සිංහලුනි දැන්වත් මරනින්දෙන් අවදි වෙයව්. කේශර සින්හයින් මෙන් සිංහනාදකොට රට ජාතිය බේරාගනිව්!
Posted on April 27th, 2024
දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර.
1948 දී බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි ග්‍රහණයෙන් මිදී වසර 76 කට පසුව ඔවුන් විසින්ම අපේ හිස මත පටවා ගිය ආණ්ඩුක්‍රමයක් අනුව සකස්කරගත් ව්‍යවස්ථාවක් යටතේ දැන් යළිත් මේ වසරේ සැප්තැම්බර්-ඔතෝබර් ජනාධිපති මැතිවරණයකටද ලබණ වසරේ අගෝස්තුවලට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකටද සූදානම් වෙමු. 1505 සිට මේ රට තුළ ක්‍රියාත්මක වූ විෂම අධි රාජ්‍ය පාලනය නිසා, ක්‍රි.පු. 543 සිට එක රටක්, එක ජාතික් සහ ක්‍රි.පූ. 307 සිට එකම ආගමක් ඇදහූ මිහිබට පාරාදීශයක් වශයෙන් නම් ලත් අපි දැන් ජාතීන් හා ආගම් වෂෙයෙන් මේ කුඩා දිවයින බෙදා ගැනීමට යුධ වැදී සිටින ශාපලත් ජාතියක් හා දේශයක් බවට අද පත්ව ඇත. උදාහරණයක් වශයෙන් ක්‍රි.පු. 543 සිට මේ රටේ සිටියේ එක්ජාතියක් පමණක් වුවද, එසේම ක්‍රි.පූ. 307 රාජ්‍ය ආගම බුද්ධාගම වුවද මේ වනවිට, සිංහළ, දෙමළ සහ මුස්ලිම් (ලෝකයේ කිසිම රටක නැති ජාතියක්) වශයෙන් ජාතීන් 3 ක් ඇතැයි කියවේ. ආගම් වශයෙන් බෞද්ධ, කතෝලික,හින්දු සහ ඉස්ලාම් වෂයෙන් 4 කි. වසර 2566 ක් මේ රට පාලනය කරණළද දේශීය රාජ්‍ය පාලන ක්‍රමය වෙනුවට ආදේශකළ බටහිර ක්‍රමය නිසා අද මේ කුඩා රටේ ලියාපදින්චි දේශපාලන පක්ෂ 84 ක් ඇත. සුද්දාගේ බෙදා පාලනය කිරීමේ විෂම චක්‍රය ක්‍රියාත්මක වී ඇති රඟ මෙයින්ම පැහැදිළිවෙයි.
මෙසේ වීමට ප්‍රධාන හේතුව වෂයෙන් මා දකින්නේ මේ රටට හා එහි ශිෂ්ඨාචාරයට ගැළපෙන ආණ්ඩු ක්‍රමයක් සහ අණ්ඩුකරම ව්‍යවස්ථාවක් 1948 දී ලබා නොගැනීමය.
සෝල්බරී ව්‍යවස්ථාව සකස්කළ අයිවෝ ජෙනින්ග්ස් එහි පෙරවදනේ (1948.නොවැ) අවසානයේ ඩී. ඇස්. සේනානායක සහ ඔලිවර් ගුනතිලක යන දෙදෙනාට ශ්‍රී ලන්කාව කොතරම් නයගැති වන්නේදැයි කිවහොත් ඔවුන් දෙදෙනා නොවන්නටනම් තවමත් ලන්කාව යටත් විජිතයකි” යනුවෙන් ප්‍රකාශකොට තිබීමෙන්ම මේ ව්‍යවස්ථාව පිටුපස සිටියේ කවුරුන්දැයි අපට සිතාගත හැක.
මේ රටට නිදහස ගැන ඔවුන් සාකච්චා කළයුතුව තිබුණේද 1815මාර් 2 ගිවිසුම පදනම් කරගෙනය.නමුත් එසේ සිදුවූ බවට කිසි තැනක සඳහනක් නැත. මෙම පසුබිම තුල 1815 ට පෙර අවුරුදු 2538 ප්‍රෞඩ ඉතිහාසයක් ඇති, එසේම 1815 මාර් 2 දින සමාන මට්ටමේ ස්වාධීන ජාතීන් දෙකකක් අතර ගිවිසුමකින් භාරදුන් රටකට නිදහස ලබාගතයුතු ආකාරය පිළිබඳ මේ දෙදෙනාටම අවභෝධයක් තිබුණායයි සිතිය නොහැක.එවකට ඉන්දියාවේ නායකයින් බිම්‍රෝ රම්ජී අම්බෙඩ්කාර්, ජවහර්ලාල් නේරු,මහහ්මාගාන්ධි වැනි අය වන විට අපේ රටේ නායකයින්, දොන් ස්ටීපන් සේනානායක, ඔලිවර් ගුණතිලක, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරනායක වැන්නන් වීමෙන්ම රටවල් දෙක අතර නායකත්වය තුළ තුල තිබුණු ජාතිකත්වයේ වෙනස පිලිබඳවද ඕනෑම කෙනෙකුට සිතාගත හැක.
මේ නිසා දැනට මේ රටේ පවතින දේශපාලන අවුල් වියවුල්වලට මූලික හේතුව මොවුන් ලබාගත් ආණ්ඩුණ්ඩු ක්‍රමයේ වරද යයි මම සිතමි.මේ නිසා අද රටේ මුළු ජනගහනයෙන් 15% වූ දෙමළ ජනයා වෙනුවෙන් දේශපාලන පක්ෂ 30 ක් පමණද, 9.7% වන මුස්ලිම් ජනයා වෙනුවෙන් පක්ෂ 03 ක්ද ඇත.මේ අතර මෙහි විශේෂ ලක්ෂණය වනුයේ මේ දෙමළ පක්ෂ, දෙමලුන්ට පමණක් වන අතර මුස්ලිම් පක්ෂද, මුස්ලිම් වරුන්ට පමණි. එයින්ම ඔවුන්ගේ වර්ගවාදී දුෂ්ඨ චේතනා මැනවින් පැහැදිළි වේ. මේ එක් පාර්ෂවයකටවත් මේ රටේ ආණ්ඩුවක් පිහිටුවීමට බැරි බව ඔවුන්ද හොඳින්ම දනී.එහෙත් ඔවුන් මේ රටේ ජාතිය වන සින්හලයින් සමඟ මිශ්‍රව එකට ජීවත් වීමට සූදානම් නැති බවද, එවගේම මේ සින්හල රට තුල ඔවුන්ට වෙනම ස්වයන්පාලන කොටස් අවශ්‍ය බවට වර්ගවාදීව සිතන බවද මින් මැනවින් ප්‍රකට වේ. මෙසේ වීමට හේතුව ඉන්ග්‍රීසීන් 1948 දී මේ රටින් පිටව යනවිට ආණ්ඩුකරම ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන්ම මොවුන් සියළු දෙනාම මේ රටේ ජාතීන් වෂයෙන් හඳුන්වාදිම, 1799 සිටම ඉන්ග්‍රීසීන් විසින් ජාතිභේධ මේ රට තුළ වැ වැපිරීම සහ දෙමළුන්ට මෙන්ම මුස්ලිම් වර්ගයාටද සුද්දන් විසින් විෂ්ශේෂ වරප්‍රසාද ලබා දිමය.
ඒ අතර මේ රටේ දේශපාලනයේ සුවිශේෂීත ම ලක්ෂණය වණුයේ අවුරුදු 2566 අඛණ්ඩ ඉතිහාසයක් ඇති මේ රටේ අයිතිකරුවන් වන, රටේ භූමිපුත්‍රයින් සහ එසේම ජාතිය වූ, (75%) සිංහලයින් වෙනුවෙන් එකද ක්‍රියාකාරි සිංහල දේශපාලන පක්ෂයක් වත් තවම නැති වීමය.
මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ ජනවර්ග අතර මෙවැනි බෙදීමක් සිංහලයින් කිසිදිනක බලාපොරුත්තු නොවී ඉතිහාශය පුරාම පැවති පරිදි රටේ සියළුම ජනවර්ග එක් ජාතියක් වෂයෙන් සලකා සිංහලේ වැසියන් වූ සියළුදෙනාම සිංහලයින් වෂයෙන්, සිතූ නිසා විය හැක. ක්‍රි. පූ. 543 සිටම මේ රටේ පැවති සම්ප්‍රදාය එයය.
මේ අණුව නම්කරණු ලැබූ රටේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” යනුවෙන් නම් කලේ ඒ නිසාවිය හැකිය. මන්ද ක්‍රි.පූ 543 මේ රටේ ශිෂ්ඨාචාරය ඇතිවූ දා සිටම සිංහලයින් මේ රටේ ජාතිය වු නිසාද ඉතිහාසය පුරාම වර්තමානයේ මෙන්ම සිංහලුන් නොවන පිරිස් මෙහි සිටියද, කිසිදිනක ඔවුන් ජාතීන් වෂයෙන් සලකා නැති නිසාය. එසේම ඉතිහාශය පුරාම සිටි පරිදි, මේ රටේ සියළු දෙනාම, සිංහලේ වැසියන්, එනම් සිංහලයින් වෂයෙන් පෙනීසිටිය යුතු බව සිතූ නිසාද විය හැක.
එක් රටක සිටිය හැක්කේ එක් ජාතියක් පමණිඔනෑම රටක ජාතිය වශයෙන් සලකණුයේ ඒ රටේ ශිෂ්ඨාචාරය බිහිකළ ජනතාවය. මේ රට සොයාගත්තේද එහි ශිෂ්ඨාචාරය බිහි කළේද සින්හලයින්ය වර්තමානයේද ලොව පුරා ඇති සම්ප්‍රධායද එයමය. ඒ නිසා මේ රටේ පමණක් කිසිසේත්ම ජාතීන් කීපයක් සිටිය නොහැක. මේ රටේ වර්තමානයේ ඇතිවි ඇති මේ ගැටලුවට මුල 16 වන සියවසෙන් පසු මේ රට ආක්‍රමණය කල බටහිර සුදු ජාතීන්ය. විසේෂයෙන්ම බෙදා පාලනය කළ ඉන්ග්‍රීසීන් මෙම ප්‍රතිපත්තිය තදින් අනුගමනය කොට ඇත. 1799 සිටම ඔවුන් මෙම විෂබීජය වැපිරුවද මෙම ආකල්පය දැඩිව වර්ධනය වීම ආරම්භ වී ඇත්තේ 1900න් පසුවය.
අරුණාචලම් පොන්නම්බලන් 1901 දී උතුරේ මළබා දෙමළු ලන්කා දෙමළ වශයෙන් නම්කිරීමෙන්ද, 1921 දී ඔහු සමස්ථ ලංකා ජාතික කොන්ග්‍රශයෙන් ඉවත්ව ලංකා දෙමළ කොන්ග්‍රශය පිහිටුවා ගැනීමෙන්ද, 1933 දී ජි.ජි.පොන්නමබ්ලම් 50% x 50% ඉල්ලීමෙන්ද, 1944 දි සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය පිහිටුවා ගැනීමෙන්ද, එසේම 1947 චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය ප්‍රකාෂ කිරීමෙන්ද, 1976 මැයි 14, වඩුක්කොඩේ ප්‍රකාෂය නිකුත් කිරීම, ප්‍රභාකරන් 1983 දී ඊලාම් යුද්දය ඇරඹීම, විග්නේෂ්වරන් ඇතුළු දෙමළ දේශපාලකයින්ගේ ගේ තෝරතෝන්චියක් ජාතිවාදි, බෙදුම්වාදී නැති ප්‍රකාශ සහ 2024 දී ජනාධිපති වරණයට දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ආදි සෑම සන්සිද්ධියකින්ම සක්සුදක් සේ පැහැදිළි වන්නේ ඔවුන්ගේ එම සිංහල විරෝධී ආකල්පයයි. මේ රටේ දෙමළුන් හැමවිටම, හැමදාම සිංහලයින්ගෙන් වෙන්ව,ජාතිවාදීව සිතීමට ඒ වගේම බෙදුම්වාදීව සිතීමට සහ ක්‍රියාකිරීමට කටයුතුකළ බව මේ සියළුම සිද්ධීන් ගෙන් පැහැදිළි වෙයි.
මා දකින අන්දමට එක් අතකින් ක්ලෙග් හෝර්න් 1799 ප්‍රකාශය සහ වෙස්ලේයන් මෙතොඩිස්ට් මිෂනාරි 1818 ගාල්ලේ පැවති රැස්වීමේදී මේරටේ සින්හල සහ දෙමළ වෂයෙන් ජාතීන් දෙකක් ඇතැයිද එසේම පුත්තල්මේ සිට යාපනය- ත්‍රිකුණාමලය-වලවේ ගඟ දක්වා පලාත් දෙමළ රටක් වෂයෙන් සහ සෙසු පලාත් සිංහල රටක් වශයෙන්ද රටවල් දෙකක් හා ජාතීන් දෙකක් මේ රටේ ඇතයි යන මිත්‍යාව පැලකළ මිෂනාරින්ගේ උගැන්වීම් නිසාද, අනෙක් අතින් සිංහල ජන නායකයින්ගේ අපි මහජාතිය යන අධි තක්සේරුව, උපේක්ෂාව සහ නොසැලකිල්ල නිසාද, එසේම දුරදිග නොබැලීම ආදි දුර්වලකම් නිසාද, මොවුන්ගේ මේ ජාතිවාදි, බෙදුම්වාදය වර්ධනය වූ බව පෙනේ. එය කොතරම් වර්ධනය වූයේ දැයි කිවහොත් 30 අවුරුදු එල්.ටී.ටී යුද්ධයක් දක්වාද ඇදීගොස් අදටත් නොනිමි ජාතික හිසරදයක් බවට පත්ව ඇත.
එමනිසා දැන්වත්, මේ රටේ සැබෑ ඉතිහාශය මොවුන් දෙගොල්ලටම උගන්වා මේ හිසරදය අවසන් කිරීමට අප වහාම පියවර ගතයුතුය.
මේ අතර මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදින්චි පක්ෂ ලැයිස්තුවේ සිංහලදීප ජාතික පෙරමුණ” නමින් පක්ෂයක් තිබුණද එය සන්විධානයවූ පක්ෂයක් බව නොපෙනේ. ඒ අනුව රටේ පරම උරුමකරුවන් සහ ජාතිය වන සිංහලයින් වෙනුවෙන් පෙනී සිටිමට හෝ සටන් කිරීමට එකද ජාතික දේශපාලන පක්ෂයක් වත් මේ රටේ තවම නැති බව ඉතාමත් පැහැදිළිය.
සෑම දෙමළ පක්ෂයකම දෙමල කියන කොටස ඇත. අනෙක, ඒ සෑම එකක්ම ඊරෝස්, ඊලම්, කොටි වැනි වර්ගවාදි සහ බෙදුම්වාදි නම් වලින් හඳුන්වා ඇත.ඒවා 6 වන ව්‍යවස්ථා සන්ශෝධනයට ඉඳුරාම පටහැණිය. එහෙත් එවාට එරෙහිව රජය හෝ යටත් පිරිසෙයින් පුද්ගලික මන්ත්‍රී වරයකු හෝ කිසිම පියවරක් ගන්නේ නැත. එම නිසා 6 වන සන්සෝධනය තියෙන්නේ සුරුට්ටු බොන්ට දැයි ඇසිය යුතුව ඇත.
ප්‍රධාන පක්ශ වන එ.ජා.ප. ශ්‍රී.ල.නි. සහ පො.පෙ.වැනි සියල්ලම බලය රැක ගැනීම සඳහා මාරුවෙන් මාරුවට, සුළු ජන කොටස්වල ප්‍රාණ ඇපකරුවන් වශයෙන්, ඔවුන්ගේ සියළුම ඉල්ලීම් ලබාදෙමින් සිංහල ජාතියත් රටත් විනාශ කිරීමේ යෙදී සිටී. මේ රටේ ජාතිය කුමක්දැයි කියා පවා නොදන්නා ඊණියා ජාතික විමුක්ති පෙරමුණද, සිංහල ජාතියට බෙදන්නේ එ.ජා.ප. ශ්‍රී.ල.නි. සහ පො.පෙ. බෙදන හැන්දෙන්මය.1948 සිට අද දක්වාම සිදුවූයේ මෙයමය.
.මේ අනුව මේ රටේ ජාතිය සහ නියම උරුමකරුවන් වන සිංහලයින් වෙණුවෙන් කථා කිරිමට හෝ දේශපාලන පක්ෂයක් ඊනියා නිදහස ලැබී වසර 76 ගතව ඇතත්, තවම මේ රටේ පහලවී නැති බව ඉතාමත් පැහැදිළිය.මේ නිසා අද සිංහල චන්දදායකයින්ට චන්දය දීමටවත් සුදුසු, රට ජාතියට හා මිනිසුන්ට ආදරය කිරීම පසෙක තබා මේ රට කුමක්ද, එහි ඉතිහාශය කුමක්ද, ජාතිය කුමක්ද, ආගම කුමක්ද, එහි ඇති ස්වාභාවික හා මානව සම්පත් මොනවාද,රට ජාතිය ඉදිරියේ ඇති අභියෝග මොනවාද සහ ඒවාට දිය යුතු විසඳුම් මොනවාද කියා පැහැදිළි අවභෝධයක් හෝ පැහැදිළි දැක්මක් ඇති කිසිම ජාති හිතෛශී, දේශමාමක සිංහල දේශපාලන පක්ෂයක් හෝ ජාතිමාමක, දේශප්‍රේමි, එඩිතර නායකයෙකුද පේනතෙක් මානයේ දක්නට නැත.
1948 වන විට අප රටට වඩා යොදුන් සිය ගණනක් ආර්ථික හා සමාජ වෂයෙන් පසු පස සිටි කොරියාව,සින්ගප්පූරුව, බන්ගලිදේෂය වැනි රටවල් දියුණුව කරා පිම්මේ හඹාගොස් සිටියදී අප රට ලෝකයේම හිඟන රටක් බවට පත් වීමට ප්‍රධාන හේතුව මෙය යයි මම සිතමි.
අද මේ රට වැටී ඇති අගාධය, වසර 76 ක් තිස්සේ ක්‍රියාත්මක වූ එම විෂම ක්‍රියාදමයේම සෘජු ප්‍රතිඵලයකි.මෙයින් පැහැදිළි වන්නේ 1799 ක්ලෙග් හෝන් වාර්ථාවෙන් පටන්ගෙන 1948 සොල්බරී ව්‍යවස්ථාවෙන් ඇටවූ මර උගුලෙන් අපේක්ෂාකළ පරිදි සිංහල ජාතිය සහ බුද්ධ සාශනයත් මේ රටත් විනාශ කිරීමට අධිරාජ්‍යවාදී සුද්දන් දැනටමත් සමත්වී ඇති බවය. ඒ නිසා මේ මහා ව්‍යශනයෙන් මේ රටත්, සිංහල ජාතියත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂාකොට ගැනීම සඳහා ජාතියක් වශයෙන් සියළුම සිංහලයින් දැන්වත් වහාම සන්විධානය විය යුතුය.
මේ රටේ 1956 දී ඇතිවූ පළමු සිංහල බෞද්ධ නැගීසිටීමෙන් පසු දෙවැනි වරටත් 2019 දී සිංහල බෞද්ධයින් 69,24,255 ක් රට දැය සමය බේරාගැනීමේ අදිටනින් පෙරමුණ ගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෂයෙන් පත්කර ගත්තේ මෙම ජාතික අරමුණ ඉටුකර ගැනීම සඳහාය. එහෙත් සිංහල බෞද්ධ විරෝධි බටහිර අධිරාජ්‍ය වාදීන් සහ ඉන්දීය බලවේග සමඟ දේශීය සිංහල, අබෞද්ධ කණ්ඩායම් ද එක්වි 2022. ජූලි 14 දින ජනතාව විසින් තෝරා පත්කරගත් ජනාධිපති වරයා පලවා හැර එම සිංහල බෞද්ධ ජාතික නැගී සිටීමද අවසන් කෙරිණ. මතුපිටින් එම සිද්ධිය කසේරුකාවක් නැති ගෝඨාභය පන්නාදැමීමක් සේ පෙණුනද ඇත්තවෂයෙන්ම ඉන් සිදුවූයේ 2019 නොවැ18. දින රුවන් වැලිසෑ මහමළුවෙන් දෙවැනි වරටත් නැගී සිටි සිංහල බෞද්ධ නැගීසිටීම “ගෝටා ගෝ හෝම්” නම්වූ කුමන්ත්‍රණ කඩතුරාවෙන් වසා, 69,24,255 ක් මේ රටේ සිංහල බෞද්ධයින්ගේ අපේෂාවන් සහ ප්‍රාර්ථනාවන් පරාජය කොට යළිත් සුණු විසුණුකර දැමීමය.
මේ රටතුල වර්තමානයේ ක්‍රියාත්මකවන දේශපාලන රටාව අනුව කිසිම සිංහල දේශපාලකයෙක් තම රටට, ජාතියට, හෝ ජනතාවට ආදරයක් නැති බව සක්සුදක් සේ පැහැදිළිය. ඔවුන් සියල්ලම මෙන් ආදරය කරන්නේ චන්දයට, බලයට සහ ධනයට පමණි. ඒ තුන ලබා ගැනීම සඳහා රට දැය පමණක් නොව ඕනෑම පාවාදීමක් කරණු ඇත. මේ රටේ සියළුම ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති මෙන්ම මැතිවරණ නීතිද සකස්කොට ඇත්තේ සුළු ජන චන්ද ලබා ගැනීම පදනම් කොට ගෙනය. කිසිම ජාති,ආගම් හා කුළ භේදයක් නැතිව අපි වැඩකරනවා” යනුවෙන් ඔවුන් නිතරම ප්‍රකාශකරන්නේද එම නිසාය. ඔවුන් සියළු දෙනාම ක්‍රියා කරන්නේ මේ රට බහු ජාතික සහ බහු ආගමික රටක් යන සුද්දාගේ මතයේම සිටය.
රටේ ඉතිහාසය දෙස බලනවිට එසේ ප්‍රකාශකිරීම, අමූලික මිත්‍යාවකි. මන්ද ක්‍රි.පූ. 543 සිටම මේ රට සිංහල රටකි. මෙහි සීට්යේ එක් ජාතියක් පමණි.එසේම ක්‍රි.පූ.307 සිටම මේ රට සිංහල බෞද්ධ රටකි. එසේ කීමෙන් මේ රටේ වෙනත් ජනවර්ගවල සහ ආගම් අදහන මිනිසුන් නොසිටින බව නොකියවේ. එය මේ රටේ අයිතිහාසික අනන්‍යතාව ප්‍රකාශකිරීමක් සහ තහවුරු කිරීමක් පමණි. සැබෑ තත්වය එසේ වුවද කිසිම සිංහල දේශපාලකයෙක් මේ රටේ ජාතිය සිංහල සහ රාජ්‍ය ආගම බුද්ධාගම කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද නැත. ඒ දෙමල, මුස්ලිම් චන්ද නොලැබේය යන බිය නිසාය.මේ රටේ සිංහල දේශපාලන්ඥයින් බහුතරය සුද්දා විසින් මේ සි සිංහල බෞද්ධ රට විනාශකිරීම සඳහා 1799 සිට වළිලා නිර්මාණය කළ සිංහල දෙමළ බහුජාතික සන්කළ්පයේ ලෝක මුසාව හිස මුදුනෙන් පිලිගනියි. කෙසේ වුවද, එය මිත්‍යාවක් බවද, එකද දෙමළෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් චන්දය නොදුන්නද සින්හලයෙකුට තනි සින්හල චන්දයෙන් පමණක් මේ රටේ බලයට ආ හැකිබව 2019 දී ගෝඨාභය ජනපතිවීමෙන් ඔප්පුවී ඇත.
මේ අනුව ඓතිහාසික යතාර්ථය වණුයේ ක්‍රි. පූ. 543 සිට මේ රටේ ජාතිය සිංහල සහ ක්‍රි. පූ. 307 සිට අද දක්වාම මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් වශයෙන් තවමත් පවතිණ බවය.
එසේ වුවද රටේ ජනගහණයෙන් 75% වන සිංහල ජාතිය වෙණුවෙන් කිසිම සිංහල දේශපාලන පක්ෂයක් මේ රටේ පාර්ලිමේන්තුවේ නැත. මේ රටේ සිංහල දේශපා ලකයින්ට රට හෝ ජාතිය ගැන කීසිදු හැඟීමක්ද නැත. නමුත් මේ රටේ සෑම දෙමල සහ මුස්ලිම් මනුස්සයෙක්ම නිතතරම සිතන්නේ සහ හැසිරෙන්නේ දෙමලෙකු සහ මුස්ලිම් මිනිසෙකු මෙන් මිස, මේ සිංහලේ රටේ රටවැසියකු ලාන්කිකයෙකු මෙන්ද නොවේ. දෙමළුන් සිතන්නේත්, හැසිරෙන්නේත්, හීන දකින්නේත් ඉන්දියන් කාරයින් මෙනි. මුස්ලිම් වරුන්ද සිතනේත්, හැසිරෙන්න්නේත්, අඳින්නේත්, පලදින්නේත්,හීන දකින්නේත් අරාබිකාරයින් මෙනි. සැබෑ තත්වය මෙය නම් සින්හලයින් පමණක් එසේ නොකොට සිල් ගැනීමෙන් වසර කීපයක් ඇතුලත ඔවුන්ට මේ රට අහිමිවනු නියතය.
මේ රටේ සියළුම සිංහල පාලකයින්ගෙන් මා අසා සිටින්නේ,1963 දී දකුණු ඉන්දියාවේ දෙමළ බෙදුම්වාදය නේරු තහනම් කලාක් මෙන් ලන්කාවේද දෙමල බෙදුම්වාදී ව්‍යාපාර නීතියෙන් තහනම් නොකරන්නේ ඇයි කියාය. එසේ නැත්නම් අඩුම ගානේ ලන්කාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 1983 නේ දි සම්මත කරණළද 6 වන සන්ශෝධනය හෝ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එසේ කොට බෙදුම්වාදය මේ රටින් තුරන් නොකරන්නේ ඇයි? යන සරළ ප්‍රස්නයය. වීර සිංහළුනි දැන්වත් මර නින්දෙන් අවදි වෙයව්,අවදි වි කේසර සිංහයින් මෙන් භේෂාරවය කොට රට හා ජාතිය බේරා ගැනීමට පෙරට යමව්!
මේ රටේ සුළුජාතික ආකල්පයට නෛතික බලයක් ආරෝපනය වූයේ 1948 සෝල්බරී ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් පසුවය. ක්‍රි. පූ. 543 සිටම මේ රටේ තිබුණේ සිංහල ජාතිය පමණක් බැවින්, මෙවැනි සුළු ජාතීන් නැමැති සන්කල්පයක් ව්‍යවස්ථාවට එකතු කිරීමට ඩී.එස් සහ බන්ඩාරනායක ඇතුලු එක මනුස්සයෙක් හෝ ඊට විරුද්ධ නොවූයේ ඇයි. 1947 සිටම චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය පක්ෂය්ද තිබුණු බැවින් 29 වැනි වගන්තිය එම අවස්ථාවේදී ඉවත් කළේනම් බහු ජාතික වාදයක් අද ඇතිවන්නේ නැත.තවද මේ සිංහල රටේ, ලන්කා දෙමල රාජ්‍ය පක්ෂය” වැනි ජාති විරෝධී, ජාතිවාදී ආකල්ප හෝ දෙශපාලන පක්ෂ ඇතිවීම ගැන එකම සිංහල යෙකු හෝ අද වනතුරුම ඊට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශකරද නැත. මේ අනුව සෝල්බරී ව්‍යවස්ථාව ගෙඩි පිටින් භාරගත් කණ්ඩායම, එම ව්‍යවස්ථාව නිසා මේ රටට මෙතෙක් සිදුවූ විනාශයන් සියල්ලටම වගකිව යුතුය
මෙහි ඇති ලොකුම පුදුමය නම් මේ රටේ ජාතීන් නොවන, ජනවර්ග පමණක් වන, දෙමල සහ මුස්ලිම් පිටරැටියන්, ජාතීන් වශයෙන් පෙනී සිටිමින්, මේ සිංහල රට අල්ලාගැනීමට සටන් කරද්දී, ප්‍රෞඩ ජාතියක් වෂයෙන් වසර 2566 ක අඛණ්ඩ ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාශයක් ඇති, ලෝකයේම එකම ජාතියවූ සිංහල යින් තම රට හා ජාතිය රැකගැනීමට සටන් නොකිරීමය. එසේම ඉරහඳ පෑයූදා සිටම, මේ රටේ ජාතිය සිංහල වූ රටක දේශපාලකයින් තම ජාතිය සිංහල බවවත් ප්‍රකාශ නොකෙරීමය. බෙදුම් වාදය වපුරණ සුළු ජන කොටස්වලට විරෝධය පළ නොකොට සිටීමෙන් සිදුවන්නේ හතුරන්ට උඩ ගෙඩි දීමය. පණින රිලවුන්ට ඉනිමන් දිමය.
ආක්‍රමනිකයින් විසින් සුළු ජන කොටස් වලට විශේෂ වරප්‍රසාධ දීමද සිංහලයින් බාල්දු වීමට තවත් එක් හේතුවක් විය.එපමණක්ද නොව වසර 2566 ක් තිස්සේ රටේ භූමිපුත්‍රයින් මෙන්ම එහි පරම අයිතිකරුවන් වන, තමන්ගේම සිංහල බෞද්ධ නීතියකින් රට පාලනය කරගත් සිංහලයින්ගේ යුක්තිය පසිඳලන්නේ 1852 දි මේ රට හඳුන්වාදුන් රෝම ලන්දේසි නීතියෙනි. නමුත් 1815 වනතුරුම සින්හලේ නීතියෙන් පාලනයවූ විදේෂික සන්ක්‍රමණයින් වන, උතුරු නැගෙනහිර විදේශික මලබා දෙමලුන්ට තේශවලාමේ නීතියද අරාබි මුස්ලිම් වරුන්ටද මුස්ලිම් නීතිය භාවිතයට අවසර දී ඇත. ඒ අතර බහු භාර්‍යාසේවනය, සින්හ සිංහල ලයින්ට තහනම් වුවුද මුස්ලිම් වරුන්ට බිරින්දෑවරුන් 5 දෙනෙකු තියා ගැනීමට අවසර ඇත. ඒ නිසා මුස්ලිම් පවුලකට දරුවන් 15 -20 සිටින අවස්ථාද තිබේ. මේ නිසා මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් වැඩිවන නිසා වසර 30 ක් 40 ක් ඇතුලත ඔවුන් රටේ ප්‍රධාන ජනවර්ගය වුවද පුදුමවිය යුතු නැත. මෙසේ සිදුවන්නේ කේසර සිංහයින් දැන් බලු සිංහයන් වෙලාදැයි මම නොදනිමි.
එම නිසා මෙවැනි ජාතික ගැටළු විසඳා රට ජාතිය බේරාගැනීමට පියවර නොගන්නා මේ රටේ නීති හදන පාර්ලිමේන්තුවේ සිංහල දේශපාලකයින් සියල්ලම රටට,ජාතියට හෝ සසුනට ආදරයක් නැති සත්ව කොට්ඨාශයක් බවනම් කිවයුතුය. ඔවුන් සියළු දෙනාම මෙන් මානසික වෂයෙන් තවමත් ජීවත්වන්නේ යටත්විජිත මානසිකත්ව රාමුව තුලය. මොවුගේ ජාතික ඇඳුම පවා තවමත් සුද්දාගේම ඇඳුමය. අඩුම වෂයෙන් අසල්වැසි ඉන්දියාවේ දේශපාලකයින් අඳින පලඳින හා හැසිරෙන සැටියෙන් හෝ මොවුන් ආදර්ෂයක් ගන්නේ නැත.
යටත්විජිත රිජු පාලනයෙන් මිදී වසර 76 ගතව ඇතත් කිසිදු ජාතිකාභිමානයක් හෝ දේශාභිමානයක් බහුතරයක් සිංහල යින් තුල නැත. ඊට සෘජුවම වගකිව යුත්තේ රටේ පාලකයින්ය. එම නිසාම මේ රටේ දේශපාලනලඥයින් බහුතරය මේ සිංහල බෞද්ධ රටේ රාෂ්ට්‍රපාලනයට කිසිසේත්ම සුදුසු නැති, හුදු ආත්මාර්ථකාමී, බලලෝභී ජාතිද්‍රෝහී,දෙශද්‍රෝහී පුද්ගල කොට්ඨාෂයක් බව නිගමනය කළ යුතුව ඇත. සිංහලයින්ගේ මෙම මානසික වහල් භාවය වෙනස් කරගන්නාතුරු මේ රට කිසිදාක, අතීතයේ පැවති ආකාරයේ සිංහල බෞද්ධ රාජධානියක් වශයෙන් කිසිදාක යළි ගොඩගත නොහැක.
1948 වනවිට දකුණු ආසියාවේම පොහොසත්ම රට මෙන්ම, ආසියාවේ දෙවන ආර්ථිකයද වූ ද, එසේම අසීමිත ස්වාභාවික හා මානව සම්පත් වලින් පිරුණු, දේශ ගවේශකයින් විසින් අනේක වාරයක් ස්වර්ග රාජ්‍යයක් වශයෙන් හැඳින්වූ මේ පින්බිම, අද සමස්ථ ලෝකයේම හිඟන රටකි. 1948 න් පසු මේ රටේ රජයන් මෙහෙයවූ පාලකයින් සියළුදෙනාම, අඩු වැඩි වෂයෙන් මේ රට අද පවතින තත්වයට පත්කිරීමේ පූර්ණ වගකීම භාරගත යුතුය.
මේ කිසිවෙකු ක්‍රි.පූ.543 සිට මේ රටේ ජාතිය සිංහල බවවත් දන්නේ නැත. ක්‍රි.පූ.307 සිට මේ රටේ රාජ්‍ය ආගම බුද්ධාගම බවවත් දන්නේ නැත. ඔවුන්ගේ බහු ජාතික, බහු ආගමික වැනි බහුභූත කථාවලින්ම ඒ බව මැනවින් පැහැදිළිවෙයි.
දේශපාලනයේ සහ රාජ්‍යසේවයේ රටට ඉසිළිය නොහැකිබර
1948 ට පෙර එන්ගලන්තය රජය සැතපුම් 5000 කට පමණ ඈත සිට, මෙහි නේවාශිකව සිටි එක් ආණ්ඩුකාරයෙක් මඟින් පාලනය කෙරුණු මේ කුඩා රට පාලනය කිරීම සඳහා අද පාර්ලිමේන්තුවට වගනොකියන සර්වබලධාරී ඒකාධිපති විධායක ජනාධිපති වරයෙකු, අගමැතිවරයකු සහ 59 ක ඇමති මන්ඩලයක්, රටපුරා කැබිනට් ඇමැති බලතල සහිත ආණ්ඩුකාරවරු 9 ක්, පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 225ක් පලාත් සභා 9ක්, කැබිනට් ඇමැති බලතල සහිත මහ ඇමතිවරු 9ක්.පලාත් සභා ඇමතිවරු36ක් සහ මන්ත්‍රීවරු455 ක් පමණ, ප්‍රාදේශීය සභා 276ක් නියෝජිතයෝ 3624 ක් මහනගර සභා 24 සහ නියෝජිතයින් 445, නගර සභා 41ක් සහ නියෝජිතයින් 417සහ රාජ්‍ය සේවකයින් 16,00,000 කට වැඩි ගානක්.
එහෙත් එදා පැවති පාලනයෙන් 1000 න් එකක රාෂ්ට්‍ර පාලනයක්වත් අද මේ රටේ නැත. එදා පැවති පාලනය කොතරම් කාර්‍යක්ෂමදැයි කිවහොත් රටේ මුළු ආදායමෙන් සින්හයාගේ කොටස එන්ගලන්තයට කොල්ලකාගෙන ගියත් 1950 දශකය වනවිට එන්ගලන්තයට රන් පවුම්වලින් ණය දීමට තරම් භාණ්ඩාගාරයේ අරමුදල් තිබිණ. එහෙත් 76 වසරක පාලකයින් අද අපි ලෝකයේම අන්ක එකේ හිඟන රටක් බවට පත්කොට ඇත.
මෙසේ වීමට ප්‍රධාන හේතුව වැරැදි රාෂ්ට්‍ර පාලනය මිස වෙන කුමක්ද? දේශපාලනඥයින් සහ දේශපාලන ආයතන වැඩිවීම, රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය ආයතන වැඩිවීම රාජ්‍ය සේවය දරුණුලෙස දේශපාලණී කරණය කිරීම, රට පුරාම විනයක් සහ පාලනයක් නොමැතිවීම, දේශපාලනය මෙන්ම රාජ්‍යසේවය තුල දූෂනය රජ කිරීම සහ දෙශපාලකයින් මෙන්ම රාජ්‍ය සේවකයින් තුල රට ජාතිය ගැන ආදරයක් නොමැතිවීම, ක්‍රමවත් මුදල් කළමනාකරණයක් සහ පරිපාලනයක් නොමැතිවීම සහ මේ දෙපක්ෂයම තම තමන්ගේ යුතුකම් නිසියාකාරව ඉටු නොකෙරීම යන හේතු ඒ අතර මුල්තැනක් ගනී.
ඒ අණුව 1948 සිට පැවති ආණ්ඩුවලින් මේ රටේ දේශපාලකයින්ට සහ නිලධාරීන්ට මිස රටට හෝ ජාතියට නම් සේවයක් සිදුවූ හෝ සිදු වන බවක් නම් නොපෙනේ. අද ජාතික ආදායමෙන් 85% දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් වැය වන බව රජයේ වාර්තාවලින්ම කියවේ.එසේ වනවිට රටක් සන්වර්ධය කරන්නේ කෙසේද?දේශපාලකයින් මෙන්ම රජයේ සේවකයින්ද අධික බව සහ ඔවුන් වෙනුවෙන් වැයකෙරෙන මුදලද ඉතා අධික බව මින් පැහදිලි වෙයි. එහෙත් කිසිවෙකු ඒ ගැන සිතන හෝ අවධානයක් යොමුකරණ බවක් නම් නොපෙනේ.
ඒකේන භෝගේ භුන්ජෙය්ය- ද්වීහි කම්මන් පයොජයේ; චතුත්තම්පි නිධාපෙය්‍ය-ආපදාසු භවිස්සති” (¼ එකක් පරි භෝජනයට, 2/4 ක් ආයොජයට ¼ ඉතිරිකිරීමට ) යන බෞද්ධ ආර්ථික විද්‍යාව මොවුන් අසාවත් නැති සේය.
අද මේ රටේ රජයක් නැත. පාලකයෙක්ද නැත.පාලනයක්ද නැත.නීතියක්ද නැත.සමඟියක්, සාමයක් හෝ සතුටක්ද නැත.කොටින්ම කිවහොත් අද රට තුල පවතින්නේ දේශපාලක,පරිපාලක සහ ව්‍යාපාරික තුන් කට්ටුව එක්වී පවත්වාගෙන යන ජනතා විරෝධී සහචරවාදී මන්කොල්ලකාරී පාලන ක්‍රමයකි.ඔන්න ඕකයි මේ ශ්‍රී ලන්කාවේ අද පවතින සැබෑ තත්වය.
1948 න් පසු වසර 76 ක් තිස්සේ මේ රටේ දේශපාලකයින් කියාගන්නා අය මාරුවෙන් මාරුවට රට පාලනයකොට ඇති රඟ එයින්ම නොපෙනේද.
1948 සිට මේ රටේ පාලනය භාරව සිටි ප්‍රධාන පක්ෂ දෙකවූ එ.ජා.ප. මෙන්ම ශ්‍රි.ළ.නි.ප. යන දෙක මෙන්ම ඒ දෙකේම නායකයින්ද දැන් අවලන්ගු කාසි බවට පත්ව ඇත. වසර 2566 ක ඉතිහාශයක් ඇති මේ සිංහල බෞද්ධ රටේ, එම හිදැස පිරවීම සඳහා විශ්වාසයක් ඇතිව, තම චන්දය දිය හැකි, දේශප්‍රේමි, දේශාභිමානී, ජනහිතකාමී නායකත්වයක් ඇති, මේ පොලවේ පය ගසාගෙන සිටින එකද ජාතික පක්ෂයක්වත් අද නැත.
1948 ව්‍යවස්ථාවෙන් සුද්දන් අපට දී ගිය නිදහසේ සහ දේශපාලන පක්ෂ සහිත සෝල්බරී ව්‍යවස්ථාව නැමැති දේශපාලන මරඋගුලේ රඟ දැන්වත් ඔබට පෙනේද. සුද්දාගේ අරමුණ වූ මේ රටේ සිංහල බෞද්ධ ජාතිය විනාශකිරීම ඉටුවි ඇති බව දකින විට දැන් උන් පෂ්චාත් භාගයෙනුත් සිනා සෙනවා ඇත.