පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ?
Posted on June 24th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි මේ වන විට නීති සම්මත කරවාගෙන ඇත. එය පැහැදිලි කර ගැනීමට 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය හොඳින් අධ්‍යයනය කළ යුතුය.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය.

3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය.

එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත.

පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකි වන ලෙස 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වගන්තිය  දැක්වේ.

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබ‍ඳ පනතේ 15 වන වගන්තිය මෙසේය.

15. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට, මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතුය.

15. The provisions of this Act shall have effect notwithstanding anything to the contrary contained in any other written law, and accordingly, in the event of any
inconsistency between the provisions of this Act and such other law, the provisions of this Act shall prevail.

වෙනත් ලිඛිත නීතියක් යන්නට, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, සාක්ෂි ආඥා පනත, 1978 අංක 2අධිකරණ සංවිධාන පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් සියලු නීති අදහස් කරයි.

ඒ අනුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් යටපත් කර ඇත.

ඉහත කාරණා අනුව අදාලව
1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන අභිබවා යන ලෙස පාර්ලිමේන්තුව විසින් මේ වනවිට නීති පනවාගෙන ඇති හෙයින්, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තියෙන් යටපත් කර ඇති අතර, පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන් කරන අධිකරණයට අපහාසයන්ට අධිකරණවල නඩු පවරා අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දඬුවම් කළ හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයා මේ වන විට තමන්ද පාර්ලිමේන්තුව තුළ  භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේදී, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීමට යටත් තැනැත්තන් බවට පත්කරනු ලැබගෙන ඇත.

පාර්ලිමේන්තුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය නැවත බලාත්මක කර ගන්නේ කෙසේද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයාට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත ක්‍රියාත්මක වීම වැළැක්වීමට නීතියට අනුව කළ හැක්කේ එම පනතේ 15 වන වගන්තිය ඉවත් කිරීම හෝ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත බලනොපාන බවට නීති සංශෝධනයක් ගෙන ඒමය.

එය 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට හෝ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත සංශෝධනය කිරීමෙන් කළ හැකිය.

එතෙක්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කතානායකවරයාට එරෙහිව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය.

කියවන්න…

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද?

http://neethiyalk.blogspot.com/2024/06/blog-post_23.html?m=1

2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි…!

http://neethiyalk.blogspot.com/2024/06/2024-8-15.html?m=1

අධිකරණයකට අපහාස පනතේ 15 වන වගන්තියෙන් පාර්ලිමේන්තු බලතල පනත යටපත් වන හෙයින් පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට නඩු පවරා දඬුවම් කළ හැකිය…!

http://neethiyalk.blogspot.com/2024/06/15.html?m=1

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!

http://neethiyalk.blogspot.com/2024/03/blog-post.html?m=1

ඉහත කාරණා අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කරගත් මන්ත්‍රීවරුන් ඉන්නේ ලංකාවේ බව අධිකරණ අපහාස පනතේ 15 වගන්තිය කියා දෙන අතර පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කරවූ ක්‍රියාදාමයේ මහමොළකරුවන් කවුද යන්න විසඳීමට තවම කාලය නොවේ. ඒ යම් සංවිධානයක්ද හෝ නීති ක්ෂේත්‍රයේ ප්‍රභලයෙකුද හෝ කවරෙකුද යන්න විසඳිය යුතුය.

වර්තමාන අධිකරණ ඇමතිවරයා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.23)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress