“2020 දී රට ණය බරින් නිදහස් කරනවා” – ජනපති රනිල්ගේ බොරු සහ අගමැති රනිල්ගේ පට්ට බොරු
Posted on March 15th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ලංකා ලීඩර් පාඨකයකු එවා ඇති 2016 දී පළ වූ පුවත්පත් සිරස්තලයක සඳහන් වන්නේ එදා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයකි.
ඒ මගින් කියවෙන්නේ 2020 දී රට ණය බරින් නිදහස් කරගන්නා බවය. ඔහු එසේ කියන්නේ 2015 සිට 2016 දක්වා ඩොලර් මිලියන 10,000ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීමෙන් පසුවය.
සමස්තයක් ලෙස 2019 දක්වා ඔහු විසින් ඉතා ඉහළ පොලියකට එසේ ලබාගත් බාහිර ණය ප්‍රමාණය ඩොලර් මිලියන 12,000කි. එම ණය එදිනෙදා ගෙවුම්ශේෂ හිඟය පියවා ගැනීමට මිස නිසි සංවර්ධන ව්‍යාපෘතියකට යොදා නොගත් බව රහසක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ ණය ආපසු ගෙවීමට නොහැකිව හිරවන්නේ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් එසේ ලබාගත් ණය නිසා බවද දැන් රහසක් නොවේ. ඒ අනුව බොරු සහ පට්ට බොරුවලට අමතරව දැන් කියන්නේ සුරංගනා කතා දැයි පාඨකයා අසයි.

2024-03-15