හිමාලය කන්ඳෙන් බැස සමනල ගිරි මුදුනට නැගපු හාමුදුරුවරු අතලොස්ස
Posted on January 31st, 2024

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

කොසොල් රජතුමාගේ සීන සැබෑවීම

අතීතයේ දුටුගැමුණු-වළගම්බා-විජයබා රජවරුන්ට <කඩේ ගිය> හාමුදුරුවරුන් නමැති සංස්ථාවට අද අත්වෙන ඉරණම කුමක්ද?  මේ දිවයිනට ආවේනිකවූ, ලෝකයට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය (හා ථෙරවාද බුදු දහම) දායාද කල මුරදේවතා සංකල්පය බලවත්සේ දූෂණය වෙමින් පවතී.  තරුණ කාලයේ jvp කාරයින්ව සිටි, පසුව මංගල සමරවීර සමඟ ngo සුදුනෙළුම් ව්‍යාපාරයක නිරතවූ අය ලෙස සැකකරණ එක් අතලොස්සක්, අවුරුද්දක් පමණ හොර රහසේ තටමා හිමාලය ප්‍රකාශණය නම් මී බෙට්ටක් ප්‍රසූත කලේ (වැදුවේ) ය. තව කොටසක් ශ්‍රීපාද කන්දට නැඟ අධිෂ්ඨානයක් කලායයි ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළවිය.

හිමාලය නැග්ග පංචස්කන්ධ පිටිපස්සෙන් සිටින්නේ කවුරුන්ද ගැන අදහසක් ඔවුන්ට ලබාදුන් ප්‍රසිද්ධිය මඟින්ම එලියට පනී. ජනාධිපති රනිල්, ජූලි චුං හැසුරුණේ මීට පෙර, තිම්පු (1985) නොව ඔස්ලෝ ප්‍රකාශයට (2002 දෙසම්බර් 5) පසුව G.L. පීරිස් ඇමති විසින් ටයිගර් බාලසිංහම්ට හිස් එක්සලන්සි යයි කියමින් නැටුවා මෙන්, ප්‍රීතියෙන් උද්දාම වෙමින්ය. කතානායක මහින්ද යාපා, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද වැඩේට ෆුල් සපෝට් ය. මේ ගැන විදේශ රටවල වාර්තා මඟින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන තරම අනුව කවුරු හෝ මේ හාමුදුරුවරුන්ට නොබෙල් ත්‍යාගය දීමට යෝජනාකරන්නට පවා ඉඩ ඇත.

ඔස්ලෝ ගමන මෙන්ම මෙම හිමාලයා කතාවද මොන තරම් මෝඩ හුටපටයක්ද යන්න රටේ හා ලෝකයේ භූගෝල විද්‍යාව හා ඉතිහාසය නිකමටවත් දන්නා අයෙකුට වැටහේ. ප්‍රකාශණයේ වගන්ති හයෙන්ම එය රටකැඩීමේ ව්‍යාපාරයට සිවුරක් ඇන්ඳවීමක් බව, සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට වුනත් යුද්ධ කරන්න පුළුවන් යයි කිරිඇල්ලේ ඒකාලයේ කිව්වා මෙන් ඕනෑම ගොනෙකුට වුනත් තේරේ. ලංකාවට යුද ආධාර දෙන්න එපායයි රනිල් ලෝකයට කිව්වේ මෙම කිරිඇල්ලේ තියොරිය අනුවය!

තිම්පු වලදී නොදීපු හා ඔස්ලෝ වලදි දණින් වැටී ප්‍රභකාරන්ට දෙන්නට ගිය, එහෙත් ඔහු විසින් ප්‍රතික්ෂේප කල දේ, හිමාලයාකාරයෝ 2023 දී පූජාකරන්නේ, උතුර නැඟෙනහිර දෙනවා නම් බංකොලොත් කල ලංකාවේ ණය ඩොලර් බිලියන 50 දෙන්නට යෝජනාකල ග්ලෝබල් ටැමිල් ෆෝරම්කාරයින් (GTF) සමඟ ගොස් මහානායක හිමිලාද හමුවීය. බටහිර රටවල අනුග්‍රහයෙන්, රටින් පිට ඊළම් ආණ්ඩුවක් හදා ගෙන ඉන්නා දෙමළ කොටසක් හිමාලයා වැඩේට විරුද්ධත්වය පළකරන්නේ උපාය මාර්ගයක් වශයෙන් බොරුවටය. එවිට සිවුරු කීපයක් මඟින් කරණ යෝජනාව මධ්‍යස්ථ  සාධාරණ දෙයක් යන හැඟීමක් සමහරුන්ට ඇතිකරවේ.

රනිල් ජනාධිපති විසින් කරණ කියන හැමදෙයකින්ම එලියට එන්නේ රට කැඩීමේ හා ඉන්දියාවට ලංකාව අල්ලාදීමේ ඔහුගේ ඇති අභිලාෂයය. ඒ නිසා මෙය ඔහුගේත්, පාත්ෆයින්ඩර් මිලින්ද මොරගොඩගේත් ගේම් එකක් නොවේය කියා සිතන්න පුළුවන්ද? දයාන් ජයතිලකලා වැනි 13-A ප්ලස්කාරයින් තිරයෙන් පිටුපස සිට උල්පන්දම් දෙනවා නිසැකය. රනිල්ට දයාන්ව අරහං වුනත් ඔහු සජිත්ගේ දේශපාලන උපදේශකයෙක් විය. 

පෙම්බර ලංකා සමනලගිරි ප්‍රකාශය

ශ්‍රී පාද කන්ද බදාගෙන තවත් නඩයක්  විසින් කරන ඝෝෂාව  මීට හාත්පසින්ම වෙනස්ය.

lanka C news | භාවනානුයෝගී භික්‍ෂුන් ශ‍්‍රීපාදයේදී ප්‍රකාශනයක් එළි දක්වති.. රට බාර දිය නොදිය යුතු අය නම් කරති..

පෙම්බර ලංකා පිරිස කියා සිටින්නේ:

*1. ලංකාව යන්තම් හෝ රැකුණේ 1951 සිට SWRD බණ්ඩාරනායක මහතා ගෙනා මැදමාවත් දේශපාලන බලවේගය නිසාය;

*2. ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අදූරදර්ශී, අපරිණත ක්‍රියා කලාපයත්, සෙසු සාමාජිකයන්ගේ බල ලෝභී ක්‍රියා කලාපයත් හේතුවෙන් එකී මැද මාවතේ දේශපාලන බලවේගය අද මුළුමනින්ම පාහේ දුර්මුඛ වී ඇත;

*3. පරම්පරා ගණනක් ඒ හා බැඳී සිටි මිලියන ගණනක දේශීය ජනතාවගෙන් කොටසක් අද මාලිමාවේ කපටි බල ව්‍යාපෘතියට නතු වී ඇත. බහුතරය වික්ෂිප්තව බලා සිටිති. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එය ලබන ඔක්තෝබර් මාසයේදී කෙළවර වනු ඇත්තේ පොල්පොට් පන්නයේ අච්චාරැ මාලිමා පාලනයකින් හෝ ඉන්දියාව මෙහෙයවන මනෝ-හකීම්-මුජිබර් ග්‍රහණයට සහ බෝන් අගෙන් මෙහෙයවීමට නතුවන පාලනයකින් හෝ අනීතිකව සිය පාලනය දිගු කර ගන්නා රනිල්ගේ භීෂණ යුගයකිනි;

*4. මේ ඛේදනීය තත්ත්වයෙන් ලක් මාතාව ගලවා ගත හැකි එකම මග 1951 දී බිහි වූ මැද මාවතේ ජාතික-ප්‍රගතිශීලී -වාමාංශික දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමම පමණි;

*5. ඒ සඳහා රාජපක්ෂ  පවුලෙන් පිට දේශපාලන අත්දැකීම් ඇති නායකයකු ඒකජන්දයෙන් පත් කර ගත හැකි නම් නැවත මාස 3 ක් ඇතුලත විසිර ගිය බලවේග එක කරගත හැකිය. මාලිමාව පසුපස ගොස් අතරමන් වී සිටින පිරිස ද නැවත සිය මුල් නිවසට පැමිණෙනු ඇත;

*6. නායකයන් බිහි වන්නේ ස්වභාව ධර්මයේ ආශීර්වාදය ඇතිවයි;

*7. මේ සඳහා ප්‍රගතිශීලී- වාමාංශික කඳවුරට සුදුසු පුද්ගලයෙකු පහත සඳහන් දේශපාලකයින් 12 අතරින්  තෝරාගත යුතුය.

1 කුමාර වෙල්ගම (73)
2 සරත් වීරසේකර (72)
3 සුසිල් ප්‍රේමජයන්ත (69)
4 ඩලස් අලහප්පෙරුම (64)
5 විජේදාස රාජපක්ෂ (64)
6 චම්පික රණවක (58)
7 රමේෂ් පතිරණ (54)
8 දයාසිරි ජයසේකර (54)
9 විමල් වීරවංශ (53)
10 උදය ගම්මන්පිල (53)
11 රොෂාන් රණසිංහ (48)
12 චන්න ජයසුමන (43)

වයස අනුව අනුපිලිවෙලින් ඇති මේ ලැයිස්තුව සමඟ මෙම කාරණාවට කිසිසේත් ගාවා නොගත යුතු මෙම කඳවුර දුර්මුඛ කල 12  දෙනකුගේ ලැයිස්තුවක්ද  ඇතත් ඔවුන්ගේ නම් සඳහන් කර නැත!

පුදන කොටම කාපී යකා!

හිමාලයා පිරිසගේ බොරුව ඔවුන්ගේ ප්‍රකාශණයේ කොන්දේසි වලින් පැහැදිලිවම එලිවෙන පරිදි මේ සමනල කතාවද හෘදය ශාක්ෂියක් නැති කට්ටියකගේ උප්පරවැට්ටියකි. ඊට හේතුව වැදගත් වන්නේ යමෙක් පාර්ලිමේන්තුවේ සිටියාද නැද්ද යන්න නොව ඒ පංචස්කන්ධයේ හෘදය ශාක්ෂිය හෙවත් ඔහු/ඇය ඩබල්ගේම්කාරයෙක්ද නැද්ද යන්නය. උදාහරණයක් වශයෙන්, නාගානන්ද කොඩිතුවක්කුට අනුව අනුර කුමාර හා සජිත් ප්‍රේමදාස ඩබල්ගේම් කාරයින් දෙන්නෙකි. අනිත් කාරණය නම්  මේ සමනලගිරි පිරිස විසින් හඳුනාගත් විෂම 12 නම් මහජනයාගෙන් වසන් කිරීමය. මේ අනුව මේ  සමනලගිරි පිරිසද ඩබල්ගේම් කාරයින්ය.

අනිත් කාරණය නම් මේ ප්‍රකාශණය කල අයගේ නමක්වත් (සංවිධායක, ලේකම්, නඩේ ගුරා) සඳහන් නොකිරීමය. එවැන්නක් නැතිව ලංකා සී නිව්ස් මෙය පලකිරීමද ජුගුප්සා ජනකය

මහජනයාට කොලේ වහලා ගැහීම

එම විෂම නම් 12  එලිකලා නම් ඔවුන් විසින් <සුදුස්සන්> යයි නම් කල 12 තෝරාගත්තේ මොන නිර්ණායක යටතේ දැයි යම් අදහසක් මහජනයාට අඩුතරමින් අනුමානවත් කල හැකිය. ඇත්තවශයෙන් සිදුවිය යුත්තේ යම් පිරිසක් ඔවුන් කැමති ලැයිස්තුවක් හදාගෙන එය රටේ මිනිසුන්ට (හරක්?) කවන්නට සැදීම නොව, යම් පුද්ගලයෙක් රට ජාතියට වටිනා අයෙක්ද යන්න රටට වැදගත්වන නිර්ණායක අනුව තක්සේරු කිරීමය. මෙම පදනම අනුව අළුත් ලැයිස්තුවක් සැදීම සැලකිය හැක්කේ බළලාගේ බෙල්ලේ ගෙජ්ජියක් බැඳීමක් ලෙසය. සුදු-කළු කොටස් දෙකක් නොව, කිරි වතුරෙන් වෙන්කර ගැනීමය.  ඊට හේතුව සුභාෂිතයේ කියා ඇති අන්දමට <නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැති> නිසාය. සමනලගිරි පිරිස තෝරාගත් 12 අතර ඉන්නේ, <මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත> යන්නට වැටෙන පංචස්කන්ධමය.

සිංහල ජාතිය, ඔවුන්ගේ නිජබිම හා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය මේ වනවිට දේශීය හා විදේශීය බලවේග මඟින් ගිලගනිමින් තිබේ. රට කැඩීමට කෙළින්ම ක්‍රියාකරණ සිංහල දේශපාලකයින්, කළු සුද්දන් හා, දැන හෝ නොදැන ඊට බිලිවන සිංහල ජනයා බොහෝය. මේ නිසා තෝරාගත යුත්තේ මීට එරෙහිව ක්‍රියාකිරීමට අවංකවම කැපවෙන අයෙකි. උදාහරණයක් වශයෙන් සමනල නම් ලැයිතුවේ 12 දෙනාගෙන් ඇසියයුතු ප්‍රශ්ණ හා ඊට ඔවුන් දෙන ප්‍රතිචාරය පිළිඹඳ ටේබල් එකක් පිළියෙල කල හැකිය.  ප්‍රශ්ණ තිරස් පේලි වශයෙනුත්, ඔවුන්ගේ නම් සිරස් කොලම් වශයෙනුත් පෙන්වන විට 12 දෙනා ගැන ජනතාවට ඔවුන්ගේ සුදුසු/නුසුදුසු කම ගැන අපක්ෂපාත අගැයීමක් කරගත හැකිය. එක් එක් ප්‍රශ්ණයට ඔව්/නෑ හෝ කැමතියි/ අකමැතියි (yes/no) කියා ඔවුන්ට සටහන් කල හැකිය.

මේ අන්දමේ ප්‍රශ්ණාවලියක් රටේ ඕනෑම චන්දයක් ඉල්ලන කෙනෙකුටම යැවිය යුතුය. එය ගමේ/නගරයේ හැම ගෙදරකටම බෙදා දිය යුතුය. මේ මඟින් ඩබල්ගේම් කාරයින්ට තවදුරටත් මහජනයා රැවටිය නොහැකිය. මෙහි පහතින් දැක්වෙන්නේ මේ අන්දමට පිළියෙල කල ටේබල් එකකට උදාහරණයකි.

සමනලගිරි ලැයිස්තුවේ ඇති නම් 12 න් මෙම ප්‍රශ්ණවලට සැලකියයුතු ධනාත්මක (ඔව්/කැමතියි යනුවෙන්) පිළිතුරු දිය හැක්කේ සරත් වීරසේකරට පමණය යන්න මගේ අදහසය. එපමණක් නොව සිය රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජාකිරීමට ඉදිරිපත්ව නොමැරී ගැලවුන මේ ලැයිස්තුවේ ඉන්නා එකම තැනැත්තාද ඔහුය. ඔහු රට ජාතියට සේවයට යාමෙන් ඔහුගේ බිරිඳගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයද කඩා වැටුනේය. අනිත් බොහෝ අය පෙඩරල්කාරයින් හා හීතල හොරුන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress