වතුසමාගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටි සාමාන්‍ය අධිකාරිවරයාගේ වැඩ තහනම් කරයි… නීතිය අතට ගත් ඇමැති ජීවන් තොණ්ඩමන් ගැන මහජන ආරක්ෂක ඇමැතිත් නිහඬයි
Posted on August 21st, 2023

Lanka Lead News

කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගනිමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කරමින් සිදුකළ අනීතික ක්‍රියාවේ දිගුවක් ලෙස  එම සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා විසින් එම සාමාන්‍ය අධිකාරීවරයාගේ වැඩ තහනම් කරවීම සඳහා වැවිලිකර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාට බලපෑම් කර ඇති බවද වාර්තා වන අතර, කෙසේ වුවද මේ වන විට වතුසමාගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටි එම සමාන්‍යාධිකාරිවරයාවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම වතුසමාගමට අයත් ඉඩමේ අනවසරෙන් නිවාස සෑදීමටද කටයුතු කර ඇති බවත්, අදාළ නිලධාරීවරයා විසින් එම කටයුතු නතර කිරීමට පියවර ගෙන තිබූ බව ද සඳහන්ය.

සබැඳි පුවත්…

ජීවන් තොණ්ඩමන් නීතිය අතට ගනී… ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍ය අධිකාරීට තර්ජනය කරයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress