සුභාශිංසන
Posted on June 7th, 2024

නීතිඥ තිස්ස ජයවර්ධන යාපා ප්‍රධාන ලේකම් මහජන එක්සත් පෙරමුණ

ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට තෙවන වතාවටත් පත්, ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මහජන එක්සත් පෙරමුණේ ගෞරවනීය සුභ පැතුම් එක් කරමු.

ගිණිය නොහැකි කාලයක සිට පැවත එන දෙරට අතර සබඳතා, දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික ඇතුළු අන්‍යෝන්‍ය ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ වූ ක්‍රියාකාරී සහයෝගය හා මිත්‍රත්වය තව ද තහවුරු වනු ඇතැයි අප අපේක්ෂා කරමු. 

අප දෙරට එකම වකවානුවක අධිරාජ්‍යවාදයෙන් නිදහස ලද්දෝ වෙමු.

එකී නිදහස උදෙසා, ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, අප පක්ෂයේ නායක  පිලිප් ගුණවර්ධන මැතිතුමා එදා ඉන්දීය නිදහස් සටනට එක්වීම මේ මොහොතේ අපි අභිමානයෙන් යුතුව සිහිපත් කරමු.

දුෂ්කර වූ සෑම අවස්ථාවකම අප රට සමග සිටි, ඉන්දීය රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් තරවනු ඇතැයි විශ්වාස කරමු.

ගරු අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ඉදිරි කටයුතු, අරමුණු සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නීතිඥ තිස්ස ජයවර්ධන යාපා

ප්‍රධාන ලේකම්

මහජන එක්සත් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress