ශ්‍රී ලංකා- ට්‍රිනීඩෑඩ් සහ ටොබැගෝ ද්ව්පාර්ශවික සහයෝගිතාව විධිමත් කිරීමට පියවර
Posted on July 4th, 2023
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය ශ්‍රී ලංකාව සමඟ මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මඟින් විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශික සහයෝගිතාව විධිමත් වන බව ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජන රජයෙහි නව මහ කොමසාරිස් ආචාර්ය රොජර් ගෝපෝල් මහතා ප්‍රකාශ කළේය.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජන රජයෙහි නව මහ කොමසාරිස් ආචාර්ය රොජර් ගෝපෝල් මහතා 2023.07.03 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර දෙරට අතර සබඳතා විධිමත් කිරීම මගින් වෙළඳාම , අධ්‍යාපනය, රැකියා නියුක්තිය, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය සඳහා අවකාශ තිබෙන බව කීය.
නවදිල්ලියේ පිහිටි සිය කාර්යාලයේ සිට මෙරට කටයුතු මෙහෙයවන මහ කොමසාරිස්වරයා ජූනි තිස් වන දින මහනුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නේය.
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය, උක් සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන වැනි නව ක්ෂේත්‍රයන්හි විශේෂඥ ඥාණය දෙරට අතර හුවමාරු කර ගැනීමේ හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවේදී මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළේය.
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මූල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති අතර මෙම ගිවිසුම මගින් මුදල් අවභාවිත කරන්නන්, ත්‍රස්තවාදී ක්‍රියා වෙනුවෙන් මුදල් යොදවන්නන් සහ අනෙකුත් අපරාධ සංවිධාන පිළිබඳ තොරතුරු දෙරට අතර ආරක්ෂිතව හුවමාරු කරගැනීමට සහ විදේශ මූල්‍ය බුද්ධි එක සමඟ සහයෝගීතාව සහ සබඳතා වර්ධනය කර ගත හැකිවෙතැයි අපේක්ෂා කෙරෙයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.