ධම්ම කරුනු – පලමුවන කොටස-ස්කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා භවය සකස්වීම.
Posted on June 20th, 2024

තිස්ස ගුණතිලක

මේ සියඑම ක්‍රියා ආරම්භ වන්නේ ස්පර්ශයෙනි. භාහිර පවතින වස්තුන්වලින් නිකුත්වන අංශු තරංග අදාල පංචේන්ද්‍රිය හා ස්පර්ශවීමෙන් රූප හටගනී. භාහිර රූපය මත පතිතවන ආලෝක තරංග පරාවර්තනය වී අපේ ඇස හා ස්පර්ශවීමෙන් වර්ණ රූප හටගනියි. භාහිර ශබ්ද තරංග අපේ කන හා ස්පර්ශවීමෙන් ශබ්ද රූප හටගනියි. භාහිර ඇති රස තරංග අපේ දිව හා ස්පර්ශවීමෙන් රස රූප හටගනියි. භාහිර ඇති ගන්ධ තරංග අපේ නාසය හා ස්පර්ශවීමෙන් ඝාණ රූප හටගනියි. භාහිර ඇති සීතල, උනුසුම, තදගතිය ආදිය තරංග ලෙස පැමින අපේ ශරීරය හා ස්පර්ශවීමෙන් පොට්ඨබ්බ රූප හටගනියි. 

ඒසේනම් රූප ඇතිවීමේ ‘හේතුව’ මෙසේ පස් ආකාරයකින් වන ස්පර්ශයයි. බුදුන්වහන්‍සේ ‘රුපපංතිකො ආවුසෝ රූපං යයි පැවසුවේ මෙම සංසිද්ධියයි. 

ස්පර්ශය සංසිද්ධියක්වන අතර එමගින් හටගන්නා ක්‍රියාවලිය ‘ප්‍රසාදය’යි. ප්‍රසාදය සද්ධර්මය තුල හමුවන වැදගත්ම ක්‍රියාවලියකි. ප්‍රසාදය යන ක්‍රියාවලිය ස්කන්ධය හා පටිච්චසමුප්පාදය යන ක්‍රියාවලියන්ට මූලික වෙයි. එනම් ප්‍රසාදය මූලිකව ස්කන්ධයත්, ස්කන්ධය පසුපස පටිච්චසමුප්පාදයත් ඇතිවෙයි.

මව් කුසින් බිහිවන ලදරුවාට සිය පංචේන්ද්‍රිය හරහා ස්පර්ශය සිදුවෙයි. එම ලදරුවාගේ ස්පර්ශය නිසා (ඇස, කන, දිව, නාසය හා ශරීරය යන පංචේද්‍රියන් භාහිර රූප වන වර්ණ, ශබ්ද, රස, ගන්ධ, සීතල උනුසුම තද ගතිය ආදී පොටඨබ්බ රූප) සමග ස්පර්ශවීම නිසා ස්කන්ධ ක්‍රියාවලිය හටගනියි. ලදරුවාට ඇතිවන ස්කන්ධ ක්‍රියාවලිය සීමිත එකකි. එය රූප, වේදනා, සංඥා යන අවස්ථා තුනට පමක් සීමාවෙයි. ලදරුවාට පෙර මතකයක් නැති නිසා සංකාරය හා ඒ උපකාරයෙන් – පච්චයා, ඇතිවන විඤ්ඤාණ දැනුම ඇති නොවෙයි.

රූප වේදනා සංඥා වලට සීමාවන ලදරුවාගේ ස්කන්ධය ‘ප්‍රභාශ්වරයයි’. ලදරුවා මෙම ස්කන්ධ ස්වභාවය තුල භාහිරය විදියි. එනම් දිට්ඨ සුත මුත විඤ්ඤාත වෙයි. ලදරුවාට ඇතිවන දිට්ඨ – දැකීම, සුත – ඇසීම, මුත – රස, ගන්ධ, සීතල උනුසුම හා තද හා සුමට ගතිය දැනීම හා විඤ්ඤාත – විඳීම ස්කන්ධ මට්ටමේ – sensory level එකක්වන අතර එය රාගාදි කෙලෙස්වලින් නොකිලිටිවූ එකකි. ඒ නිසා ලදරුවාගේ ස්වභාවය “ප්‍රභාශ්වර’ යයි හඳුන්වමු.

මව සහ පියා එකතුවීමෙන් ස්වභාවික සංසිද්ධියක් වන ලදරු උපත සිඳුවෙයි. රූප වේදනා සංඥා යන සීමිත ස්කන්ධ ක්‍රියාවලියක් පමනක් සිඳුවන ලදරුවා තවමත් ස්වභාව ධර්මයට අයත් ප්‍රභාශ්වරය තුල ජීවත් වෙයි. 

note:  මවගේ ඩිම්බ ප්‍රබල ස්වභාවයක පවතීනම්  ඇතිවන ජීවය ස්ත්‍රියක් ලෙස බිහිවෙනවා. පුරුෂයාගේ දායකත්වය ප්‍රබල නම් ඇතිවන ජීවිය පුරුෂයකු ලෙසත් බිහිවෙනවා. කුමක් ප්‍රබලද යන්න තීරනයවන්නේ ස්වභාවධර්ම නියාමනයක් වන බීජ නියාමනයෙනුයි. මේ සියල්ලම ස්වභාවධර්ම ක්‍රියාවලියට අයත්ය.

මවගේ උනුසුම, මවගේ කටහඩ, කිරි රසය, සිතල උනුසුම තද ගතිය ක්‍රමයෙන් හඳුනාගන්නා ලදරුවා ක්‍රමයෙන් භාහිර ලෝකය හඳුනාගැනීමට පටන්ගෙන ‘මතක’ රැස් කරයි. තවද ලදරුවාට  රූප හා ශබ්ද හරහා ලෝකය පිලිබද තව තවත් දත්ත data රැස් වෙයි. ලදරුවා මෙම දත්ත හා මතකය හරහා සංකාර කිරීමට පටන්ගනියි. එනම් තමන් දත් කරුනු තමන් දන්නා පරිදි මනස තුල ගොඩනගයි – construct කරයි. සංකාර කරයි.

භාහිරයෙන් පැමිනෙන තරංගය ලදරුවාගේ අදාල පංචේන්ද්‍රිය හා ස්පර්ශවී ස්කන්ධ ක්‍රියාවලිය ආරම්භ වෙයි. ප්‍රසාදය සිඳුවෙයි. මුලින් රූප වේදනා සංඥා වලට පමනක් සීමාවී තිබූ ස්කන්ධය දැන් පෙර මතකය හා විමසීමකට (විතක්ක විචාර) ලක්වී ස්පර්ශයට විෂය වූ භාහිර රූපය පිලිබද මාන (characters) තමා දන්නා පරිදි  සකස්කරයි – සංකාරය. සංකාරය යනු භාහිර රූපයේ අනුරෑපය (ප්‍රතිබිම්භය) නොව එහි මාන (characters) පමනක් සිත තුල විද්‍යමාන (manifestation) වීමයි. එනම් අදාල භාහිර රූපයේ label එක, නාමය සකස්වීමයි.

මෙසේ සකස්වන භාහිර රූපයේ මාන (characters) එම රූපය පිලිබඳව සම්පූර්ණ දැනුම ඇතිවීමට ඉවහල්වෙයි. මෙය අදාල භාහිර රූපය පිලිබඳ විඤ්ඤාණ දැනුමයි. සංකාර උපකාරයෙන් – පච්චයා විඤ්ඤාණ යන සංසිද්ධිය මෙයයි. විඤ්ඤාණ දැනුමද නාමයකි.

භාහිරව පවතින රුපයේ ප්‍රතිරූපය (රූප සංඥාව) නිසා එම රූපයට අනුරූප නාමය (label – සංකාර) ද, ඒ නිසාම අදාල භාහිර රූපය පිලිබඳ පූර්ණ දැනුමද (විඤ්ඤාණය – විඤ්ඤාණ දැනුම) සකස් වෙයි. නාම රූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් සද්ධර්මය තුල හමුවන සංසිද්ධිය මෙයයි. 

එනම් සංකාර හා විඤ්ඤාණ දැනුම යන දෙකේම එකතුව අදාල භාහිර “රූපයේ’ අනුරූප ‘නාම’ යයි.

පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ආරම්භවන්නේ ස්කන්ධ ක්‍රියාවලිය තුල හමුවන සංකාර හා විඤ්ඤාණ (දැනුම) මූලිකවය.

තුන් ලෝකය

භාහිර රූපයට අනුරූප රූප සංඥාව එක තලයකත් (one layer) එම රූපයට අනුරූප නාම සංඥාව තවත් තලයකත් (another layer) පවතියි.  රූප සංඥාව පවතින තලය රූප ලෝකය ලෙසත් නාම සංඥාව පවතින තලය නාම ලෝකය ලෙසත් ගතහොත් එම තලයන් දෙකම සංකලනය වීමෙන් (fuse) හටගන්නා තලය ආශ්වාදය (හෝ ගැටීම – ද්වේශය) ඇතිකරන කාම ලෝකයයි.

රූප හා නාම සංඥා පවතින තල (ලෝක) දෙක සංකලනය (fuse) වී ඇතිවන කාම ලෝකයට ඉවහල්වන (දොර හරින) සංඥාව ‘නාමරූප’ ලෙස පටිච්චසමුප්පාදයේ හැදින්වෙයි. ‘විඤ්ඤාණ පච්චයා නාමරූප යන සංසිද්ධිය මෙයයි.

එකිනෙක දරා සිටින දරමිටි දෙකක උපමාව තුල පැහැදිලි වන්නේ ඉහත සඳහන් ‘නාම-රූප පච්චයා විඤ්ඤාණත්’ මෙහි සඳහන්වන ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ යන සංසිද්ධීන් දෙකයි.

බුදුන්වහන්සේ දේසනාකලේ තුන් ලෝකයම අරමුන නැතහොත් සිත තුල සකස්වන බවයි. 

නාමරූප උපකාරයෙන් සලායතන පහලවෙයි. නාමරූප පච්චයා සලායතන.

සලායතනවල ස්පර්ශයෙන් හා විඳීමෙන් උපාදානවන කාම ලෝකය භාහිරයේ පවතින්න ‘දෙයක්, යමක්, කෙනෙක්’ ලෙසත්, ඒ නිසාම භාහිරයේ පවතින්න ආශ්වාදජනක ලෙසත් (ආත්මීය ලෙස) සිතට දනවයි. ‘භවය’ සකස්වීම යනු මායාවක් වන මෙම ක්‍රියාවලියයි.

භාහිරයේ පවතිනවිට කිසිම ආශ්වාදයක් ඇතිනොකරන (අනාත්මීය) එහෙත් ස්පර්ශ,ස්කන්ධ හා පටිච්චසමුප්පාද ක්‍රියාවලියට භාජනයවීම නිසා ආශ්වාදයක් ඇතිකරවන ස්වභාවයකට පත්වන භාහිර රූපය, විඳිනා කෙනෙක් (මම) භවයසකස්වීම නිසා ඇතිවෙයි. ජාති හෙවත් ආත්මය නැමති මායාව ඇතිවීම යනු මෙම සංසිද්ධියයි. භව පච්චයා ජාති’.

ප්‍රසාදය නිසා ස්කන්ධයත් ඒ පසුපස සලායතනත්, සලායතනවල ස්පර්ශයෙන් භවයත් ජාතියත් හටගනීයි. ‘ඛන්‍ධානං (ස්කන්ධය) පාතුභාවො (manifestation) ආයතනානං පටිලාභො (acquisition), අයං (this) වුච‍්චතාවුසො (is called) ජාති (මම, ඉත්ථභාවය, අස්මිමානය, ආත්ම දෘශ්ඨිය, ආත්මය ඉපදීමයි) – සචිචවිභංග සූත්‍රය.

මම හෙවත් ජාතිය සම්භූත වීම නිසා ජාති පි, ජරා පි, ව්‍යධි පි, මරණ පි, සෝකපරිදේව දුක්ඛදෝමනස්ස ආදි උපායාසයන් ඇතිවෙයි. උපායාසයන් යනු දැඩි සිත්තැවුල් ඇතිකරවන චෛතසිකයෝය. එනම් දැඩි ආතතියක් ඇතිකරවන චෛතසිකයෝය. (Tribulations, despair). ජාති පච්චයා දුක්ඛ යනු මෙම සංසිද්ධියයි.

මෙසේ විපරිනාමයට භාජනය වන සංඥාව අවසන්වන්නේ අදාල භාහිර රූපය, භවය සකස්කරනා, මම හෙවත් ආත්මයක් ඇති, දුක් සහිත රූපයක් ලෙසයි. ස්පර්ශයේත් ස්කන්ධ හා පටිච්චසමුප්පාද ක්‍රියාවලියේත් අවසන් ප්‍රතිඵලය (end result) මෙයයි. 

මෙම ක්‍රියාවලිය භවය සකස්කරනා විඤ්ඤාණයයි නැතහොත් භවය සකස්කරනා දිවිපෙවතයි, අට පිලිවෙතයි, අනාර්ය අශ්ඨාංගික මාර්ගයයි.

මෙම භවය සකස්කරනා, ආත්මය හෙවත් මම ඇතිකරනා දුක් සහිත බව භාහිර රූපයට අදේශවී (update its character) ඒ අයුරින් මතකයේ තැන්පත්වෙයි. අනුශය තන්හාව යනු මෙම සංසිද්ධියයි. 

නැවත එම රූපය භාහිරව හමුවනවිට විතක්ක විචාර හරහා සංකාරවන්නේ ඉහත අයුරින් සකස්වී මතකයේ තැන්පත්වුන රූපයයි. එනම් භවය සකස්වී මම ඇතිවුන ආත්මීය රූපයයි. 

නැවත නැවත එම රූපය හමුවනවිට නැවත නැවත සකස් වන්නේ භවය සකස්කරනා දුක ඇතිකරනා ආත්මීය විඤ්ඤාණයයි. සත්වයා විශේෂයෙන් පෘතග්ජනයා දුක ඇතිකරනා සමුදය ස්කන්ධය තුල සිරවී සිටින්නේ මෙම හේතුව නිසයි.

මීලඟ ලිපියෙන් සත්වයා දුක ඇතිකරනා සමුදය ස්කන්ධ ස්වභාවයෙන් මිදෙනා අයුරු සාකච්ඡා කරමු.

තෙරුවන් සරණයි

තිස්ස ගුණතිලක

tgunite@tpg.com.au

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress