තුන්වන වතාවටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්, ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පතමින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.06.05 දින කළ ව්ශේෂ ප්‍රකාශය.
Posted on June 5th, 2024

olhp.media

“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින විශේෂයෙන් නැගී සිටින්නේ අපේ අසල්වැසි මිත්‍ර ඓතිහාසික වශයෙනුත් අන් ක්ෂේත්‍ර සියල්ල සමඟ එකට කටයුතු කිරීමේ ශක්තිය දීර්ඝ කාලයක් ගොඩනැගුණු ඉන්දියාවේ තුන්වැනි වරටත් මහජන ඡන්දයෙන්, පාර්ලි‍මේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා භාරතීය ජනතා පක්ෂයේ නායක ගරු මෝදි අග්‍රාමාත්‍යතුමාට ලැබූ ජයග්‍රහණයට සුබ පතන්නයි.

ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද ජයග්‍රහණය කර තිබෙන්නේ ලෝකයට දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට හා ආණ්ඩුව පිහිටුවීමටයි.

ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් යෝධයා ලෙස අපි කවුරුත් දන්නා දැවැන්තම ජනගහනයක් අද ලෝකයේ ප්‍රධානතම ජනගහනය නියෝජනය කරන රට වන ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට.

ඒ වගේම ආසියානු රටවල් සමඟ ඇති මිත්‍රත්වය සහයෝගය හා එකමුතුව ඒ වාගේම ශ්‍රී ලංකාව සමග ඇති ක්‍රියාකාරී සහයෝගය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් මෝදි අග්‍රාමාත්‍යතුමා ලැබුණු ජයග්‍රහණය තුළින් නව  ජයග්‍රහණයන් උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි සුබ පතනවා.

සාමය, සංවර්ධනයේ අලුත් ඉලක්කයන් ලෝකයාටත් දායාද කරන්නට ආර්ථිකය හා අනික් ක්ෂේත්‍ර තුළින් පුළුවන් වනු ඇතැයි සුබ පතනවා. අපි විශ්වාස කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති ශක්තිමත් දීර්ඝ කාලීන ද්වීපාර්ශවික හා අන්යෝන්‍ය ක්ෂේත්‍රවල බැඳියාවන් වර්ධනය කර ගැනීමට ඒ වාගේම ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාට ඒ කටයුතු කරගෙන යාමට මෙම ජයග්‍රහණය ශක්තියක් වේවායි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රාර්ථනා කරනවා.

Suggest the few words I would read excellency Sri Nardendra Modhi, Prime Minister of India. I Offer my Heartiest Congratulations to you on the resounding victory of the Bharatheeya Janatha Party.
Let National Democratic Alliance with assurance of third consecutive term of Prime Minister of India.

In the largest Parliamentary Democracy in the world. As a close South Asian Neighbor, deep friendship, strongest sties Sri Lanka is committed to work together with India to on work challenges and explore new opportunities for enhancing corporation for peace and people across the world. India is the largest population of the nation state today, and the economic contribution it will make will be a very of important of this Era of international situation.

I look Forword to continuously work with your Excellency to further promote the strong lock standing bilaterally tries that are built on the foundation of shared believe and principles. Please accept our highest consideration. Thank you, sir.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress