බුදුන් උපන්නේ ලංකාවේ ද? – පුරාවිද්‍යාඥයන් ඇත්ත හෙළිකරයි (වීඩියෝ)
Posted on May 14th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
බුදුන් වහන්සේ උපන් ස්ථානය හබරණ, හිරිවඩුන්න විහාරස්ථානයේ බෝධිය අසල බවට ඇතැමුන් පවසන කතාව සනාථ කිරීම සඳහා කිසිඳු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමුවී නොමැති බව පුරාවිද්‍යාඥයෝ හෙළිදරව් කරති.
2018 දී පමණ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාජල්වරයා මෙවැනි මතයක් සමාජය තුළ පැතිරයන හෙයින් මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාව පුරාවිද්‍යා කැණීම් හා සාක්ෂි මගින් තහවුරු කරගන්නා ලෙස දන්වා තිබූ බවද, එහිදී එම ස්ථානයේ තිබූ පස් තට්ටු බුදුන් වහන්සේගේ කාලය හා සමපාත නොවන බව ප්‍රථමයෙන්ම තහවුරු වූ බවද පුරාවිද්‍යාඥයන් පවසයි.
එම ස්ථානයේ පස්වලින් වැසී ගිය ආසනයක් තිබූ බවත්, එය වජ්‍රාසනය ලෙස හැඳින්වූ බවත් එහෙත් එම ගල් ආසනය වෙනත් තැනකින් එම ස්ථානයට ගෙනවිත් දැමූ ක්‍රි.ව 7 වැනි සතවර්ෂය තරම් පැරණි එකක් වූ බවත් ඔවුහු සඳහන් කරති.
වීඩියෝව නරඹන්න..
https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Fromesh.fernando.2024%2Fvideos%2F419517477550404%2F%3Fidorvanity%3D518882199016810&show_text=false&width=267&t=0