එදා අරගලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ දුරකථන අද ප්‍රතිචාරයක් නැහැ කියනවා – 3% පක්ෂයට රට ගිණි තියන්න දුන්න නම් අද රටක් නැහැ – නීතිඥ මනෝජ් ගමගේ
Posted on June 27th, 2023
Lanka Lead News
අරගලය අවස්ථාවේ නිතිඥයන් බහුතරයක් සිටියේ අරගලකරුවන්ගේ පාර්ශවයේ බවත්, අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව පැවසූ නිතිඥයන් අද සොයා ගැනීමටවත් නැති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාව එදා මහමග ඇදගෙන ගොස් මලේච්ඡ ලෙස මරා දැමූ අරගලකරුවන් 42 ට විරුද්ධව මහ අධිකරණයේ අධිචෝදනා ගොනුවෙද්දී අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව පැවසූ නිතිඥයන්ගේ දුරකථන ප්‍රතිචාර නොදක්වන බවත් ඒ මහතා පවසයි.
මෙසේ සිදුවන බව එදා තමන් පැවසූ බවද, සියයට 3 පක්ෂයට රට ගිණිතියන්න ඉඩ දුන්නා නම් අද රටක් ඉතුරු නොවන බව ද නිතිඥවරයා වැඩි දුරටත් පවසයි.