පිටරට බැංකුවල අනීතික ලෙස ඩොලර් බිලියන 56ක් තැන්පත් කර ඇති බලවතුන් කවුද?… රනිල් රාජපක්ෂ ආණ්ඩුව වහා රටට කිව යුතුයි! – ජයන්ත සමරවීර
Posted on May 15th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

බලවත් පුද්ගලයන් විසින් ඩොලර් බිලියන 56ක් විදේශ බැංකු ගිණුම්වල තැන්පත්කර ඇති බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බරපතළ හෙළිදරව්වක් කර ඇති බවත්, මේ වසරේ ගතවූ මස 5ක කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් එම ඩොලර් බිලියන 56 තුළට අදාළ බවත් ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මෙම ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ලේකම්වරු ඒ අයගේ නමින් ඩොලර් මිලියන 150ක් ද එම ඩොලර් බිලියන 56 තුළට ඇතුළත් බව විජයදාස රාජපක්ෂ මහතා දෙවන වරට ද හෙළිදරව් කර ඇති බවය. 

මීට පෙරත් විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව හෙළිදරව් කළ බවත්, මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා මෙයට අදාළ පුද්ගලයන්ට නිසි පියවර ගතයුතු බවත් ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි.

වීඩියෝව නරඹන්න..

https://www.facebook.com/watch/?v=467707479027175

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress