1948 ඉංගිරිසීන් දුන් දෑවැද්ද – 2
Posted on July 14th, 2023
විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)
(පළමු කොටසින්)
”ලෝක කම්කරුවෙනි එක්වව්!” නිෂ්කී‍්‍රය කරමින් මහ පොලව තුළ ලෝක ධන කුවේරයන් එක් වී ඇත. ඇමරිකා, කැනඩා, යුරෝපා, ඕස්ටේ‍්‍රලියා නවසීලන්ත, බටහිර ලේ නෑයන් එක් ව ඇත. සියලූ ජාතීන් එකමුතු විය යුතු මිස ලෝකය භේද කොට පාලනය කිරීමේ (ඩිවයිඞ් ඇන්ඞ් රූල්* සහායකයන් විය යුතු නැත. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්/රටක් තූළ පුරවැසියන්ට වාර්ගිකව හෝ ආගමිකව ”වෙන්වීමේ” අයිතිය ඇති ලෙස අර්ථ දක්වමින් ”නව ගෝති‍්‍රක යුගයක්” බිහි කිරීමේ තැතට තිත තබා, අධිරාජ්‍ය වියගහෙන් මිදීමට අදාල ව යටත් විජිත රාජ්‍ය වෙනුවෙන් වසර සියයකට පමණ පෙර අඳුන්වා දෙන ලද ”ස්වයංතීරණ අයිතිය” නවීකරණය විය යුතුව ඇත.
තෙවෙනි ඉල්ලීම
ඉංගිරිසි කොලනිවාදී පාලකයන් 19 වෙනි සියවසේ නිර්මාණය කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත් දෙක දෙමළ ”පාරම්පරික නිජබිම” (ට‍්‍රැඩිෂනල් හෝම්ලෑන්ඞ්* (තෙවෙනි ඉල්ලීම* ලෙස දක්වන බැවින් ඒ පිළිබඳව සලකා බැලීම ශී‍්‍ර ලංකාව වෙත පැවරෙයි. රටේ ඓතිහාසික සහ සංස්කෘතික සාධක ඉවත ලා නූතන දේශපාලන මතවාද මත පිහිටා එය සලකා බැලීම අප කියවා අසා ඇති ”අලියා සහ අන්ධයන්” කථාව මතකයට ගෙනෙයි. (”ඉතිහාසයෙන් කන්න පුළුවන් දැ’යි ඇසූ දේශපාලනයෙන් රට කන හැටි මාතෘභූමි වාසීන්ට එළිපිට දැකිය හැකිය.* ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ/ දෙමළ ජන සංඛ්‍යාව තමිල්නාඩුවේ දෙමළ ජන සංඛ්‍යාවෙන් සියයට තුනක්වත් නැත. එයින් සියයට පනහකට වඩා වැඩි දෙමළ ජන පිරිසක් ජීවත් වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙන් පිට භූමි ප‍්‍රදේශ තුළ සිංහල හිත මිතුරන් අතර ය.
ලංකාවේ පදිංචි ද්‍රවිඩ/දෙමළ ජනයා දකුණු ඉන්දියාවෙන් ගෙනාවේ යුරෝපීය ආක‍්‍රමණිකයන් විශේෂයෙන් ම ඉංගිරිසි කොලනිවාදී ආක‍්‍රමණිකයන් විසිින් සෙන්කඩගල (නුවර* රාජ්‍යය අල්ලා ගැනීමට සහ 1817-18 සහ 1848 සිංහල නිදහස් සටන් මර්ධනයට, තමන්ගේ කුදුමහත් සේවා කටයුතු සඳහා සහ 19 වෙනි සියවසේ මැද කාලයේ පමණ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල ”දෙමළ කොලනි” පිහිටු වීමට ය. ඊට අමතරව, ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි” (බි‍්‍රටිෂ් කොලෝනිඅල් සිටිසන්ස්* නිසා ලද නිදහස් සංචරණ අයිතිය මත බොහෝ් පිරිසක් පැමිණ පදිංචිය ලබා ඇත. 19 වෙනි සියවස ආරම්භක සමයේ බෝට්ටු පුරවා මලබාර් ද්‍රවිඩයන් ලංකාවට ගෙනෙන ලද බවට සහ ස්වදේශික වැසියන්ට වඩා විදේශිකයන් විශාල පිරිසක් යාපනේ සිටින බවට18 කැප්ටන් රොබට් පර්සිවල් 1805 දී කරන ප‍්‍රකාශය මෙහිලා අමතක කිරීම සුදුසු නැත. ශී‍්‍ර ලංකාව තුළ වෙනම දෙමළ රජ්‍යයක් ඉල්ලන්නේ 19 වෙනි සියවස ආරම්භයේ සිට ගෙනෙන ලද සහ පැමිණි මලබාර්, ද්‍රවිඩ/දෙමළ අයගෙන් පැවතෙන වෙල්ලාල කුලයේ අය සහ ඔවුන්ගේ අනුචරයන් විසිනි.
ලංකා දෙමළ උපත
යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ අනුග‍්‍රහයෙන් පදිංචිය සහ වරප‍්‍රසාද ලැබූ දෙමළ ප‍්‍රධානීන්, වෙල්ලාලයන්, විසින් එලෙසින් ම පදිංචිය ලැබූ දෙමළ ජනතාවගෙන් දස ලක්‍ෂයක් පමණ තමන්ගේ සමාජයෙන් නිල වශයෙන් බැහැර කරනු ලැබ ඇත. වෙල්ලාලයන්ගේ ද මවුබිම වූ, ප‍්‍රධාන වශයෙන්, ති‍්‍රචිනාපොලි, තන්ජෝර්, මදුරෙයි, රාම්නාද්, තින්නවේලි ආදී ප‍්‍රදේශවලින්19 කෝපි, තේ, රබර් වතුවල කුලී වැඩ සඳහා 1830 වසර පමණ සිට වහලූන් ලෙස ගෙනෙන ලද දෙමළ ජනයා සමග එකම වාර්ගික නාමයෙන් ලේඛනවල ඇතුළත් නො කොට ඔවුන් ”ඉන්දියානු දෙමළ” ලෙසත් තමන් ”ලංකා දෙමළ” ලෙසත් නිල ලේඛනවල ඇතුත් කොට එකම වර්ගය තුළ භේදයක් (තල්වැටක් නොව නෛතික වැටක්* ඇති කරනු ලැබීය. සර් පොන්නම්බලම් රාමනාදන්ගේ සහෝදර, සර් පොන්නම්බලම් අරුනාචලම් 1911 දී මේ භේදය නිර්මානය කොට නිල වාර්තා මගින් ප‍්‍රකාශයට පත් කළේය.20 ඔවුන් ”හීනජන්මීන්” (අන්ටචබල්ස්* ලෙස සලකනු ලබන තමන්ගේ ම ජනයා සමග එකම වර්ග නාමය යටතේ නිල වාර්තාවල ඇතුළත් කිරීමෙන් තමන් ”¥ෂ්‍ය” වෙති’යි සලකනු ලැබී දැ’යි දැනීමක් නැත. කෙසේ වෙතත්, වසර සියයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේ ඉංගිරිසි නිල වාර්තාවල සඳහන් කොට තිබූ ”මලබාර්” වාර්ගික නාමය වෙනුවට ”දෙමළ” වාර්ගික නාමය ආදේශ කොට ලේඛනගත කරනු ලැබුවේ පොන්නම්බලම් සහෝදරයන් විසින් ”තමිලක්කම්” ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ය. දකුණු ඉන්දියාවෙන් ගෙනෙන ලද සහ පැමිණි මලබාර් ජනයා පළමුවරට ”ලංකා දෙමළ” යනුවෙන් ලේඛන ගත කරනු ලැබුවේ ව්‍ය.ව. 1911 දීය.
පාරම්පරික නිජබිම
විසිවෙනි සියවසේ පසු භාගයේ සිට වාර්ගික රාජ්‍යයක් සඳහා ”පාරම්පරික නිජබිම” අදහස ඉදිරිපත් කොට ඇත. ඉංගිරිසි කොලනිවාදීන් විසින් 1873 නිර්මාණය කරන ලද උතුරු පළාත සහ නැගෙනහිර පළාත (දෙවෙනි නිර්මාණය* ඇතුළත් කොට ඇත. ව්‍ය.ව. 13 වෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට මේ පළාත් දෙක දේශපාලනික වශයෙන් බද්ධව පැවති බව ප‍්‍රකාශ කරමින් එය යාපනේ පැවතියේ ය’යි කියන දෙමළ රාජ්‍යයක භූමිය වූ බවට ඉඟි කරයි. යාල්පාන වෛපව මාලෙයි, දක්‍ෂිණ කෛලාශ පුරාණම්, කෝණේසර් කල්වෙට්ටු, මට්ටක්කලප්පු මන්මියම් ආදී, විසිවෙනි සියවස ආරම්භයේ ලියන ලද ලෙස සැලකෙන ඓතිහාසික අගයෙන් ඉතාමත් දුප්පත් දෙමළ කාව්‍ය ගුරු කොට නිර්මාණය කරන ලද මිථ්‍යා ඉතිහාසය අනුව විය හැකි ය. ලංකාවේ ආණ්ඩුකාරයෙකු නොවූ, ලන්දේසි ආණ්ඩුකාරයෙකු ලෙස දක්වනු ලබන අයෙකුගේ ආරාධනයෙන් 1736 දී ලියන ලදැ’යි සඳහන්, ලංකාවේ දෙමළ ඉතිහාසය සම්බන්ධව ඉතාමත් වැදගත් ලෙස සලකනු ලබන යාල්පාන වෛපව මාලෙයි කාව්‍යය අව්‍යාජ දැ’යි එකල දෙමළ උගතුන් ම ප‍්‍රශ්ණ කොට ඇත.21
ඉතිහාසය ආරම්භයේ සිට සිංහලදීප නමින් හඳුන්වනු ලැබූ ලංකා භූමිය තුළ, 1948 ඉංගිරිසි පාලකයන් ඉවත් වෙන තෙක් කිසි දිනෙක වාර්ගිකයන් වෙනුවෙන් වෙන් වූ නිජබිම් තිබුණු බවට කිසි ම සාධකයක් නැත. 1960 දස වසර තුළ ද නිජබිම් කථාවක් තිබුණේ නැත. ”නිජබිම” විසිවෙනි සියවසේ තෙවෙනි කාර්තුවෙන් පමණ පසු වර්ගවාදීන් විසින් කරන ලද නිර්මාණය කි. (මෑතක එක්තරා ළපටි ජනතා නියෝජිතයෙකු කතෝලික නිජබිම යන යෙදුමක් භාවිත කළ බවට වාර්තාවක් පළ විය.*
යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින්, විශේෂයෙන් ම, ඉංගිරිසි කොලනිවාදීන් විසින් ආනයනය කිරීමෙන් සහ ”බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසි” (බි‍්‍රටිෂ් කොලෝනිඅල් සිටිසන්ස්* ලෙස දකුණු ඉන්දියාවේ තම මවුබිම වූ ”තමිල් නාඩු/දෙමළ රට” සිට පැමිණ පදිංචි වී වසර දෙතුන් සියයක පමණ කාලයක් ගතකොට ඇති වාර්ගික කණ්ඩායමක්, පළාත් නිර්මාණය කිරීමට පෙර වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් මේ පළාත් දෙකේ නිත්‍ය පදංචි උරුමකරුවන් වෙන, මානව ශිෂ්ටාචාරයේ සහ ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනයේ උරුමකරුවන් වෙන ජනතාවට තිබෙන ”මාතෘභූමි වාසී” අයිතිය ඉක්මවා ”පාරම්පරික නිජබිම” අයිතියක් ඉදිරිපත් කිරීම සහ එයට සහාය වීම යථාර්ථය ඉවත ලා මිථ්‍යාව සරණ යාමකි. කෙසේ වෙතත්, සියයට පනහකට වැඩි දෙමළ පිරිසක් උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් පිටත සිංහල ජනයා සමග ජීවත් වෙන බව අමතක කළ යුතු නැත.
”යාපනේ රජ” සහ ඊළාම් සිතියම
එල්.ටී.ටී.ඊ. සංවිධානය ”අපේ ළමයි” ලෙස අඳුන්වමින් තමන්ගේ සන්නද්ධ බලකාය, සටන් බලකාය, ලෙස ඉදිරිපත් කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ චෙල්වනායගම්, අමිර්තලිංගම් ප‍්‍රමුඛ වෙල්ලාල නායකයන් 1976 වසරේ වඩුක්කෝඩෙයි (වඩුගොඩ* ප‍්‍රකාශය මගින් පාරම්පරික නිජබිම ජනගත කොට, ”දෙමළ ඊළාම්” භූමිය සළකුණු කළ ”සිතියම” තුළින් දෙමළ ජනයා මෝහනය කොට ඇත.
ෆර්නා ඕ ඩි ක්වේරෝස්22 සහ ඓතිහාසික වාර්තා යාපාපටුනේ පළමු රජු ලෙස සඳහන් කරන සපුමල් කුමරුට (1449* පසු 1795 වසරේ ඉංගිරිසි කොලනිවාදී ආක‍්‍රමණිකයන් යටතට පත්වෙන තෙක් විදේශීය හෝ විජාතික රජෙකු නොවීය. දහනවවෙනි සියවසේ, ”විභූතිමත් වස්ත‍්‍රාභරණයෙන් සැරසී, පරිවාරිකයන් පිරිවරාගෙන අශ්වාරෝහක ආරක්‍ෂාව සහිතව දෝලාවෙන් ගමන් කළ”23 ”රජ” පදවි නාමයෙන් සමරනු ලබන ඉංගිරිසි කොලනිවාදී පරිපාලන නිලධාරියෙකු ගැන වාර්තා ඇත. 1867 වසරේ මියයන තෙක් වසර හතලිහක (40* දීර්ඝ කාලයක් පුරා යාපනේ පදිංචි වී පාලනය කළ ඔහු ”යාපනේ රජ” (රාජා ඉන් ජැෆ්නා* යන පදවි නාමය සහිත වූ බව24 ඔහුගේ සොහොන් පලකය සනාථ කරයි. යාපනේ ජනයා විසින් ”උතුරේ රාජා” (රාජා ඔෆ් ද නෝර්ත්*25 යනුවෙන් සිහි කරනු ලබන, යාපනේ ආණ්ඩුවේ ඒජන්ත (ජීඑ්* වූ පර්සිවල් ඇක්ලාන්ඞ් ඩයික්, ”කිං ඩයික්” (ණසබට ෘහනැ*26 මාතලේ දිස්ති‍්‍රක්ක සීමාව දක්වා වූ උතුරු පළාතේ සහ කුඹුක්ඔය දක්වා වූ නැගෙනහිර පළාතේ පාලන සහ අධිකාරී, අධීක්‍ෂණ බලධරයා වීය. යාපනේ, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මන්නාරම, පුත්තලම දක්වා ප‍්‍රදේශ සහ නැගෙනහිර පළාත ඔහුගේ පාලනයට යටත් විය. ”දෙමළ ඊළාම් සිතියම” දක්වන භූමි සීමාව සහ ”කිං ඩයික්” යටතේ පැවති භූමි සීමාව බොහෝ දුරට සමාන ය. 1873 නිර්මාණය කරන ලද උතුරු-මැද පළාත ඉවත් කොට, ”කිං ඩයික්” යටතේ පැවති භූමිය පදනම ලෙස ගෙන විසිවෙනි සියවසේ දෙවෙනි භාගයේ ”දෙමළ ඊළාම් සිතියම” සකස් කොට ඇති බව නිසැක ය.
දෙමළ කොලනි
ඉංගිරිසි කොලනිවාදීන් ඇමරිකාව, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය අල්ලාගෙන, ඒ රටවල උරුමකරුවන් වූ, වසර දහස් ගණනක් වාසය කළ ස්වදේශිකයන් සමූල ඝාතනය කොට කොලනි බවට පත්කර ගැනීම (කොලනයිසේසන්* යුරෝපීය, බි‍්‍රතාන්‍ය සහ අයර්ලන්ත වැසියන් මගින් සිදු කරනු ලැබීය. ප‍්‍රධාන වශයෙන් ම මේ කොලනි වාසීන් (කොලෝනියල්ස්* යුරෝපීය විශේෂයෙන් ම බි‍්‍රතාන්‍ය ලේ නෑයන් ය. සිංහලයන් 1817-1818 සහ 1948 දී සමූල වශයෙන් ඝාතනය කරනු ලැබූ ව ද, මහා සංස්කෘතික සංහාරයක් කළ ද, ශී‍්‍ර ලංකාව එවැනි කොලනියක් බවට පත්කර ගැනීමට ඉංගිරිසීන්ට නො හැකි විය. කොන්දේසිවලට යටත් ව 1815 ලංකාව පවරාගත් ඔවුන් ඔවුන්ගේ අන්තේවාසික, සිංහල සහ දෙමළ ප‍්‍රධානීන්ගේ සහාය ඇතිව, පාලන නීතිරීති, අර්ථ ක‍්‍රමය, අධ්‍යාපනය, ආගම යොදා ගනිමින් ලංකා භූමිය, එහි සම්පත් සහ ජනතාව පාලනය කරමින් ලංකාව කොලනිකරණය (ජදකදබස්කසි්එසදබ* කරනු ලැබීය.
ශී‍්‍ර ලංකාව කොලනිකරණය සඳහා, සිංහලයන් ඝාතනය කොට, පලවාහැර පැහැරගත් ලංකා භූමිය තුළ, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ, ඉංගිරිසි ආණ්ඩුකාරයින්ගේ සහ පරිපාලන නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහයෙන් 19 වෙනි සියවසේ සිට මලබාර් ද්‍රවිඩ/දෙමළ ජනයා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ/ දෙමළ භූමියෙන් ගෙනවිත් පදිංචි කරවමින් දෙමළ කොලනි (ඔ්පසක ක්‍දකදබසැි* පිහිටුවනු ලැබීය. ඉංගිරිසීන්ගෙන් රැුකියා, වරප‍්‍රසාද, තනතුරු ලැබූ, දෙමළ කොලනි වැසියන්ගේ (ඔ්පසක ජදකදබසිඑි* නායකයන් වූ, දෙමළ ප‍්‍රධානීන් රැුසක් ”කොලනි ඒජන්තලා” (ක්‍දකදබස්ක ්ටැබඑි*, ”දෙමළ කළුසුද්දන්” බවට පත් වී ඇත. එමෙන් ම ඉංගිරිසි කොලනිවාදීන්ගේ අනුගාමිකයන්, සහායකයන් වූ සිංහල ප‍්‍රධානීන් ද ”කොලනි ඒජන්තලා” (ක්‍දකදබස්ක ්ටැබඑි*, ”සිංහල කළුසුද්දන්” බවට පත් වී ඇත. සිංහල දෙමළ සාමාන්‍ය ජනතාව භේද කරමින් කොලනි ඒජන්තලා/කළුසුද්දෝ, වාර්ගික භේදයකින් තොරව, එකම කෑම මේසයේ උද්දාමයෙන් සව්දිය පිරූහ. ඔවුන්ගෙන් පැවතෙන්නන්ගේ ද ඒ මානසිකත්වය සහ ගතිපැවතුම් තවමත් වෙනස් වී නැත. කෙසේ වෙතත්, වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් පුරා ජීවත් වෙමින් ලොව අන් රටක දැකීමට නොහැකි ජල ශිෂ්ටාචාරයක්, වාරිමාර්ග ජාලයකින් යුත් කෘෂි ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක් නිර්මාණය කරන ලද සිංහලයන් කොලනි වාසීන් නොවේ. ස්වදේසිකයන් ය. මාතෘභූමි වාසීන් ය.
”ගෝති‍්‍රකකරණය”
ඉංගිරිසි කොලනිවාදී කි‍්‍රයා මගින් අවතැන් කරන ලද සිංහල ජනයා සහ ඔවුන්ගෙන් පැවතෙන අයට මාතෘභූමි වාසී අයිතිය ලබා දීම, ”සිංහල කොලනි පිහිටුවීම”, ”සිංහලකරණය” ආදී වාර්ගික චෝදනා මගින් විරෝධතා නගමින්, වර්ගවාදී/ජාතිවාදී, ආගම්වාදී දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුචරයන් විසින් සාමකාමී සමාජය භේද භින්න කරමින්, වාර්ගික වෛරය පතුරුවමින් ඇත. අවතැන් වූවන් මාතෘභූමියේ යළි පදිංචි කරවීම (රිසෙට්ල්මන්ට්ස්* කිසිසේත් ”කොලනිකරණය” (කොලෝනිඅලයිසේසන්* හෝ ”සිංහලකරණය” (සිංහලයිසේසන්* නොවේ. ”මාතෘභූමිවාසී” කිසිවෙකු තමන්ගේ මවුබිමේ ”කොලනි වැසියෙකු” විය නො හැකි ය.
පුරාණ සිංහල සංස්කෘතික භූමි, බෞද්ධ පුදබිම්, පුරාවිද්‍යා භූමි සමීක්‍ෂණය, ප‍්‍රතිසංස්කරණය, ප‍්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව කි‍්‍රයා කරන්නේ වර්ගවාදී සහ ආගම්වාදී සුළු පිරිසකි. ඔවුහු පුරාවිද්‍යා සමීක්‍ෂණවලට විරෝධතා දක්වති. 16 වෙනි සියවසේ සිට යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් විනාශ කරන ලද, බෞද්ධ මර්ධනය නිසා පොළොවට සහ වනයට බිලි වූ, වසර දෙදහසකට පමණ පෙර සිට පැවත එන බෞද්ධ පුදබිම් වත්මන් ලෝකයට එළිදරවු වෙන නිසාය. බෞද්ධයන් නැති ප‍්‍රදේශවල ”බෞද්ධ සංඛේත” අවශ්‍ය නැතැ’යි තර්ක කරති. ඒ අතර, බෞද්ධ සංස්කෘතික සංහාරය කරමින් ඔවුන්ගේ ආගමික සංඛේත තැනින් තැන අළුතෙන් පිහිටුවති. බෞද්ධ පුරාවිද්‍යා භූමි තුළ තමන්ගේ සංඛේත පිහිටුවමින් රාජ්‍ය නීතියට අභියෝග කරති. ඔවුන්ගේ විරෝධතා මගින් මේ භූමි ප‍්‍රදේශ ¥රාතීතයේ සිට සිංහල බෞද්ධ භූමියක් ව පැවති බව සනාථ කරන අතර යුරෝපීය ආක‍්‍රමණිකයන්, විශේෂයෙන් ම ඉංගිරිසි කොලනිවාදීන් ඉතා උනන්දුවෙන් කි‍්‍රයාත්මක කළ ”දෙමළ කොලනිකරණය” සහ ”කි‍්‍රස්තියානිකරණය”, ”මුස්ලිම්කරණය” සහ වර්ගවාදීන්/ගෝති‍්‍රකවාදීන් දියත් කළ ”ගෝති‍්‍රකකරණය” (ට‍්‍රයිබලයිසේසන්* කොලනි ඒජන්තලා විසින් නවතා නැති බව සනාථ කරයි.
නව නාසිවාදීන්
දෙමළ ”පාරම්පරික නිජබිම”, දෙමළ භූමිය ලෙස තහවුරු කිරීම සඳහා ”වාර්ගික ශුද්ධ” කිරීම සහ සංස්කෘතික සංහාරය නාසිවාදයේ අංගයකි. අවසාන සිංහලයාගේ සමෙන් සෙරෙප්පු මසා පළඳින තෙක් නින්දයන්නේ නැතැ’යි කරන ලද ප‍්‍රකාශය (ටී.යු.එල්.එෆ්. නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නෝනා* වර්ගවාදීන්ගේ ”නාසිවාදී” සැබෑ ස්වභාවය පැහැදිලිව පෙන්නුම් කරයි. ලෝකයේ නාසිවාදී නායකයා (හිට්ලර්* ඇතුළු පිරිස අවසන් ගමන් ගිය පසු ඇමරිකාව සහ යුරෝපීය රටවල ”නව නාසිවාදීන්” යටිබිම් ගතව කි‍්‍රයාත්මක වුව ද, ශී‍්‍ර ලංකාවේ නාසිවාදී දේශපාලන නායකයන් සහ සන්නද්ධ නායකයා පරලොව ගොස් සාමය උදා වූ ශී‍්‍ර ලංකාවේ ඊළාම්වාදී දේශපාලන ”නව නාසිවාදීන්” විවෘතව ම කි‍්‍රයාත්මක ව ඇත. ආගමික භේදයකින් තොරව එක් වී ඇති, වෙල්ලාල කුලෝන්මාදයෙන් පෙළෙන, මේ නව නාසිවාදීන් යහමගට ගැනීමට ඔවුන්ගේ ආගමික නායකයන් නිසි පියවර නොගන්නේ මන්දැ’යි දන්නේ ඔවුන් ම පමණකි.
වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය මගින් දෙමළ ජනතාව මානව සාරධර්මවලට, මානව ශිෂ්ටාචාරයට වෛර කරන ”නාසිවාදීන්” බවට පත් කරමින් දෙමළ හින්¥, කි‍්‍රස්තියානි, බෞද්ධ ජනතාව පමණක් නොව සිංහල බෞද්ධ, කි‍්‍රස්තියානි ජනතාව සහ මුස්ලිම් ලබ්දික ජනතාව ම්ලේච්ඡු භීෂණයට බිලි දෙමින් අගාධයට හෙලන ලද දෙමළ සහ මුස්ලිම් ප‍්‍රධානීන් පරලොව සුගතියක දැ’යි දන්නේ නැත. කෙසේ වෙතත්, යළි මිනිසත් භවයක නම් ඔවුන්ට වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී සහ මානව ශිෂ්ටාචාර විරෝධී සහ වෛරී සිතුවිලි පහළ නොවේවා! අපගේ පැතුම ය.
මාතෘ භූමිවාසී සිංහලයන්ට 19 වෙනි සියවසේ සිට පළවාහැර ඇති භූමියේ නැවත පදිංචි වීමේ පූර්ණ, අයිතිය තහවුරු කිරීම රජයේ පරම වගකීමකි. ඉඩම් අහිමි කරන ලද මාතෘභූමි වාසී ජනතාව මාතෘභූමිය තුළ යළි පදිංචි කරවීම (රිසෙට්ල්* සහ ඔවුන්ගේ පෞරාණික ශිෂටාචාරය සහ සංස්කෘතිකාංග ආරක්‍ෂා කිරීම, ප‍්‍රතිසංස්කරණය සහ ප‍්‍රතිනිර්මාණය කිරීම සඳහා කැපවීම, ජනතා පරමාධිපත්‍ය නියෝජනය ලබා ඇති ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට පැවරී ඇති නෛසර්ගික වගකීම කි. අනුල්ලංගනීය වගකීමකි.
අධිකරණ විමර්ෂණයකින්, පාරම්පරික නිජබිමෙන් නැගෙනහිර පළාත නීතියෙන් ඉවත් කොට ඇති නමුත් බිඳවැටී ඇති ”නිජබිම” යළි පිළියම් කිරීමට දේශීය විදේශීය බලපෑම් දැකිය හැකි ය. නැගෙනහිර පළාත පිළිබඳ සරල කරුණකි. එහි ස්ථිරව පදිංචි වී ඇති මුළු ජනගහණයෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් නොවෙන ජනතාව ය. එමෙන් ම, පදිංචියට වසර දෙසියයක් හෝ නැත. එවැනි භූමි කොටසක් ”පාරම්පරික නිජබිමක්” ලෙස පිළිගැනීම ලෝක දේශපාලනයට විකෘති පූර්වාදර්ශයක් එකතු කරයි. (මේ කාලවකවානුවේ ම ඉංගිරිසි කොලනිවාදීන් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙනගොස් මැලේසියාව, දකුණු අපි‍්‍රකාව, මොරීසියස්, මාල දිවයින් ආදී රාජ්‍යවල පදිංචි කරවන ලද ද්‍රවිඩ/දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම කුමක් වේ ද?*
කෙසේ වෙතත්, දෙමළ වර්ගවාදීන් 1976 වඩුක්කෝඩෙයි ප‍්‍රකාශය මගින් ප‍්‍රකාශයට පත් කළ ඊළාම් ”පාරම්පරික නිජබිම”, නැගෙනහිර පළාතේ මුස්ලිම් ආගමික අන්තවාදී කි‍්‍රයා සහ ඔලූවිල් ප‍්‍රකාශය මගින් දෙදරවා ඇත.
ඓතිහාසික යුගය ආරම්භයේ සිට ව්‍ය.ව. 19 වෙනි සියවස වෙන තෙක් ශී‍්‍ර ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ සිංහල රාජ්‍යයේ අගනුවර කේන්ද්‍ර කොට කුමාරයන් ඇතුළු රජ පවුලේ සාමාජිකයන්, ඇමතියන් වූ මහාධිකාරම්, අධිකාරම්, දිසාවේ ආදී රාජ සභිකයන්ට වගකීම් පැවරුණු පරිපාලන ප‍්‍රදේශ වීය. පුරාවිද්‍යා සාධක, දේශීය සහ විදේශීය ඓතිහාසික වාර්තා, පුර්තුගීසි, ලන්දේසි සහ ඉංගිරිසි ඉතිහාසඥයන් පමණක් නොව, දෙමළ ඉතිහාසය සම්බන්ධ මූල ග‍්‍රන්ථය ලෙස පිළිගෙන ඇති ”යාල්පාන වෛපව මාලෙයි” ඇතුළු දෙමළ කාව්‍ය පවා සඳහන් කරන උතුරු පළාතේ නිත්‍ය පදංචිකරුවන් වූ සිංහලයන්ට, බෞද්ධයන්ට සිදු වූයේ කුමක් ද? යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද මලබාර් ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් විසින් ඝාතනය කරනු ලැබී ද? පලවාහරිනු ලැබී ද? ඔව් නම්, ඔවුන් සිංහල සංහාරය (ජෙනොසයිඞ්ුටැබදජසාැ* සම්බන්ධයෙන් වගකිව යුතු වෙයි. 1917-1918 සහ 1948 විමුක්ති සටන් පැවති ප‍්‍රදේශවල හැර ඉංගිරිසි කොලනිවාදීන් උතුරු පළාතේ ඝාතන කළ බවට තොරතුරු නැත. එසේ වුවත්, පාලන ප‍්‍රතිපත්ති සහ කි‍්‍රයාමාර්ග මගින් උතුරු නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධයන් දෙමළකරණය කරන ලද බව ඉංගිරිසි රාජ්‍ය නිළධාරීන් විසින් සනාථ කොට ඇති බැවින් ඉංගිරිසි/බි‍්‍රතාන්‍ය රජයට සිංහල සංහාරය කළ බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි ය.
වෙල්ලාලයන් විසින් පීඩනයට ලක් කරනු ලබන උතුරු සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් බහුතරයක් සහ වර්තමාන දෙමළ බෞද්ධයන් ඉංගිරිසි කොලනිවාදීන් විසින් දෙමළකරණය කරන ලද සිංහල බෞද්ධයන්ගෙන් පැවතෙන අය බව නිසැක ය.