්ෂ තුනකටත් අඩුවෙන් ජන්ද ලබාගෙන ලක්ෂ 69ක් ලබාගත්  ජනාධිපතිවරයා මගීන්  ජනාධිපති බවට පත්වීම කියාපාන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවේ අංගවිකල භාවයයි.එබැවින් රනිල් ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවට ලොකු ප්‍රශ්නයකි.

2.මෙරට ජනතාව දන්නේ,කොටි හිතවාදී මහා බැංකුව බින්ද, ජනතාව විසින් අන්ත පරාජයක් උරුම කල රනිල්ය. ඔහු ජනාධිපතිවීම මෙරට ජනතාවටද ප්‍රශ්නයකි.

3. පසුගිය මහා මැතිවරණයෙන් පසු තමන් රනිල්ට හා එක්සත් ජාතික පක්ෂයට සැලකු ආකාරය සම්බන්ධව ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ඉතා හොදින් දනී. ඔවුන් නිගරුකළ මේ මිනිහා මෙරට බලය අතට ගෙන ඔවුන් අරාජික කිරීමට වෙරදැරූ මේ රට තවමත් රාජ්‍යක් ඇත්තාක ලෙස ගෙනයාම ඔවුනටද ප්‍රශ්නයකි.

උත්තරය රනිල් පලවා හැරිම නම් නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress