සත්‍ය ධර්මය 3 – සත්‍ය ධර්මය විවර විය – නිවන් දකින ප්‍රතිපදාව
Posted on October 18th, 2023

තිස්ස ගුණතිලක

දුක ඇතිවීමට හේතුව ‘තන්හාව සහ අවිද්‍යාව’ ලෙස සද්ධර්මයේ සඳහන් වෙයි.  මෙය බුද්ධ වචනයයි.

තන්හාව යනු ‘ඇලීමයි’ නැතහොත් දුක ඇතිවන්නේ ‘අල්ලාගැනීම’ නිසයි. එසේනම් දුක නැතිකිරීමට ‘අතහැරිය’ යුතුය. මුළු සද්ධර්මය තුලම ප්‍රකට වන්නේ මෙම ‘අතහැරීමයි’. සත්වයා උපන්දා සිට මේ මොහොත දක්වා පැමිනි ‘සංසාර ගමනේදී’ මුළු භාහිර ලෝකයම චෛතසිකව හා භෞතිකව අල්ලාගෙන සිටියි. භෞතිකව අල්ලාගත හැකි දේ භෞතිකවත් අනිකුත් සියළුම දේ චෛතසිකවත් අල්ලාගත් ඔබ ඒ සියල්ලම අතහැරීමට සූදානම් නම් ඔබට නිවන් දැකිය හැකිය. අතහැරීමට සූදානම් නැතිනම් ඔබට නිවන් දැකිය නොහැකිය. සරලම දේ මෙයයි (simple as that).

නිවන යනු අතහැරීම පමනමයි. සද්ධර්මය තුල ප්‍රතිපදාව (තිපරිවට්ටයේ දෙවන අනුපිලිවෙල) යනු  අතහැරීම ප්‍රගුණකරන ප්‍රායෝගික කලාවයි.

අපට හමුවන හා අප පරිහරනය කරන සියල්ලම ‘භාහිරය’යි. ඔබ හිදගන්නා පුටුව, කියවන පොත, ඔබ ඇතුළු පවුලේ සාමාජිකයින්, ඇසුරු කරනා සියළුදෙනා, ගහකොල සතා සීපාවා, ගලනා ගඟ, හමනා සුලඟ, ආලෝකය හා වාතය ඇතුළු අවකාශය ආදි සියල්ලම ‘භාහිරයයි’.  මෙම භාහිරය අනාත්මීය ස්වභාවයෙන් පවතී. අනාත්මීය භාහිරය යනු චෛතසිකයෙහි ගින්නක් ඇතිනොකරන යතාර්ථයයි නැතහොත් ‘ස්වභාවධර්මයි’.

මෙම අනාත්මීය භාහිරයට අපත් ඇතුලත්වන අතර එය අපෙන් ස්වායත්තව පවතී. එනම් අප නැතිවුනත් භාහිරය පවතී. 

note: නිවන් දැකීමට අනාත්මීය භාහිරයක් පවතින බව පිලිගත යුතුය (accept). මක්නිසාද යත් නිවන යනු අනාත්මීය භාහිරය හා බද්ධ වීමයි. එසේ අනාත්මීය භාහිරය හා බද්ධ වී නිවන් දැකීමට නම් භාහිරයක් පැවතිය යුතුමය. ඔබ අනාත්මීය භාහිරයක් පවතින බව පිලිනොගන්නා තාක්කල් නිවනේදී බද්ධවීමට ඔබට ‘තැනක්’ අහිමිවනු ඇත.

විඤ්ඤාණ මායාවට හසුවුන සත්වයා භාහිරයේ පවතින අනාත්මීයවූ සියල්ලටම වටිනාකමක් (නන්දියක්) එකතුකර භාහිරයේ අනාත්මීයව පවත්නා සියල්ලටම ඇලීමක් (හෝ ගැටීමක්) ඇතිකරගනී. භාහිරයේ පවතින සියල්ලම දෙයක් යමක් කෙනෙක් (ආත්මීය) කරගන්නවා යන ක්‍රියාවලිය මෙයයි. සද්ධර්මය තුල ‘භවය (becoming)’ සකස්කිරීම ලෙස දැක්වෙන්නේ මෙම ක්‍රියාවලියයි.

‘නන්දිරාගය ඇතිකරවන තෘෂ්ණාව’* යනුවෙන් ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවේ දැක්වෙන ‘සමුදය සත්‍යය’ මෙයයි. භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ දැකීම/දැනීම  ‘අවිද්‍යාව’යි. 

උදාහරනයක් ලෙස; වර්ණ රූපයක් ලෙස භාහිරයේ පවතින ජීවීන්, ‘අම්මා’ හෝ ‘දරුවා’ ලෙස දැකීම විඤ්ඤාණ මායාව නිසාත් අවිද්‍යාව නිසාත් සිදුවන්නකි. මේනිසා එම ජීවීන් කෙරෙහි වටිනාකමක් හා ගින්නක් (නන්දියක්, කම්පාවක්) ඇතිවී ඇලීමක්/තෘෂ්ණාවක් ඇතිකරගනී, එනම් නැති භවයක් සකස්කර ගනී. ඒ නිසාම භාහිරයේ පවතින ජීවීන් ‘මගේ අම්මා, මගේ දරුවා’ වන ආත්ම දෘශ්ඨිය (මම) ඇතිවී සත්ව තෙමේ දුකට පත්වෙයි.

සත්වයා උපන් දා පටන් මේ මොහොත දක්වා මෙසේ යතාර්ථයක් නොවන භවයක් සකස්කරමින් ආත්ම දෘශ්ඨිය (මම) තරකරමින් නැති දුකක් විදී.

ප්‍රතිපදාව හා පාරමිතා

නිවන් දකින ප්‍රතිපදාවට අවතීර්ණ වීමට ඔබ යම්කිසි තත්වයන් කීපයක් සම්පූර්ණ කලයුතු වෙයි. උදාහරනයක්‍ ලෙස කර්ම-විපාක දෘශ්ඨිය ඇතුළු සියළුම දෘශ්ඨින් වලින් මිදිය යුතුය (සංමා දෘශ්ඨී), සිත එකාග්‍රතාවයකට (control & tame) එලඹීමට නොහැකි බව අවබෝධ කලයුතුය (සංමා සති, සංමා සමාධි). මෙය අවබොධකල  සිද්ධාර්ථ තවුසා ආලාර කාලාම උද්දිකාරාම පුත්‍රයන් අසල කල සමත භාවනාව අතහැර ඉන් ඉවත්විය. අනාත්මීය භාහිරයක පැවතීම පිලිගැනීම ආදීවූ තත්වයන් සම්පූර්ණ කලයුතුය 

මෙසේ අවශ්‍ය තත්වයන් (preconditions) සම්පූර්ණ කිරීම සද්ධර්මය තුල හමුවන ‘පාරමිතා’වයි.

භාහිරයේ පවතින යතාර්ථය දැකිම ප්‍රතිපදාවේ පලමු පියවරයි. භාහිරයේ පවතින කිසිම දෙයක ඇල්මක් (හෝ ගැටීමක්) ඇති නොවන ස්වභාවය සිහියට හසුකරගත යුතු වෙයි. භාහිරයේ පවතින අනාත්මීය ස්වභාවය (අනිච්ච ස්‍වභාවය) අවබෝධ කරන ඔබ එහි සුඤ්ඤතාවය (දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය) දකියි.  මෙසේ ලෝක සංඤ්ඤාවම සුඤ්ඤකරන ඔබ මුළු භාහිරය කෙරෙහිම තිබූ ඇලීමේ පලක් නැතිබව දකියි. සුඤ්ඤවූ කිසිවකට තවත් ‘ඇල්මක්’ කුමකටද? මෙතෙක් කලක් ඔබ අල්ලාගෙන සිටි ලෝක සංඤ්ඤාව ඇතිකරන මුළු භාහිරයම (ග්‍රාම, ආරණ්‍ය, පෘතුවි හා ආකාස සංඤ්ඤාවම) දැන් ඔබට අතහැරීම පහසුය. දැන් ඔබ මුළු ලෝකයම චෛතසිකව අතහරියි. ඔබ සක්කාය දෘශ්ඨිය, සීලබ්බතය හා විචිකිච්චාව ප්‍රහාණය කරයි. 

Note: සුඤ්ඤතාවය දැකීම/අවබෝධය තුල එනම් දෙයක් යමක්‍ කෙනෙක් නැති තැන උදාහරනයක්‍ ලෙස සොරකම් කිරීමට යමක් හෝ සොරකම් කිරීමට කෙනෙක් හමුනොවෙයි. එනම් ධර්මාවබෝධය තුල සීලය යල්පැන ගිය, අර්ථ ශූණ්‍යය (obsolete) තත්වයට පත්වෙයි. දැනුම අවබෝධයක් බවට පත්වී විචිකිච්චාවද දුරුවෙයි. මෙසේ චෛතසික අත්හැරීම තුල තුන් සංයෝජනයම එකවර ප්‍රහීණවී ඔබ සෝවාන් තත්වයට පත්වෙයි. චෛතසික අතහැරීම තුල අතහැරීමේ පලමු පියවර ඔබ සම්පූර්ණ කරයි.

ලක්ෂසංඛ්‍යාත භික්ෂූණ්වහන්සේලා පහසුවෙන්‍ කරන්නාක් මෙන් අතහැරීමේ දෙවන පියවර භෞතික අතහැරීමයි. යම්කිසි අවබෝධයක්තුල සාසනගතවන භික්ෂූන්වහන්සේලා පලමුව භෞතික අතහැරීමද දෙවනුව විපස්සනාව වැඩීමෙන් චෛතසික අතහැරීමද සිදුකරයි. තවමත් රහතන්වහන්සේ කෙනෙක් අපට හමුනොවන්නේ චෛතසික අතහැරීමට අත්‍යාවශ්‍ය විපස්සනාව වෙනුවට ඔවුන් බුදුන්වහන්සේ අනුදැන නොවදාල සමත භාවනාවක් කරපින්නාගෙන වාසය (විහරති) කරන බැවිනි. ඔවුන් විපස්සනාව ගුරු කොට ගෙන වාසය කරයි නම් අද සෝවාන් හා රහත් භික්ෂූණ්වහන්සේලා සුලභවනු ඇත.

සති බොජ්ජංගය වඩා සිහියෙන් කෘත්‍ය ඤාණය විචාරන (ධම්මවිචය බොජ්ජංගය) විට ඉතිරි බොජ්ජංග (බොජ්ජංග පබ්බය) නිරායාසයෙන් පහලවී නිවන ෂාක්ශාත්වන අයුරු lankaweb අඩවියේ මින් පෙර පලවූ ‘සත්‍ය ධර්මය – සත්‍ය ධර්මය විවර විය’ ලිපි මාලාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි.

tgunite@tpg.com.au

තෙරුවන් සරණයි.

තිස්ස ගුණතිලක

2023 ඔක්තොබර් 19 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress