රටක ඉතිහාසය, සංස්කෘතිය නොදත් පරම්පරාවක් බිහි කරන්නේ කුමක් සඳහාද?-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
Posted on July 26th, 2023
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ 2023.07.26 දින අරලිය ගහ මන්දිරයේ පැවැති දහම් සරසවිය බුද්ධ ධර්ම උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය අමතමිණි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමාධාරීන් 1544 ක් සඳහා සහතික පත් ප්රදානය මෙහිදී සිදුකෙරිණි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
උසස් අධ්‍යාපන සුදුසුකම් නොලබා දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර දීම සහ ඔවුන් එම කාර්යයෙහි නියුතු නිපුණතා ඇත්තවුන් බවට පත්කිරීම තුළින් සාරධර්ම පිරි යහපත් දරු පරපුරක් බිහි කිරීමට ඉවහල් වෙනවා. මේ සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂික ව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 8 ක් වැය කරනවා. දසදහසකට අධික මෙරට දහම් පාසල් වල ගුරුභවතුන් එක් ලක්ෂ විසි හයදහස් තුන්සිය හතලිස් හයක් ඉගැන්වීම් කරනවා. දහම් පාසැල් වල ඉගෙනුම ලබන දරුවො විසි ලක්ෂය ඉක්මවනවා. මෙසේ පුහුණුව ලබන ගුරුභවතුන් සියලුදෙනාම නොකඩවා දහම් පාසල් ගුරුවරු ලෙස කටයුතු කරන්නේ නම් අපේක්ෂිත යහපත් ඉලක්ක කරා ළඟා වෙන්න පුළුවන්. අපි කවුරුත් බලාපොරොත්තු වෙන මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් මාර්ගයට අපේ සමාජය යළි පිහිටුවා කටයුතු කිරීමේ ඕනෑකම වෙනුවෙන් දැනට දැවැන්තම දායකත්වය ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේ සහ දහම් පාසල් ගුරුවරුන්. ඒ නිසා දහම් පාසලට ලබා දිය හැකි සම්බන්ධතාවය අතහරින්න එපා.
පාලි හා සංස්කෘතික වැනි භාෂාවන් පිළිබඳ ගැඹුරු වූ දැනුම දරුවන්ට ලබා දිය යුතුයි. අපි පාසල් යන කාලයේ අපට පාලි බස අනිවාර්යෙන් ඉගෙනගත යුතු විෂයයක් කර තිබුණා. ක්‍රමානුකූලව මේවා ඉවත් වන්නේ කුමන අරමුණු සඳහා ද කියන එක ගැන යම්කිසි අපහැදිලි තාවයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වුණත් අවංකව කතා කළ යුතුයි. රටක ඉතිහාසය, ගැඹුරු සභ්‍යත්වය, සංස්කෘතිය නොදත් පරම්පරාවක් බිහි කරන්නේ කුමක් සඳහාද?
මේ ගතවන්නේ අපේ රට තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙන කාලපරිච්ඡේදයක්. අපි සරුව පිත්තල දේවල් පිටිපස්සෙ ගිහිල්ලා අපේ ජීවනරටාව හානි කර ගන්නේ නැතුව ගැඹුරු බුදුදහමෙන් ශක්තිමත් වී අපේ ජීවනරටාව ශක්තිමත් කර ගතයුතුයි. අපේ ආර්ථිකය ලෝකයේ අනිත් රටවල් වගේම අමාරු තත්වයකට පත්වූ වෙලාවේ ජනාධිපතිතුමා රජය මේ කාල පරිච්ඡේදයේ අභියෝගයක් භාර ගත්තා. ඉතිහාසයේ කොයි දවසකවත් එවන් බංකොලොත් භාවයකට අපේ ආර්ථිකය වැටුණෙ නැහැ.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය, මහාචාර්ය, පූජ්‍ය නෙළුවේ සෝමවංශ හිමි, ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් කීර්ති සිරිබද්දන, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු, ඩිප්ලෝමාධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය