13 සම්පූර්ණයෙන් බලාත්මක වීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් වීමේ අනතුර පෙන්වා දෙමින් ජාතික සංවිධානවලින් විපක්ෂ නායක සජිත්ට ලිපියක්
Posted on June 14th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්චියේ දී සිදුකළ ප්‍රකාශය මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වීමේ අනතුරක් ඇති බව පෙන්වා දෙමින් ජාතික සංවිධාන විසින් සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හෝ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට කිසිඳු ප්‍රකාශයක් කිසිදා සිදු නොකළ බවත්, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම වැළැක්වී  ඇත්තේ යම් ව්‍යවස්ථා බාධක ප්‍රමාණයක් එයට යෙදූ නිසා බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

13 සංශෝධනයේ අවසන් ප්‍රතිඵලය අවබෝධකර ගත යුතුතේ ඉන්දු – අමෙරිකා දිගුකාලීන භූ දේශපාලනික උවමනාවන්ට සාපේක්ෂව බවත් මෙම ලිපියෙන් වික්ෂ නායකවරයාට පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්…

2024-06-14

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress