ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සහ වැටුප් පිළිබඳ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී 2024.06.19 දින කළ ප්‍රකාශය
Posted on June 20th, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

(විපක්ෂ නායකවරයා 2024.06.18 ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස)

ගරු කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට පුංචි කාලයක් ලබාදීම පිළිබඳව. ඊයේ ගරු විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගලා තිබුණා. ඉතිං ඒ ප්‍රශ්නෙට එතුමා ඒ අවසානයේ තිබුණා ගරු ඇමතිතුමා විසින් මේ පිළිබඳව අදත් හෙටත් අනිද්දත් ඇතුළත පිළිතුරක් ලබා දෙන්න කියලා. ඒ ප්‍රශ්න වෙලා තිබුණේ ගරු කතානායකතුමනි ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනාවන් පිළිබඳව සහ අලුතෙන් බඳවා ගත්, මේ අමාරු අසීරු අවස්ථාව තුළ වුණත් අපිට ග්‍රාම නිලධාරින් 1942ක් බඳවාගන්න පුළුවන්කම ලැබුණා. රාජ්‍ය පරිපාලනයේ තියෙන කුඩාම එකකය වන ග්‍රාම සේවා වසම පුරප්පාඩු කරලා යන්න බැරි නිසා. ඔවුන්ගේ දීමනාවන් පිළිබඳව. ගරු විපක්ෂනායකතුමා යොමුකරලා තියෙන ප්‍රශ්න සාධනීය ප්‍රශ්න. ඒ වගේම මෙම ප්‍රශ්න යොමු කිරීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා.

නමුත් මේ පාර්ලිමේන්තුවේදී ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න පිළිබඳව විටින් විට විවිධ අවස්ථාවල නිතර නිතර ප්‍රශ්න කිරීමට ලක් කළා. ඒ හැම අවස්ථාවකම විෂය භාර අමාත්‍යවරයා විදියට මම මේ පිළිබඳව ක්‍රියා කරපු ආකාරය, ක්‍රියා කරන ආකාරය දිනෙන් දින මේ සභාව දැනුවත් කළා. විපක්ෂ නායකතුමා පවසලා තිබුණා මේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා හෙඩ්ලයින් ගහගත්තා කියලා. ඉතින් අපිට ගරු විපක්ෂනායකතුමනි, ලබා දිය හැකි රාජ්‍ය සේවා කොමිසම සහ වැටුප් කොමිසම් සභාව අනුමත කරපු ව්‍යවස්ථාව අපි ලබා දුන්නා. ඒක ලබා දුන්නයි කියලා, ඒ වගේම ඒක රාජ්‍ය සේවා කොමිෂන් අනුමත කළා කියලා මේ වෙද්දී ගැසට් පත්‍රය සැකසෙමින් ඉන්නවයි කියන එක අදාළ සංගම්වලට සහ අදාල ආයතනවලට සහ මේ දැනගත යුතු අයට මම විෂයභාර අමාත්‍යවරයා හැටියට දැනුවත් කිරීම මගේ වගකීමක් යුතුකමක් විදිහට මම දකිනවා. ඒ නිසා අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳව මම දැනුවත්වීමක් කළා. ඒ වගේම විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය තුළ තිබුණු එක තැනක ග්‍රාම නිලධාරී සංගම් ඉල්ලා සිටි සහ ඊට පෙර අනුමත කර කෙටුම්පත නොවෙයි රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙන්නේ කියලා.

ගරු කථානායකතුමනි පුංචි වෙලාවක් දෙන්න. 2020.02.06 වෙනිදත් මේ පිළිබඳව ග්‍රාම නිලධාරී සංගම් එක්ක කතා කරලා තියනවා. ඒ වගේම ඔවුන් හා අදාළ බලධාරීන් එක්ක 2020.10.23 ත් මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ඒ හා එකඟත්වය පළ කරමින් ඔවුන් එක්ක හදන ලද ව්‍යවස්ථා කෙටුම්පත 2021.06.01 වෙනිදා වැටුප් කොමිසමට යොමු කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි වැටුප් කොමිසම 2023.05.31 වෙනි දින විසුරුවා හරිනු ලබනවා.  ඒ අවස්ථාවේදීත් ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව පිළිබඳව යොමු කරන කොමිස් කෙටුම්පත වැටුප් කොමිසම කිසිදු නිර්දේශයක් නොදක්වා, අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යොමු කරලා තිබෙනවා, ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් වෙත. 2023.08.25 වන දින අධ්‍යක්ෂ ජෙනාරල් තුමා සහ අපේ අමාත්‍යංශය මේ පිළිබඳව කතා කරලා, ග්‍රාම නිලධාරී සංගම් එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවා. ඒ ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව වැටුප් කොමිසමත්, ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමත් එකඟත්වය පළ නොවෙන නිසා ඒ පිළිබඳව  කැබිනට් පත්‍රය අනුව ග්‍රාම නිලධාරී සේවය යනුවෙන් සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට යෝජනා ගන්නවා.

ඉතින් ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාගේත් අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව අවස්ථා ගණනාවකින් අනතුරුව 2023.10.23, 2023.11.30, 2023.12.20, 2024.01.05, 2024.02.09, 2024.05.13, 2024.05.15, 2024.05.22 අවසානයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙහි අවසාන ප්‍රතිඵලය ඉදිරිපත් කරන කෙටුම්පත 2024.06.06 වන දින අනුමත කරලා එවලා තියෙනවා. ඒ වගේම, මගේ අතේ තියෙනවා අර විපක්ෂ නායකතුමා කියපු මීට පෙර ඒ වෘත්තීය සංගම් යොමු කරයි කියන එක. ‍මම මේක ඊයේ ගෙන්න ගත්තා. පරිශීලනය කළා. විපක්ෂ නායකතුමනි, මේ තුළ කිසිදු රාජ්‍ය නිලධාරියෙක් මේකට අත්සන් කරලා නැහැ. මේකේ ඒ අය ඉල්ලපු එක ඒ කියන්නේ ග්‍රාම නිලධාරී සංගම් ඉල්ලලා ඒ අය හදලා, ඒක හිතලා ඒගොල්ලෝ හදලා කෙටුම්පතක් අපේ අමාත්‍යාංශයේ එවකට බාර දීලා තියෙනවා. එවකට විෂය භාර අමාත්‍යවරයා මම නෙමෙයි. ඒ භාර දුන්න එක කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ නිර්දේශයක්වත්, එකඟතාවයක්වත්, අත්සනක්වත් නැතුව සංගම් එවන එක යොමු කරලා තියෙනවා වැටුප් කොමිසමට. ඉතින් සංගම් එවන එක වැටුප් කොමිසමට යොමු කරාට ඒ කිසිදු විදිහකට එකඟතාවයකට එන්නේ නෑ. ඉතින් සංගම් එවපු එක වැටුප් කොමිසම ප්‍රතික්ෂේප කරලා කිසිදු නිර්දේශයක් ලබා නොදී නැවත ලබාදුන්නා.

චමල් රාජපක්ෂ මැතිතුමත් මේ පිළිබඳව අදහසක් පළ කරලා තියෙනවා. එතුමත් කියලා තියෙනවා ඒ හදන ලද, යවන ලද කෙටුම්පත ඒ නිලධාරීන් ලාච්චුවල තබාගෙන හිටියා කියලා. ඒ කාලසීමාව තුළ එහෙම වෙන්න ඇති. හැබැයි අපේ කාලසීමාව තුළ අපි කළේ ලාච්චුවල තිබුණු ඒ ලිපිගොනු ටික එළියට අරගෙන අද වෙද්දි ගරු කථානායකතුමනි ග්‍රාම නිලධාරී දීර්ඝ කාලයක් ඉල්ලා හිටපු ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ලබා දීලා තියෙනවා. එහි ගැටලු සහගත තත්වය ඔවුන් ඉල්ලන්ගේ MN2 වැටුප් තලය. ඒ වගේම පරිපාලන ග්‍රාම නිලධාරීන් ඉල්ලන්‍නේ SL1 කියන වැටුප් තලය SL1 කියන වැටුප් තලයට අධි ශ්‍රේණියේ අපි GN2 කියන වැටුප් තලය අපි අනුමත කරලා තියෙන්නේ. SL1 කියන්ගේ ප්‍රාදේශීය ලේකම්ගේ වැටුප් තලය. ඉතින් මේකේ එක සේවාවක ගරු කතානායකතුමනි විසඳන්න ගියොත් තව සේවා ගණනාවක් ගැටෙනවා, විපක්ෂනායකතුමනි. එතකොට ග්‍රාම සේවා නිලධාරීන්ගේ පරිපාලන නිලධාරී ඉල්ලනවා ප්‍රාදේශීය ලේකම්ගේ වැටුප් තලයේ පිහිටුවන්න කියලා. ඉතතින් ඒකට එකඟ වෙන්නේ නෑ. ඒ එකඟතාවය දෙන්නේ නෑත. ඒ නිසා ඔවුන්ට GN2 වැටුප් තලය නිර්දේශ වෙලා තියෙනවා. MN5 කියන එකට GN1 කියන වැටුප් තලය එකඟතාවය ලබා දීලා තියෙනවා.

හැබැයි මේකේ වැදගත් සහ වටිනා දෙයක් තියෙනවා. මේ ව්‍යවස්ථාව අපි සංශෝධනය කර හැකි ආකාරයකට තමයි ඕනෑම වෙලාවක මෙහි තියෙන යම් දේවල් ඉවත් කරන්න හෝ මේ ව්‍යවස්ථාවට ඒ ඒ කාලයන්වලදී යම් යම් එකඟතාවයන් ඇතුව ඇතුල් කිරීමක් කරන්න පුළුවන්. ඒක කවුරුහරි ඒ පිළිබඳව අවධානයකින්, අවබෝධයෙන් ඉන්නවා නම් යම් කාලයක ගරු කථානායකතුමනි ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම දීමනා පිළිබඳව දීමනා කිසි දෙයක් වැඩි කරල නෑ කියල සභාව දැනුවත් කරලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමාගේ දැන ගැනීමට මම මේ පිළිබඳව  දීමනා ලබා දෙන්න කොමිසමක් පත් කළා. මං ඒක 2024 අයවැය ‍ලේඛනයට ඉදිරිපත් කරන්න අගමැතිතුමාගේ උපදෙස් පරිදි, ජනාධිපතිතුමාගේ එකඟතාවය මත ඉදිරිපත් කළත්, එවකට හිටපු අමාත්‍යාංශ ලේකම්තුමා ‍අශෝක මහත්මයා ඒක ඒ හදපු නිර්දේශය මට ලබා දුන්නෙ නෑ. නමුත් ජනාධිපතිතුමත් එක්කත් කතා කරලා අගමැතිතුමත් එක්කත් කතා කරලා දීමනා කීපයක් වැඩි කරා. දීමනා දෙගුණයකින් වැඩි කරා කාර්යාල දීමනාව. එතුමා කියන එක හරි ඒවා වර්තමානයට නොගැලපුනත්, 200%කින් දීමනා වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා.

ඒ වුනාට යෝජනා කරලා තියෙනවා 2025 අයවැය ලේඛනයට එක ඉදිරිපත් කරන්න අමාත්‍යාංශයෙන් හදලා ඒ 2025 අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න දාලා තියෙනවා. ඉන්න අයට සම්මත කරන්න පුළුවන්. එකේ ඉතාමත් පැහැදිලි තියෙනවා, නිල ඇඳුම් සඳහා වාර්ෂිකව 15000කුත්, සන්නිවේදන දිමනා සඳහා 1500කුත්, ගමන් වියදම් සඳහා මෙතෙක් නොතිබුණු සාධනීය කාරණාවක් මම යෝජනා කරලා තියෙනවා. තෙල් ලීටර් 20ක් මේකට නිර්දේශ කරලා තියෙනවා කොමිසම. ඒ නිසා ග්‍රාම නිලධාරීන්ට 2025 ඔවුන්ට නිශ්චිත තෙල් දීමනාවක් ලබාදෙන්න, ඒ කියන්නේ තෙල් ලීටර් 20ක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඒ කියන්නේ යෝජනා කරලා තියෙනවා 2025ට දාලා අනුමත කරන්න පුළුවන්. වාර්ෂික ලිපි ද්‍රව්‍ය පිළිබඳව රුපියල් 3000ක්, 1500ට තිබුණ එක කාර්යාල දීමනාවත් දැන් මේ වෙද්දි ගෙවන්න කටයුතු කරලා තියෙනවා.

ඒ නිසා ගරු කතානායකතුමනි, මම සියඹලා ගෙනාවෙම නෑ ගානට දාලා කතා කරන්න හොද නෑ. මට විෂය භාර අමාත්‍යවරයා විදිහට මේ කාරණා පිළිබඳව මැදිහත් විය හැකි සාධනීයත්වයෙන් මම මැදිහත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් ඉල්ලන සියලු දේ දෙන්න ග්‍රාම නිලධාරීන්ව උසස් නිලධාරීන් සහ වැටුප් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම එකඟ නොවෙනවා නම් අපිට පුළුවන් වෙන්නේ ප්‍රතිපත්තිම තීන්දු අරගෙන අදාළ කමිටු දාලා කමිටු වාර්තා කඳවලා ඒ වාර්තාවල තියෙන නිර්දේශයන් ගෙනල්ලා අදාල ක්‍රියාත්මක කරන්න යොමු කරන්න විතරයි. ඉතින් පාර්ලිමේන්තුවේදී අපිට මේ අවස්ථාවේදී ග්‍රාම නිලධාරීන්ව දිනා ගැනීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා හැටියට මම මොකුත්ම කරේ නෑ කියලා ප්‍රකාශ කරනවා නම් ඒක මම කණගාටු වෙනවා. ඒ වගේම අමාරුම අවස්ථාවේ රජය සේවකයෝ බඳවා ගන්නේ නැති අවස්ථාවේ 1942ක් බදවගෙන තිබෙනවා. ගරු විපක්ෂ නායකතුමාගේ අවධානයට යොමු කරලා තිබෙනවා.

ඒ අයට මේ වෙනකොට මාසික පුහුණුව දෙන්න රුපියල් 3000ක දීමනාවක්. මමත් එකඟ වෙනවා ඔවුන්ට සම්පූර්ණ පඩිය දෙන්න පුළුවන් නම් මම එක යෝජනා කරලා තියෙනවා. නමුත් අමාරු සහ අසීරු අවස්ථාවක ඔවුන් රාජ්‍ය සේවයට ඇතුල් කරගන්න නිසා අපිට ඒ අදාල තැන්වලින් නිර්දේශ කරලා තියෙන්නෙ පුහුණු දීමනාවක් විදියට 3000ක් ලබා දෙන්න. ඒක මම එකඟ වෙනවා. ඒ රුපියල් 3000 දීමනාව මම ඊයෙත් කතා කරා පුලුවන්නම් ඒක වැඩි කරලා ඔවුන්ට මාසික වැටුප හෝ ඒ හා සමාන දීමනාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් කටයුතු කරනවා.

ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා, මේ පිළිබඳව ඩලස් අලහප්පෙරුම මැතිතුමා මට පෞද්ගලිකව කතා  කරා, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්  හැටියට. මම මේ පිළිබඳව මට උදව් කළා. එතුමා දිගින් දිගටම මාත් එක්ක මේ ව්‍යවස්ථා හදද්දී  එතුමාගේ දැනුම බෙදාහදාගත්තා. ඒ වගේම විපක්ෂයේ ගොඩක් ඇමති ඇමැතිවරු ජේ.සී. අලවතුවල  මැතිතුමා මාත් එක්ක කතා කරා. ඉතින් කතා කරල මේ හැම දෙනාගේම සහයෝගය අරගෙන වර්තමානයේ වෙද්දී ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව හදලා තියෙන වෙලාවක මේ සමහර අවස්ථාවලදී මේක වෘත්තිය සංගම් දිනාගන්න උත්සාහ කරනවා. සමහර අවස්ථාවල දේශපාලන කණ්ඩායම් දිනාගන්න උත්සහා කරනවා. ඉතින් ඒ තුළ නේනේ අපි කරගත්තු  දීර්ඝ කාලයක් කර ගන්න බැරිවෙලා තිබුණු විසඳගත්තු මේ ජයග්‍රහණය සමාජගත කරගන්න බැරිවෙනවා. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සියලු මැතිවත් මැතිවරුන්ට මේකට සහයෝගය ලබා දෙන්න. අපිට පුළුවන් මේක වෙනස් කරගන්න ඕන වෙලාවක. ස්තූතියි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress