හරීන්ට නඩු!
Posted on February 18th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඇමැතිවරයා පවසා ඇති එම ප්‍රකාශය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් මන්ත්‍රීවරයකු වශයෙන් ලබා දී ඇති දිවුරුම කඩවන බවත්, මෙරට ස්වෛරීභාවය උල්ලංඝනය වන බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එම හේතු සාධකයන් නිසා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාට එරෙහිව නුදුරු දිනයකදී සුදුසු පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.