සුනේත්‍රා බණ්ඩාරනායක සිය පියා ව පාවා දීම (Betrayal of her father by Miss Sunethra Bandaranayaka)- Part II
Posted on July 24th, 2023
C. Wijeyawickrema, LL.B., Ph.D.
All human progress has depended on ‘new questions’ rather than on ‘new answers’ to the old questions.” Alfred North Whitehead — Science and the Modern World, 1925
Sinhala [language]’s survival as a clearly Indo-Aryan language can be considered a minor miracle of linguistic and cultural history” –James W. Gair, Studies in South Asian Linguistics: Sinhala and other South Asian languages, 1998, Chapter 14: How Dravidanized was Sinhala phonology? Pages 185-199).
1946/7 දී වලපොල රාහුල හිමියන් විසින් භික්ෂුවකගේ උරුමය යන කෘතියෙන් සනිටුහන් කලේ ධර්මපාලතුමාගේ අභාෂය අනුව යමින් 1933 සිට කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් ක්‍රියාවට නැංවූ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්දන දීප ව්‍යප්ත වැඩ සටහනේ හරය හෙවත් මුර දේවතා සංකල්පයමය.
Summary
The decision to make Sinhala official as language in 1956 was only one of the attempts to rectify a long list of injustices/discrimination/genocide Sinhala Buddhists faced since 1551. Sirasa TV News’ Paras Saukat Ali’s attempt to use Sunethra as a cat’s paw to place the blame on one individual, her father, SWRD, was part of an organized campaign to distort history and geography of Sri Lanka. If SWRD was guilty of this <sin>, then Dudley, JRJ, NM-Colvin and SJV Chelvanayagam were also equally responsible partners of this political <crime>. By trying to label one individual as the culprit for an outcome of a peaceful national social movement that began in the 1840s, Paras is adding his two cents worth <contribution> to the anti-Sinhala Buddhist dollar forces of <aragalaya> lurking in the dark, and to the goal of balkanization of Sri Lanka. This two-part essay has taken a holistic approach to <educate> Paras, his admirer Sepal, and Sunethra, the victim in this case.
Part II
ඩොනමෝර් බෞද්ධයින්
ඉන්දියාව කඩා පකිස්ථානයක් සදා දීම මුල සිටම සුද්දාගේ අරමුණ විය. ලංකාවේදී ඔවුන්ගේ උපායවූයේ භූගෝලීයව දෙකට කැඩිය නොහැකි දූපතේ දෙමළ බලය ශක්තිමත් කරදීමය. එහෙත් ක්‍රමයෙන් භූමිය අනුව නියෝජන ක්‍රමය (territorial representation) වැඩිවීමත් සමඟ 1832 සිට පැවති ජාති අනුව නියෝජිතයින් (communal representation) පත්කරණ ක්‍රමය දෙමළ නායකයින් සසල කලේය. 1931 සර්වජන චන්ද බලය දීම හා භූමිය අනුව මන්ත්‍රීන් තේරීමත් සමඟ සිංහල මහජාතියට බලය මාරුවීම වැලැක්විය නොහැකිවිය. මෙහිදී සිදුවූ තවත් දෙයක් නම් එතෙක් ක්‍රිස්තියානි හා සිංහල කතාකල නොහැකිව සිටි සුද්දන් යටතේ ධනය හා තනතුරු ලබා සිටි සිංහලයින් බුද්ධාගම්කාරයින් සේ ඉදිරිපත්වීමය. මෙහිදී ගැමියා ඉදිරියට යෑම සඳහා ඔවුන් පාවිච්චිකලේ ගමේ හාමුදුරුවරුන් නමැති මෙවලමය. සර්වජන චන්ද බලය දීම වඳුරන්ට දැලිපිහි දීමක් වැනි යයි නොකී එකම සිංහල හෝ දෙමළ දේශපාලකයා වූයේ කම්කරු පක්ෂයේ (Labour Party) නායක A. E ගුණසිංහ පමණය.
පෙත්සම්ගසා (සුද්දට පන්දම් අල්ලා) ලබාගත් නිදහස
කුමණ ආකාරයකින් හෝ සුද්දන්ගෙන් පාලනබලය ලබා ගැනීමට උත්සුකවූ ඩී. එස් ප්‍රමුඛ පිරිස පෙත්සම් ගසා, කෘතිම ජාතික සමඟියක් මවාපා, අන්තිමේදී හිට්ලර්ට හා ගාන්ධිට (හා සුබාස් චන්ද්‍ර බෝෂ්ට) පින්සිදු වන්නට 1948 දී යන්තම් එගොඩවිය. මෙය කොළඹ කළු සුද්දන් ලබාගත් <නිදහසක්> මිස ඉන් රට වැසියාට අත්වූ සෙතක් නොවීය. සර් අයිවෝර් ජෙනිංන්ස් සමඟින් ඩි. එස් ලා හදාගත් 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තිය 1815 ගිවිසුමේ හොල්මනක් විය. 1815 ගිවිසුම, හිට්ලර් ගැසූ ගිවිසුම් මෙන් මුල සිටම සුද්දා විසින් කඩකලේය. සිංහල බෞද්ධ ජනයාට 1815 න් පසු දිගටම කල වෙනස්කම්, හිරිහැර, සමූලඝාතන හා අහිමිකල අයිතිවාසිකම් 29 වගන්තිය යටතේ තවදුරටත් රටේ නීතිය විය.
ඩී එස්ලාගේ කළු සුද්දන්ගේ ක්‍රිස්තියානි මූලික පාලන තන්ත්‍රයට බලවත් භාධකයක් වූයේ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව ගොඩ නැඟුණ සිංහල බෞද්ධ බලවේගයය. එය කැතලික් ඇක්ෂන් ව්‍යාපාරයට විරුද්ධව ගොඩ නැඟුණ සටනකට වඩා ඩී. එස්ලාගේ දෙබිඩි පිළිවෙතට විරෝධය පෑමකි. සිය චන්ද ව්‍යාපාර සඳහා පන්සල් වලට රිංගූ සිංහල ඩොනමෝර් බෞද්ධයින්, අනිත් අතට යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල හිමි වැනියන් පොලිටිකල් මන්ක්ස් කියා හංවඩු ගසන්නට තැත් කලේය. එක් සංවාදයකදී එවකට රටේ සිටි බලවත්ම දේශපාලකයාවූ ඩී එස්ට යක්කඩුවේ හාමුදුරුවන් දුන් උපදේශයවුයේ, <අපි සාසනය බලාගන්නම්, තමුන්නාන්සේ රට බලාගන්න> යනුවෙනි. (The Work of Kings, H. L. Seneviratna, (HLS) 2000). HLS ට අනුව, යක්කඩුවේ හා රාහුල යන හිමිවරුන් දෙන්නා ලංකාවට කල විනාශයට වගකිව යුතුය. ඔහු කියන්නේ 1956 ට පෙර තිබූ ලංකාවට රට ආපසු ගෙන යායුතු බවත් ඒ සඳහා තරුණ භික්ෂූන් විප්ලවයක් කල යුතු බවත්ය.
1802 නෝත් ආණ්ඩුකාරයාගේ කාලයේ සිටම ගහට පොත්ත සේ ගම හා පන්සල අතර තිබූ බැඳීම (මුර දේවතා සංකල්පය) සුද්දන්ගෙන් බලය මාරුකරගත් කළුසුද්දන්ට බලවත් හිසරදයක් විය. අද්මිරාල් ලේටන් පවා දෙවන ලෝක යුද්ධ කාලයේදී ජපනුන් ලංකාවට ගොඩ බැස්සොත් සතුරාගේ පැත්ත ගනීවියයි සිතා කඳවුරුවල හාමුදුරුවරු ගාල් කරන්නට පවා ප්ලෑන් කලේය (පර්ල් හාබර් ප්‍රහාරයට පසු ඇමෙරිකාවේ ජපන් වැසියන් ගාල් කල ආකාරයට).
විද්‍යාලංකාර භික්ෂූ බලවේගය
විද්‍යාලංකාර ප්‍රකාශණය (1946/2/13), භික්ෂුවකගේ උරුමය (වල්පොල රාහුල හිමි, 1947 (?), මෙන්ම ඩී සී. විජේවර්ධන විසින් ලියූ ධර්ම විජය (Revolt in the Temple, 1953) නම් ඓතිහාසික ග්‍රන්ථය සිංහල බෞද්ධ ජනතාවගේ දුක හුදෙක් අමද්‍යප ව්‍යාපාරයට පමණක් කොටුවූවක් නොවන බව පාලක කළු සුද්දන්ට කල අනතුරු ඇඟවීමේ සංකේතවිය. සිංහල බෞද්ධයින්ට අවුරුදු 400 ක් පුරා සිදුවූ හානි පිළිඹදව විමර්ශණය කිරීමට රාජ්‍ය කොමිෂමක් පත්කරණ ලෙස සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් අගමැති ඩී එස්ට කල ඉල්ලීමට ඔහුගේ ප්‍රතිචාරයවූයේ, <ආණ්ඩුව සරණං ගච්චාමි> යයි ශික්ෂාපදයක් නැත යන අදහසය. 29 වගන්තිය ඊට ඉඩ නොදෙනබව සර් අයිවෝර් සජෙනිනිංස්ගේ තීරණය විය. මේ අනුව 1815 ගිවිසුම මඟින් කල හානි තවදුරටත් වලංගුය.
මෙම ලැජ්ජා සහගත පිළිතුර ඉදිරියේ එවැනි කොමිෂමක් බෞද්ධයින් විසින්ම පත්කර ගැනීමට මහාචාර්ය ගුණපාල මලලසේකර ඇතුළු නායක හාමුදුරුවරු තීරණය කලේය. එම බෞද්ධ තොරතුරු විමර්ශණ කොමිෂම් වාර්තාව කෙටියෙන් Betrayal of Buddhism යනුවෙන් නිකුත්විය (1956). යාපනේ කුල භේදය වෙනුවට, තායිලන්තයේ ථේරවාද බුද්ධාගම ගැන සොයන්නට ක්‍රිස්තියානි පදනමකින් ශිෂ්‍යත්වයක් ලබා ගිය ක්‍රිස්තියානි ස්ටැන්ලි ජෙයරාජ් තම්බයියා Buddhism Betrayed (1992) යනුවෙන්, අසත්‍ය හා අර්ධසත්‍ය සහිත පොතක් ලිව්වේ ලාල් ජයවර්ධන විසින් නොර්වේ සිට සැපයූ අරමුදල්, හා ඔහුඟේ බිරිඳ විශාඛා කුමාරි විසින් ලංකාවේ සිට සැපයූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මාරාවාශ වූවා වැනි පින්තුරයක් පොතේ පිටකවරයට දමාය.
(The All-Ceylon Buddhist Congress (ACBC) established a Buddhist Committee of Inquiry on April 2, 1954. It became popularly known as the `Buddhist Commission’. It held its sittings throughout the length and breadth of the country. In addition to Prof. Malalasekera and L.H. Mettananda, the Committee comprised the Ven. Abanwelle Siddhartha, Ven. Haliyale Sumanatissa, Ven. Balangoda Ananda Maitreya, Ven. Polonnaruwe Vimaladhamma, Ven. Madihe Pannaseeha, Ven. Henpitagedera Gnanaseeha, P.de S. Kularatne, Dr.Tennekoon Wimalananda and D.C. Wijewardena. The Report was finally presented to the Maha Sangha and the general public at a Meeting held at Ananda College on February 4, 1956).
1951 දී SWRD, UNP ආණ්ඩුවෙන් ඉවත්වූ අතර 1952 දී ඩී එස් අශ්වයා පිටින් වැටී මිය ගියේය. ඔහු මරණාසන්න ලෙඩෙක්ව සිටිබව සෝල්බරි අග්‍රාණ්ඩුකාරයා, එස්මන්ඩ් වික්‍රමසිංහ වැනි කීප දෙනෙක් දැන සිටියත් එය ඩඩ්ලිවත් දැන සිටියාදැයි සැක සහිතය. පුතා අගමැති කිරීමේ කුමණ්ත්‍රනයට තමන් ගොඳුරක් වූවානේද යන්න සර් ජෝන් කොතලාවලට වැටහුණේ ඩඩ්ලි අගමැති වීමත් සමඟය. සර් ජෝන් වෙඩිකෑ ඌරෙක් මෙන් හැසුරුණේය. මෙවැනි කචල් අතරේ මුදල් ඇමති JRJ හාල් මිල වැඩිකිරීමත් සමඟ රටේ කලබගෑනියක් ඇතිකරන්නට මාක්ස්වාදීන් සමත් විය. මෙම හර්තාලයෙන් ඩඩ්ලි විසිවී 1953 දී සර් ජෝන් අගමැති විය.
1956 දී බෞද්ධ නායකයින් තම වාර්තාව ඩඩ්ලි වෙතට ගියවිට ඔහු කියා සිටියේ එය බණ්ඩාරනායක ලඟට ගෙනයන ලෙසය. වර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට SWRD එකඟවිය. ඔහු නැතිනම් වෙන අයෙක් බෞද්ධයින් විසින් සොයා ගන්නා බව නිසැකය. (1957 දී ඔහු විසින් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධ ශාසන කොමිෂන් සභාවක් පත්කලේ මෙම 1956 කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමසා බැලීමටය). 2500 බුද්ධ ජයන්තිය 1956 දී සිදුවීමට යෑම ක්‍රිස්තියානි බලපැමෙන් යටවී ඇති සර් ජෝන්ගේ සංකර ආණ්ඩුවට බලවත් අභියෝගයක් විය. ඉංග්‍රීසි භාෂාව මඟින් සිංහල ජනතාව යටකරගෙන සිටීම ආගමික ප්‍රශ්ණයක් නොව මව් භාෂාව රැක ගැනීමේ සටනක් විය. මේ සම්බන්ධයෙන් UNP හා SLFP මත ගැටුම යාපනේට ගොස් සර් ජෝන් කල කතාවකින් පුපුරා ගියේය. මේ නිසා සමතැන (parity of status) යන සමසමාජ (LSSP) මතය වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව කිරීම භාරගැනීමට UNP නායකයින්ට සිදුවිය.
සිදුවීම් දාමයක් හරහා ගොඩ නැඟුණ අවුරුදු 2500 ක ශිෂ්ටාචාරයක් සහිත තමන්ට ලෝකයේ ඇති එකම බිම්කඩේ තමන්ට සිදුවන අසාධාරණයට විරුද්ධව නැඟී ආ බලවේගයෙන් ගැලවීමට 1956 වනවිට රටේ සිටි කිසිම සිංහල බෞද්ධ යයි කියා ගන්නා නායකයෙකුට ඉඩක් නොතිබුණේය. ජනප්‍රියවීම උදෙසා හෝ අවස්ථවාදියෙක් වශයෙන් හෝ තම පියා ක්‍රියකලා යයි සුනේත්‍රා කියන්නේ කෙසේද? ඔහු සිංහල මහ සභාව (1937?) පිහිටුවා ගත්තේ G. G. පොන්නම්බලම් විසින් ඒ වන විට සිංහල නායකයින්ට අපහාසාත්මක ලෙස කතාකරමින්, විශේෂයෙන් SWර්RD සිංහල ජාතිය වෙනුවෙන් කතා කිරීම හිට්ලර් ගනයේ හැසිරීමක් යයි කරගෙන ගිය දේශපාලනයට ප්‍රතික්‍රියාවක් වශයෙනි. පරාස් සවුකත් අලිවත්, සුනේත්‍රාවත්, සේපාල්වත් මේ විස්තර දන්නේ නැත. 1848 දී සිංහලයින් සමූලඝාතනය කිරීම, මුඬුබිම් පණත් මඟින් උඩරට ගැමියා හිඟන්නන් කිරීම, 1873 පානදුරා මහා වාදය, 1883 කොටහේන ගැටුමේදී සුද්දන් හා ක්‍රිස්තියානි කළු සුද්දන් කතෝලික පැත්ත ගැනීම හා අන්තිමේදී 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේදී කෲර ලෙස සිංහලයාට සැලකීම සුද්දන්ට විරුද්ධව එතෙක් යොදාගත් අමද්‍යප ව්‍යාපාරය ජාතික නිදහස් අරගලයක්සේ හැඩගස්වන්නට හැකිවූයේ ඩී එස්, ඩීබී ජයතිලක, (හේවාවිතාරණ, හිරේ සිටියදී මියගිය) වැනි නායකයින් හිරභාරයට පත්වී ජාතික වීරයින්සේ ඉන් එලියට ඒම නිසාය.
ගාර්නියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ගේ භූමිකාව (2019-2023)
ස්විස් තානාපතිද හවුල්ව ගාර්නියා නම් එහි සුළුසේවකයා ගෝඨාභය බලයට ආ හැටියේම කල මගඩිය (2019 නොවැම්බර්), SWRD අගමැතිට 1956 දී මුහුණ දීමට සිදුවූ කුමන්ත්‍රණ සිහිකරවයි. මෙහිදී දෙමළ නමක්ද ඇති (කන්දප්පා?) ඉන්ස්පෙක්ටර් නිශාන්ත සිල්වාගේ රටින් පැනගැනීම, 1959 දී ඉන්ස්පෙක්ටර් නිව්ටන් පෙරේරාගේ හැසිරීමට සමානය. ඊටත් වඩා වැදගත් වන්නේ රාජිත සේනාරත්න හා කළුසූට් ඇඳගෙන ගාර්නියා වෙනුවෙන් ඉදිරිපත්වූ සුදර්ශන් ගුණවර්ධන (යහපාලන මාධ්‍ය අධ්‍යක්ෂක) දැඟලූ ආකාරයය. මොවුන් දැන් 2023 ජූලි මැද වනවිට ගලේ පැහැරූ බළලුන් වුනත්, ඔවුන් රටටකල හානියට ඔවුන්ට දුන් දඬුවම කුමක්ද?
සුනේත්‍රාගේ සීයා සර් සොලමන්
1956 දීත් තිබුණ මෙවැනි විෂම සමාජයක SWRD (අගමැති) ගේ චරිත කතාවට සමානකල හැකි වෙනත් දේශපාලකයෙක් නොවීය. කාරිගෙ චැනල්1 විසින් නීලපෙරුමාල් පරම්පරාව ගැන කල යූටියුබ් වැඩසටනේ සර් සොලමන්ගේ බටහිර ගැතිකම පෙන්වා දෙනලදී. වරක් සිය පියාගෙන් රටට හොඳක් නොවූ බව හාමුදුරුනමක් කියා සිටිවිට, ‘හාමුදුරුවනේ ඔහු මංවගේ පුතෙක් හදාදුන්නා නේද,’ කියා SWRD (අගමැති) ඇසුවාය කියා මා අසා ඇත. සිය මව මෙන්ම අගමැතිද 1920 න් පසුව සිය පියාගේ ක්‍රියා පටිපාටියට වෙනස් මතධාරියෙක් විය (සර් සොලමන් කසාඳ බැන්ඳේ ඔහුගේ සහෝදරියගේ දුවවය. මෙය අදටත් කර්ණාටක ප්‍රාන්තයේ පවතින ක්‍රමයකි).
එසේ වුවත් පිය-පුතු සම්බන්ධය පළුදුවූයේ නැත. තවද ලන්ඩන් ගිය වෙන තරුණයින් මෙන් ඔහු සුදු ස්ත්‍රියක් හා පැටලුනේද නැත. ඔහුට එලීනා රූපසිංහ සමඟද ඇසුරක් තිබුණත් තිබුණත් ඊට කලින් JR ඇයව ඩැහැ ගත්තේය. ඩඩ්ලි, සිරිමා මනාලිය බැලීමට ගියේද ඔහු සමඟය. එහිදී සිරිමා වැරදීමකින් මනාලයා වෙනුවට ඔහුගේ මිත්‍රයාට හෙප්පුව ඇල්ලුවාලු. මේ මඟුල් කපු කම් කලේ නානායක්කාර නම් පානදුරේ අයෙකි.
සෙසු රටවැසියා ඒ කාලයේ ඔහුට සැළකුවේ රජකුමාරයෙකුට මෙන්ය. උරුමයෙන් ලැබුණු රදළ බලපරාක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට හා බුදුදහම පිළිගැනීමට ඔහු යොමුවුනේ දුව සුනේත්‍රා සිතනවා මෙන් අවස්ථාවාදියෙක් හෝ ජනප්‍රියවීමට හෝ නොවේ. ඔහුගේ අසාමාන්‍ය චරිතය/හැසිරීම පිළිඹඳව මා අසා ඇති සිද්ධියක් මෙසේය. එය මට කිව්වේ මා සිමෙන්ති සංස්ථාවේ සිටියදී එහි සේවයට A. B. ඇල්කඩුව සභාපති විසින් ගෙනා අබේසේකර මහතා විසිනි. 1958 යාපනේ සත්‍යග්‍රහ කලබල/ සටන් කාලයේදී ඔහු කච්චේරියේ OA විය. ඇල්කඩුව AGA හා නිශ්ශංක විජේරත්න GA විය. GA කල්තියාම කොළඹට ගියවිට ඉතිරි වුනේ ඇල්කඩුව හා අබේසේකර යන නිලධාරීන් දෙන්නාය. මින් අබේසේකරව අගමැති විසින් කොළඹට කැඳවන ලද්දේ කච්චේරියේ හා යාපනේ සිදුවූ දේ දැනගැනීමටය. අගමැති සිටියේ ප්‍රමාදවූ දවල් ආහාරය ගනිමින්ය. අගමැති, ඔහු කියන විස්තර හරස් ප්‍රශ්ණ අසමින් කිසිම සසළ වීමක් නැතිව අසා සිටිද්දි අසලින් සිටි සර් ඔලිවර් හදිසි නීතිය පණවන ලෙස කියමින් කලබලයෙන් හැසුරුණේය. අන්තිමේදී හදිසි නීතිය දැම්මේ සර් ඔලිවර් විසින් (හෝ ඔහුගේ බලපෑම නිසා) ය.
වැඩ වර්ජනකරුවන් මුණ ගැසීමට ඔවුන් ලඟටම ගිය රටේ එකම රාජ්‍ය නායකයා ඔහු විය යුතුය. ඔහුගේ මෙම උසස් සිතීම ඔහුගේ දේශපාලන හතුරන් විසින් අපයෝජනය කලේය. ජීවිත තර්ජන තිබියදී පවා ඔහු තම ආරක්ෂාව නොසළකා හැරියේය. නිවසට එන හාමුදුරුවරුන් ගේට්ටුවේදී පරීක්ෂා කිරීම ඔහු නතර කලේය. ඔහු අකාලයේ රටට අහිමිකල අගනා මිනිසෙකි. ඔහු නැතිකිරීම නිසා ඔහුගේ දරුවන් තිදෙනා අයාලේ ගියා වැනිය. අනුරව බලාගැනීමේ වගකීම භාරදුන් ඥාති ලක්ෂ්මන් ජයකොඩි මේ කොල්ලාට සෙනේට් සභා කැන්ටිමේදී මත්පැන් ෂොට් එකක් ගසන්නට පුරුදු කල බව අබේසේකර මහතා මට පැවසුවේය.
පෘතග්ජනයෙකු වශයෙන් ඔහුගේ නොයෙක් අඩුපාඩු හා දුර්වලකම් තිබුණේය. ඔහුව බලයට ගෙන ආ අය අතරින් ඔහු අගමැතිවී මාස දෙකක් යන්නටත් කලින් ඔහුගෙන් වෙන්වූයේ බෞද්ධ බලවේගයෙ L. H. මෙත්තානන්දය. මෙත්තානන්දගේ යෝජනා රීසනබල් නැතැයි අගමැති සිතුවේය. ඔහුගේ ඥාති, තරුණ, S. D. බණ්ඩාරනායක ඇමතිකමක් භාරගැනීම ප්‍රතික්ෂේප කලේ (1) UNP එක ආණ්ඩුවට සහභාගි කර ගැනීමටත් (2) සිංහල හා දෙමළ භාෂා ලිපිකරුවන් වහාම රජයේ සේවයට බඳවා ගන්නටත් ඔහු කල යෝජනා අගමැති විසින් පිළි නොගැනීමය නිසාය (D.B.S. ජෙයරාජ් වාර්තාකල අයුරු). ඔහුකල බරපතල වරදක්වූයේ ක්‍රිස්තියානිවීම නිසා C. C. දිසානායකට (රවි කරුණානායකගේ මවගේ පියා) පොලිස්පති තනතුර නොදීමය. මෙහි විපාකය 1962 පොලිස්- නේවි කුමණ්ත්‍රනයය.
දෙමළ නිජබිම් මිථ්‍යාවේ අනියම් පියවරු- බණ්ඩාරනායක, ඩඩ්ලි + JR
මෙම ලිපියේ ඉහතින් ඇති කාරණා ලිව්වේ සමහරවිට සුනේත්‍රා හෝ පරාස් සවුකත් හෝ සේපාල් මේවා නොදන්නවා යයි සිතාය. ඔවුන් දැන ගෙනත් නොදන්නවාසේ ඉන්නවායයි කියා සිතෙන්නේ සිය මුදල් ඇමතිවූ ක්‍රිස්තියානි ස්ටැන්ලි ද සොයිසාවද සහභාගී කරගෙන හොරගොල්ලෙදී චෙල්වනායගම් සමඟ අත්සන් කල ගිවිසුම (B-C Pact, 1957/7/26), දෙමළ බෙදුම්වාදයට අගමැති විසින් දමා දුන් අත්තිවාරම වීමය. දෙමළ නිජබිමක් (ටැමිල්නාඩ් වලට අමතරව( ලංකාවේද තිබෙනවා යන මිථ්‍යාවට යම් ආකාරයේ තල්ලුවක් දැන හෝ නොදැන හෝ මෝඩකමට අගමැති විසින් සැපයුවේය. (ලෝකයේ කිසිම ජාතියකට නිජබිම් එකක් නොව දෙකක්ම තිබෙනවායයි මා අසා නැත).
මෑතකදී සම්බන්ධන් විසින් පාර්ලිමේන්තුවේදී බණ්ඩාරනායක හා ඩඩ්ලි ජාතික නායකයින් යයි වර්ණනාකලේ මේ ගිවිසුම හා ඊටත් වඩා කැත (D-C Pact, 1965/3/24) හොර ගිවිසුමෙන් දෙමළ බෙදුම්වාදයට ලැබුණු ඔක්ෂිජන් නිසාය. 1987 දී JR ට කරන්නට සිදුවූයේ ඔහු මූලිකවු 1965 හොර ගිවිසුම ව්‍යවස්ථා නීතියට ඇතුලත් කරණ ලෙස ඩික්ෂිට් හා රජිව් තරුණයාගේ දුන් නියෝගය ඉදිරියේ දණ ගැසීමටය. මෙම සිද්ධීන් නිසිලෙස පූර්වාපර සන්ධි ගලපාගෙන වටහා ගැනීම දැන්වත් කල යුතුව ඇත.
සිංහල මහ සභාව හා JR
(416) සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව – YouTube (කාරිගේචැනල් 1)
කාරිගේචැනල් එක බලනවිට පෙනී යන කරුණක් නම් සිංහල භාෂාව රැක ගැනීමේලා දැඩි අභිප්‍රායක් බණ්ඩාරනායකට හෝ JR ට තිබී නැති බවය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමට මුලින්ම 1943 දී යෝජනාකලේ JR ය. 1944 දි බණ්ඩාරනායකද සමතැන දීම අනුමත කලේය. සිංහල භාෂාව රැක ගැනීමට අවශ්‍යවූයේ සිංහල බෞද්ධයින්ටය. ඒ කාලයේ සිදුවූයේ බණ්ඩාරනායකගේ සිංහල මහ සභාව පීඩිත සිංහල ජනයා අතරේ ජනප්‍රියවී යෑම නිසා එතෙක් ස්වභාෂා අධ්‍යාපනය ගැන නිද්‍රාශීලීව සිටි ලංකා ජාතික සංගමයේ කළු සුද්දන්, හා ඊට අමතරව JR ද කලබලයට පත්වීමය. මේ නාට්‍යයම 1956 න් පසු JR නැවතත් නැටුවේය.
1956 දී සිංහල රාජ්‍ය භාෂාව කරද්දී JR ද ඊට හවුල්වී දෙමළ භාෂවට සාධාරණ භාවිතා අයිතියද ලබා දුන්නා නම් එය සිංහල හා දෙමළ අන්තවාදීන්ගේ ආයුධයක් වන්නේ නැත. 1956 දී ආසන අටට බැස්සත් UNP පක්ෂයට ලැබුණු රටේ මුළු චන්ද සංඛ්‍යාව, MEP පක්ෂයට ලැබුණු මුළු චන්ද සංඛ්‍යාවට සමාන විය. සමසමාජකාරයින් වැඩවර්ජන හා සමතැන ගැන කතාකරද්දී, JR හා ඩඩ්ලි නුවරට පෙලපාලි යන්නට හැදුවේය. S.D. බණ්ඩාරනායක තරුණ මන්ත්‍රී ඉඹුල්ගොඩ වීරයා වූයේ මෙම පාගමන කඩාකප්පල්කල නිසාය. මීටත් වඩා කැත ක්‍රියාව වූයේ 1958 දී බණ්ඩාරනායකගේ දෙමළ භාෂා රෙගුලාසි පණතට හා B-C Pact එකට විරුද්ධව පෙලපාලි ගිය JR, 1965 දී එම පෙලපාලි යෑමට හේතුවූ කරුණටම අදාල රෙගුලාසි ගෙන ඒමය. මේ හැමදේටම වඩා කැත හැසිරීම වූයේ 1965 දී JR ගෙනා දෙමළ භාෂා රෙගුලාසි වලට විරුද්ධව සමසමාජකාරයින් SLFP කාරයින් සමඟ පෙලපාලි යාමය. ඊට JR විසින් වෙඩි තැබීම නිසා හාමුදුරුනමක් මියගියේය.
<භාෂා දෙකක් එකරටක්-එක භාෂාවක් රටවල් දෙකක්> යයි 1956 සිට රට දෙවනත් කල සමසමාජ පක්ෂය හා කොල්වින්, 1972 දී ජනරජ ව්‍යවස්ථාව ලියන කාලය වනවිට ඒ කතාවද අතහැර දැම්මේය! මේ වනවිට 13-A සංශෝධනය හා R. ප්‍රේමදාස විසින් මුස්ලිම් චන්ද ලබාගැනීම උදෙසා ගෙනා 16 වෙනි සංශෝධනයෙන් (1988 දෙසැම්බර්) පසු, දෙමළ මුළු රටේත්, සිංහල දකුණේ පලාත් හතේත්, පරිපාලන භාෂාව කර ඇත. මේ නිසා උතුරු නැඟෙනහිර සිංහල ජනතාවට, සිංහල නීතීඥයින්ට, රජයේ හා අධිකරණ කටයුතු තමන් නොදන්නා දෙමළ භාෂවෙන් කරන්නට සිදුවී ඇත. සිංහල භාෂාවට අබ සරණයි! පරාස්ලාට, සේපාල්ලාට ඩොලර් සරණයි!