ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම: “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය”, දේශගුණ විපර්යාස භීෂණය සහ ගොවි ජනතාවට හා ආහාරවලට එරෙහි යුද්ධය
Posted on May 25th, 2024

අජිත් සී. හේරත්  විමර්ශන


  ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම: එක් සෞඛ්‍යයක් ප්‍රවේශය”, දේශගුණ විපර්යාස භීෂණය සහ ගොවි ජනතාවට හා ආහාරවලට එරෙහි යුද්ධය

අජිත් සී. හේරත්

මෙම මැයි මාසයේ අවසානයේදී ‌ජිනිවාහිදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සම්මේලනයෙදී සම්මත කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා සංශෝධන යෝජනාද, නව වසංගත ගිවිසුමක් පිළිබඳ ‌යෝජනා ඇතුළත් කෙටුම්පතක් ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහි සාමාජික රටවල් 194 ක ඡන්දයෙන් එය සම්මත කරගැනීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම උත්සාහය තිරයෙන්  පිටුපසින් සිට එය හසුරුවන ගෝලීයකරණවාදි බලවේගවල සහ ඖෂධ සමාගම්වල දුෂ්ට ඒකාධිපතිවාදි අරමුණුද, කෑදර වාණිජ අවශ්‍යතාවන්ද ඉටුකිරීම සඳහා යැයි ලෝකයේ බොහෝ  රටවල විද්‍යාඥයන්,වෛද්‍ය විශේෂඥයන්, නීතිඥයන් ජනමාධ්‍යවේදින්,සිවිල් සංවිධාන සහ  දේශපාලන පක්ෂ වෙතින් චෝදනා එල්ල වී ඇති අතර එමගින් මූලික මානව හිමිකම්, සිවිල් සහ දේශපාලන නිදහස, ජාතින්ගේ ස්වාධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍ය අහෝසි වන බවට පෙන්වා දී තිබේ.

ප්‍රෝඩාකාරි වසංගත කුමන්ත්‍රණය තුළ ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග හරහා, ගෝලීය සැපයුම් මාර්ග අඩාල කිරීම, වෙළඳපොළ වසා දැමීම සහ නිෂ්පාදනය බිඳ දැමීම ආදිය සිදු කරමින් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් බිඳ දමා ඒවා ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවීම යටතේ බ්ලැක්රොක්, වෑන්ගාඩ්, ජේපී මොර්ගන්‌ චේස් වැනි බටහිර කොල්ලකාරි මූල්‍ය සමාගම්වල ග්‍රහණයට ගත් ආකාරය මෙම වෙබ් අඩවියේ මෙයට පෙර පළ වූ ලිපි මගින්  අප විසින් පැහැදිලි කර ඇත.

මෙම ලිපිය තුළ දී අප විසින් අවධානය යොමු කිරීමට උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ අන්තර්ගත එක් සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය” සහ වසංගත ඇතිකිරීමට  හේතුවන එක් සාධකයක් ලෙස දේශගුණික විපර්යාසය යන්න ඇතුළත් කිරීම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය පිටුපසින් සිට එය මෙහෙයවන බලවේග විසින් ඉටුකරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක මොනවාදැයි යන කරුණ  වෙතය.

මෙම ගිවිසුමේ වගන්ති තුළ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හුදු වාච්‍යාර්ථයෙන් ගත් කළ එහි කිසිදු වරදක් දැකීමට අපහසු , මානව යහපතම පෙරදැරි කර ගත්, සුන්දර වදන්මාලාවකින් සමන්විත  යෝජනා මාලාවක් බව පෙනී යයි. නමුත් මෙම ‌යෝජනාවන් පිටුපස සිටින බලවේග, ඔවුන්ගේ අතීත ක්‍රියාකාරිත්වයන්, සහ අභිලාෂයන් සහ සැලසුම් තුළ තබා විමසීමට ලක් කරන විට පෙනී යන්නේ  ඒවා මතුපිටින් දිස්වන තරම්  තරම් අහිංසක ඒවා නොවන බව පමණක් නොව සිතාගැනීමටත් නොහැකි තරම් මානව විරෝධී, සාපරාධී සැලසුම් ඒවා තුළ අන්තර්ගතව ඇති බවත්ය.

මෙම ගිවිසුම විසින් සියලුම රටවලට බලපාන පරිදි ගෝලීය වසංගත තත්ත්වයක් හෝ  වෙනත් අවධානයට යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්”   ප්‍රකාශයට පත් කිරීමේ ඒකාධිකාරි බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පවරා දෙනු ලබයි.  එමෙන්ම ඒවා වැළැක්වීම, ඒවා සඳහා සුදානම්වීම සහ ප්‍රතිචාර දැක්වීමේ සියලු කටයුතු පාලනය කිරීමේ බලයද ඔහු සතුවේ. මෙම ගිවිසුමේ ඇති වගන්ති අනුව අනාගතයේ ඇති විය හැකි වසංගත ” සඳහා සුදානම් වීමේ පියවරක් ලෙස එවැනි තත්ත්වයකදී අවශ්‍ය කරන එන්නත්,  PCR  රෝග නිර්ණයන කට්ටල  වැනි වසංගත ආශ්‍රිත සෞඛ්‍ය නිෂ්පාදන” මිලදී ගැනීම සඳහා අදාළ ඖෂධ සමාගම් සමග ගිවිසුම් අත්සන් කරමින්  කල් තබා ඒවා ඇණවුම් කළ යුතුය. මේ සඳහා ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වාර්ෂිකව වෙන් කළ යුතුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන් වෙත ලැබෙන තොරතුරු සහ දත්ත” අනුව වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට ඖෂධ සමාගම් සහ ආණ්ඩු විසින් අත්සන් කරන ලද එම ගිවිසුම් බලාත්මක වන අතර ඒවාට ගෙවිය  යුතු මුදල් අදාළ රාජ්‍යයන් විසින් බැර කළ යුතුය. ඔවුන්ට ඒ සඳහා මුදල් ඒ අවස්ථාවේ නොමැති නම් ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් මුදල් ණයට ගෙන හෝ එය ගෙවිය යුතුය. මෙහි දී සිදුවන්නේ එකී මූල්‍ය සමාගම් හෝ ආයතන විසින් එම මුදල කෙලින්ම ඖෂධ සමාගම්වල ගිණුම්වලට බැරකිරීමය. නමුත් අදාළ රටවල ජනතාව එම ණය සහ පොලී ගෙවීමට බැඳී සිටිති. මෙම ” වසංගත කර්මාන්තයේ ”  සශ්‍රීක  ප්‍රතිලාභවල රස දැනී ඇති ඖෂධ සමාගම් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද, ජාතික රාජ්‍යයන්හි දූෂිත සෞඛ්‍ය බලධාරින්ද, ඇතැම් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ද වසංගත ආඛ්‍යානයන් ” වටා රොද බැඳ සිටින්නේ අසූචි ගොඩක් වටා ගැවසෙන නිල මැස්සන් රැසක් මෙනි..‌  දේශගුණික විපර්යාස කර්මාන්තයටද”  අදාළව පවතින්නේ මෙවැනිම දූෂිත තත්ත්වයකි.

මෙවැනි ඊනියා වසංගත හෝ වෙනත් එවැනි  මහජන සෞඛ්‍යයට බලපාන හදිසි තත්ත්වයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඖෂධ සමාගම් සහ වෙනත් පුද්ගලයන් සහ ආයතන විසින් පෙරට දමන ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන කිසිවක් ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලාවල පළවීම වැළැක්වීමට බලය පැවැරෙන වගන්තිද ඉහත වසංගත ගිවිසුමේ සහ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා වන සංශෝධන තුළට ඇතුළත් කෙරී ඇත. සිය බල ප්‍රදේශය තුළ  සාවද්‍ය තොරතුරු, සහ වැරදි තොරතුරු ප්‍රචාර වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු වෙත බලකෙරෙන අතර අන්තර්ජාලය තුළ සිදු කරන වාරණය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතම  බලය පවරාගැනීමට සැලසුම් කර තිබේ. අනිවාර්ය එන්නත්කරණය සහ බලහත්කාරි පරීක්ෂාවන්ට ලක්කිරිම, නිරෝධායන කඳවුරු තුළ ගාල් කිරීම, රටවල් වසා දමමින් ඇදිරි නීති පැනවීම ආදි කටයුතුවලට සෘජුවම මැදිහත්වීමට ද ඔවුන් මේ යටතේ බලය පවරා ගනු ඇත.

මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉටුකරන ලද්දේ මාර්ගෝපදේශන සැපයීමේත් ඒ ඒ රාජ්‍යයන්ගේ ජාතික සෞඛ්‍ය පද්ධතින් අතර සම්පත් සහ විශේෂඥ උපදෙස් හුවමාරුව සම්බන්ධීකරණ ආයතනයක් ලෙසය. නමුත් එය විසින් සපයන කිසිදු උපදේශයක් අනිවාර්යෙන්ම පිළිපැදීමට එහි සාමාජිකයන් නීතිමය වශයෙන් බැඳී නැත. නමුත් මෙම යෝජිත වසංගත ගිවිසුම සහ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා වන යෝජිත සං‌ශෝධන සඳහා සාමාජික රාජ්‍යයන් විසින් මෙම මැයි මසදී අත්සන් තැබුවහොත් ඒවා පිළිපැදීමට ඔවුහු නීතිමය වශයෙන් බැඳී සිටිති. යම් හේතුවක් නිසා ඒවා විසින් තම රටේ ජාතික අවශ්‍යතාවන්, හෝ එහි පුරවැසියන්ගේ මානව, සිවිල් සහ දේශපාලන අයිතීන් උල්ලංඝණය කෙරෙන අවස්ථාවලදී ඒ බව පවසමින් ඒවා ඉටු නොකර සිටීමේ අයිතියක් සාමාජික රටවලට නැත. යම් රටක්  එසේ සිදු කළහොත් ඔවුන්ට සෘජුවම දඬුවම් පැමිණවීමේ බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමැති වුවද ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතින්ගේ සංවිධානය සහ වෙනත් රටවල් හරහා සම්බාධක පැනවීම මගින් වක්‍රව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලියක් ස්ථාපිත ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලන ව්‍යුහය තුළ පවතී.

ප්‍රෝඩාකාරි කොවිඩ්-19 ආඛ්‍යානය හරහා ඔවුහු ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම  ලංකාවේ ද ආර්ථිකය බිඳ දමන ලදි. ජාතික සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ලද්දේ ඒ සඳහා වෙන්කිරීම තිබූ අරමුදල් නොපැවැති වසංගතයක් ඇතිබවට මවාපෑම සඳහා යොදාගත් පරීක්ෂණ කට්ටල මිලියන ගණන් මිලදී ගැනීම සඳහාත්, කිසිදිනෙක සෞඛ්‍යමය අවශ්‍යතාවක් ලෙස නොපැවැති එන්නත් වර්ග මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන ගණන් ගෙවීමත් හේතුවෙනි. ජාතික සෞඛ්‍ය පද්ධතියේ මේ බිඳ දැමීම සැලසුම් සහගතවම සිදු කරන ලද්දක් විය.එහි අරමුණ වූයේ එය නැවැත ප්‍රකෘතිමත් කිරීමේ මුවාවෙන් ශ්‍රි ලංකාවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම ආක්‍රමණය කර එහි තම බලය පිහිටුවීමය. දැන් ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ ජාතික එන්නත්කරණ ව්‍යාපාරය පාලනය කරන්නේ බිල්ගේට්ස්ගේ GAVI පදනමේ සහ ඖෂධ සමාගම්වල ඒජන්තයන් විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත ගිවිසුමට එක් සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය” සහ වසංගත අවදානම වැඩි කරන සාධකයක් ලෙස දේශගුණ විපර්යාස” යන්න ඇතුළත් කිරීමේ අරමුණ ඒ මගින් ලෝකයේ ආහාර නිෂ්පාදනය සියතට ගැනීමට අවශ්‍ය නීතිමය පදනම සකස් කරගැනීමය. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව නිල වශයෙන් අත්සන් තැබීමටත් පෙර සිටම ‌එහි ඇති වගන්ති බොහෝමයක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවද  විසින්ය ක්‍රියාත්මක කරවා ඇති බව පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම: එක් සෞඛ්‍යයක් ප්‍රවේශය”, දේශගුණ විපර්යාස භීෂණය සහ ගොවි ජනතාවට හා ආහාරවලට එරෙහි යුද්ධය – විමර්ශන (vimarshana.org)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress