ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය වීම අබියස | නූතන විභීෂණගේ මස්කටු වලට වලිගය වනන වාම-ලිබරල්වාදී අවතාර
Posted on May 17th, 2024

Wimal Weerawansa

විමල් වීරවංශයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කෙරේ! ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) ඊයේ (16) සිදු කෙරිණි. මෙහිදී විමල් වීරවංශ මහතා විසින් සාහිත්‍යසූරී, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සොනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප‍්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙනිය, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රංජන් යන විද්වතුන්ට කෘතිය පිළිගන්වනු ලැබිණි. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රි, ජයන්ත සමරවීර මහතා විසින් පැමිණි පිරිස පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, ජගත් ප්‍රියංකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය, ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress