13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන සජිත්ගේ ප්‍රකාශය හෙළා දකිනවා….13 ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න – බලංගොඩ කස්සප හිමියන්ගෙන් සජිත්ට අභියෝගයක්
Posted on June 14th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 13 බලාත්මක කරන බවට කල ප්‍රකාශයට එරෙහිව අද දින ජාතික සංවිධාන වීසින් විපක්ෂ නායක කාර්යාලය අසල විරෝධතාවයක් දක්වමින් ඔහුට එහි බරපතළකම පෙන්වා දෙමින් ලිපියක් බාරදෙනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කලේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට බැදී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය හෙළා දකින බවයි.
රනිල් වික්‍රමසිංහ විදේශගතව සිටින අවදියක අනුර හා සජිත් දෙදෙනාම එකතුව මේ ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ ඕනෑ එපාකම් බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
එමෙන්ම සුමන්තිරම් ආදී දමිළ දේශපාලකයන්ගේ ඔවුන්ගේ උතුරේ පක්ෂ කාර්යාලය ඉතා දුප්පත් ලෙස පෙන්වන අතර දකුණේ එම කාර්යාල ඉතා පොහොසත්ව සකසන බවත්, එමගින් ඔවුන්ගේ වංචනික දේශපාලන න්‍යාය මනාසේ විදහාපාන බවත් උන්වහන්සේ පැවසීය.
අනුර සමග සංවාදයෙන් පළාගිය සජිත් ප්‍රේමදාස මහතාට, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාතික සංවිධාන හා ප්‍රසිද්ධියේ සංවාදයකට පැමිණෙන්න යැයි ද උන්වහන්සේ මෙහිදී අභියෝග කළහ.